"කොස්මල්ලි" නමින් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයෙකුගේ මස්සිනා බව කියන පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ ඝාතනය කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
Gang Member Executed in Dehiwala Shooting
A man identified as a member of the underworld, known by the alias "Kosmalli," was shot dead in Dehiwala this afternoon, October 7, according to police reports.
The victim, aged 46, was attacked while he was at home. Initial investigations revealed that a group of four individuals was involved in the fatal shooting.
The motive behind the murder remains unclear, prompting the Dehiwala police to launch a thorough investigation into the incident.
Authorities are also reviewing security camera footage from the area to apprehend the suspects responsible for this crime.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැක්ක ද වෙනස? රටේ මේ වෙනකොට මැරෙන්නෙ අපරාධ කාරයෝ විතරයි, ඉස්සර එහෙමද? ඉස්සර මැරුවෙ නිකම් මිනිස්සු. ඒකයි වෙනස. දුන්නු ඡන්දෙ ගැන ආඩම්බරයි.
ReplyDeleteමරණීය දණ්ඩනය නියම කොට එම නියමය පරිදි මරණය සිදු කොට හැක්කේ අධිකරණ නියෝගයකින් පමණ ය. එයට පිටින් කරන සියලු මනුෂ්‍ය ඝාතන නීතියෙන් බැහැර ය. එයට ගමේ භාෂාවෙන් කියන්නේ කැලෑ නීතිය කියා ය. පපතිරණ ගලප්පත්ති කියන" ඒකයි වෙනස දුන්න ඡන්දය ගැන ආඩම්බරයි" ඔව් නීතියට පිටින් කරන මිනී මැරීම අනුමත කරන එක " ඒකයි වෙනස දුන්න ඡන්දය ගැන ආඩම්බරයි" කිය කෑලෑ නීතිය ගැන හොඳට දන්න 1987 ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ නීතිය නැවත අනුමත වී ඇති හැඩයි. රාජ්‍යයේ වගකීම නොදන්න කැලෑ වැදී ඇති පිරිසකගේ පාලනයේ හැටි අනුමත කිරීම රටට ජනතාවට, ජනතාවගේ පරමාධිපත්‍යයයේ අයිතියට කරන ගැරහීම අතිශයින් බරපතලයි
Deleteආ මට කියන්ඩ අමතකවුනා,
Deleteකන්ටේනර් 323 හොරකම ගැන පොලීසියට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතියල මැරුව.
රංග දිසානායකගෙ මැරකම් හෙලිකරපු නන්දන ගුණතිලකගේ සුප් එකට වස දැම්ම.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 250 හේ හොරකම ගැන CIDයට පැමිණිලි කරපු රංග නිශාන්තගේ බලනහර කැපුව.
එයා බස් ගනුදෙනුවට මහින්දගෙයි, නාමල්ගෙයි නම් ගාවල බොරු සාක්කි දෙන්ඩ බැහැයි කියපු කපිල චන්ද්‍රසේනව එල්ලුව.
පාස්කු නාටකයට සලේ සම්බන්ධ නැතැයි සාක්කි දෙන්ඩ හිටපු විශ්‍රාමික පොලිස්පති සී.ඩී. ට වෙඩි තිබ්බ.
එච්චරයි අනික් ඔක්කොම මැරෙන්නෙ අපරාධ කාරයෝ විතරයි.
අපරාධකාරයෝ කොහෙද බං මැරෙන්නේ ? කන්ටේනර් 323 නිදහස් කරපු එකා යහතින්, පාස්පෝට් පන්නපු එකා යහතින්, බාල ගල් අගුරු ගෙන්නපු එකා යහතින්. උන් පට්ට අපරාධකාරයෝ.
Deleteයකෝ කපිල චන්ද්‍රසේන ව එල්ලුව? කපිල ගෙ පවුල ඩොලර් මිලියන 1.7ක් පගාව ගැහුවා කියල යුරෝපා අධිකරණ වලින් ඔප්පු වෙලා ඉවරයි, ඒ මුදලෙන් ඩොලර් ලක්ෂ 800ක් නිමල් පෙරේරා ට දුන්නා කියලා ඔප්පු වෙලත් ඉවරයි. කපිල චන්ද්‍රසේනව අත් අඩංගුවට ගත්තෙ, නඩු දැම්මෙ ගෝඨා ගෙ ආණ්ඩුවෙන්. ඒ කපිලට ඇප ලැබුණම ඌ එල්ලුණා, ලෝකෙ තියෙන සරල වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වලින් කියන්ඩ පුළුවන් එල්ලිලා මැරුණ ද, මරල එල්ලුව ද කියල, කපිල මලේ එල්ලිලා. ඒත් කෙනෙකුට කියන්ඩ පුළුවන් එල්ලුවෙ බලෙන් කියල, ඒත් එහෙම වුණා නම් පොර බැදපු සලකුණු තියෙන්ඩ ඕනෑ, කිසි කෙනෙක් නිකම් හිටගෙන ඉන් නෑ හා මාව එල්ලලා පලයන් කියලා, ඒ නිසා විවෘත්ත තීන්දුවක් ලැබුණත්, ඒ මරණය සිය දිවි නසා ගැනීමක් බව පැහැදිලියි.
Deleteසී.ඩී. වික්‍රමරත්න වෙඩි තියා ගත්තා. තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයගේ පිස්තෝලය ඉල්ලගෙන ගිහින් වෙඩි තියා ගත්තේ.
ඩෑන් ප්‍රියසාද් ට වෙඩි තිබ්බේ පාතාලෙන්, ඩෑන් උක්කු බබෙක් නෙවේ, උමංදාවට විරුද්ධව මහනායක හාමුදුරුවන්ට පැමිණිලි කරන්ඩ ගිහින්, උන්වහන්සේලා බැහැ දකින්ඩ අවස්ථාවක් නොලැබුණාම අමු කුණු හරපෙන් මහනුවර මාළිගාව ඉස්සරහට ඇවිත් නායක හාමුදුරුවන්ට බැන්නා. සමන්ත්‍රභද්‍ර උන්නාන්සෙට හොර රහතා කියලා අපහාස කලා, වෙඩි තිබ්බෙ ඒකට නෙවෙයි, වෙඩි තිබ්බේ ඩෑන් කුඩු විකුණලා සල්ලි දෙන්ඩ පරක්කු කරපු නිසා. හැබැයි තිබ්බ වෙඩිල්ල වැදුනේ ඌ එක් රැස් කරපු පවු නිසා.
අනික් දේවල් ගැන ලියලා ඵලක් නෑ. කන්ටේනර් 323 විපක්ෂේ හදපු නිකම් ඝෝෂාවක් විතරයි. මීට කලිනුත් ඕනෑ තරම් තදබද අවස්ථා වල කන්ටේනර් පරීක්ෂා නොකර පිට කරණවා. රතු ලේබල් කන්ටේනර් වුණත් 100%ක් පරීක්ෂා කරන් නෑ. කොළ ලේබල් 5%ක්, කහ ලේබල් 10%ක්, සහ රතු ලේබල් 25%ක් පමණයි ඔය ලේබල් ක්‍රමය ආපු දා ඉඳන් පරීක්ෂා කලේ, ඒ නිසා නිකම් විපක්ෂේ ගොන් කථා වලට අහු වෙන්ඩ එපා.
මහ මග වෙඩි තියන එක වැරදියි. උසාවියෙන් තමයි නියෝග ලැබෙන්ඩ ඕනෑ. නමුත් මහ මග වෙඩි තියලා අපරාධකාරයෝ විතරක් මැරෙන එක, මහ මඟ වෙඩි තියලා අපරාධකාරයෝ එක්කම සාමාන්‍ය මිනිස්සුත් මැරෙන එකට සාපේක්ෂව, නරකින් අඩුයි.. ඒ නිසා මේ ආණ්ඩුව හොඳයි (නැත්නම්, නරකින් අඩුයි, පහුගිය සේරම ආණ්ඩු වලට වඩා).
කන්ටේනර් 323 විපක්ෂේ හදපු නිකම් ඝෝෂාවක් විතරයිනම් ඒ හොරකම වෙච්චගමන් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වල
Deleteඒ ගැන හෙලිදරව් කරපු රේගු නිලධාරීන්ගේ සංගමයේ නිලධාරි මහතාට විරුද්ධව පැමිණිල්ලක් දාපන්කො. එතුමා ඔය
යස අගේට තවමත් වැඩකරන්නෙ.
කන්ටේනර් 323ක් පරීක්ෂා නොකර නිදහස් කලා කියන එන අසත්‍යයක් නෙවේ, නමුත් එසේ කිරීම සාමාන්‍ය දෙයක්. හැමදාමත් තදබදයක් ආපුවාම ඒ විදියට නිදහස් කරණවා, ඒක තමයි කමෙන්ට් එකේ පැහැදිලිව ලියලා තියෙන්නේ.
Deleteප්‍රශ්ණය වෙන්නේ ඒ විදියට ප්‍රකාශ කලාම දේශපාලනිකව අඬන්න බලාගෙන ඉන්න අයගේ ඇස් වලට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. කියන්ඩ දෙයක් ලැබුනා, හප හපා ඉන්ඩ දෙයක් ලැබුණා, නමුත් තාක්ෂණික කරුණු පිළිඹඳ නොදැනුවන් බව තියෙන්නේ ඒ අයගේ.
කන්ටේනර් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම සාමාන්‍ය දෙයක්නම් ඒ සාමාන්‍ය දේ ගැන මාධ්‍ය සාකච්ඡා තියල රටට එලිකරන්ඩ ඒ රේගු නිලධාරීන්ගේ සංගමයේ නිලධාරි මහතාට පශ්චාත්භාගයේ අසනීපයක් තිබිලද?
Deleteනෑ, අසනීපයක් තිබ්බ නම් බෙහෙත් ගන්ඩ එපායෑ, මාධ්‍ය සාකච්ඡා තිබ්බට පස්සේ අමාරු හොඳ වෙන් නෑ නේ. හොඳ ගාණක් හම්බ වෙන්ඩ ඇති විපක්ෂ දේසපාලුවෙක් ගෙන්, වෙන හේතු වෙන්ඩ බෑ.
Deleteදැන් ඉතින් උඹලගෙ ආණ්ඩුවනෙ තියෙන්නෙ, කොටාට කියපන්කො කවුද ඒ රේගු නිලධාරීන්ගේ සංගමයේ නිලධාරි මහතාට හොඳ ගානක් දුන්නෙ සහ හොඳගාන කීයද කියල කියල හොයල බලන්ඩ කියල.. දාපන්කො අල්ලස් කොමිසමටත් පැමිණිල්ලක්.
Deleteසැකකරුවන් හොයන්න අත්අඩංගුවට ගන්න දෙයක් නැහැ...ඕක කෙරුවේ පොල්.....හික්ස් අපි නොදන්නා බනානා ලන්තේ
ReplyDeleteමරණිය දණ්ඩනය දෙන්වා නඩු හබ අවසානයේදී...ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ...හැබයි නඩුවලින් පිටදී මරණ දණ්ඩනය ලබා දෙනවා ක්‍රම කිහිපයකට. ඒ හැම ක්රම්යකදිම සැකකරු විසින්ම තමාගේ මරණය සිදු කරගැනීම ඇති විශේෂ ලක්ෂණයක්. පොලිසිය මෙම සිදුවීම් සියල්ල රපොර්තු කිරීම පමණයි කරන්නේ.
ReplyDeleteඋදාහරන:
1. පොලිසිය ආයුද පෙන්නන්න එක්ක යනවා...ගංගා ඇල දොල තරණය කරලා...ඒ යනකොට සැකකරුවන් ජලයට වැටිලා පීනන්න බැරුව දියේ ගිලි අවසන් ගමන් යනවා...
2. එහෙම තිනම් ආයුද පෙන්නන්න ගිහිල්ල එතන තිබුන ආයුදයක් අරගෙන පොලිසියට ප්‍රහාරයක් එල්ල කරලා පොලිසිය පෙරලා ප්රතිප්රහරක් එල්ල කරලා සැකකරු ඉස්පිරිතාලෙට ඇතුල් කරට පස්සේ ජිවිතක්ෂයට පත් වෙනවා...
3. සැකකරුව පොලිසුය ඇතුලෙදි අබිරහස් ලෙස එල්ලිලා මැරෙනවා
4. සැකකරුව හිර ගෙදර සිට බන්දනාගාර බස් රථයෙන් උසාවියට ගෙනයද්දී මග රක සිටි ප්‍රතිවිරුද්ද පාතාල කණ්ඩායමක් (හැක හැක) විසින් ප්‍රහාරක් එල්ල කොට සැකකරු මර දමනවා.
5. සැකකරු පොලිස්යේ සිට මහේස්තත් උසාවියට ගෙනයමින් සිටියදී පොලිස් ජීප් රියෙන් පන පල යාමට තත් කිරීමේදී හිස් පොළොවේ හෝ අසල තිබුන ගසක හෝ කණුවක හෝ පාලමක වටක වැඩි ජිවිතක්ෂයට පත් වෙනවා.
6. සැකරුවන් හතරවෙන් තට්ටුවෙන් පහලට පැන පලායාමට තකිරිමේදී බිමට වැටී එතනම මරණයට පත් වෙනවා.
7. සැකකරුව පොලිසුයෙන් ලුහු බදිද්දී එයට බියවී පන ගොස් කාලයේදී ගසක එල්ලී සිට ජීවිතය නිරුද්දවූ ශරීර සොයා ගැනෙනවා
8. සමහර අවස්ථාවලදී සැකකරු අබිරහස් ලෙස පරණය නිරුද්දවී ගගේ පාවෙලා එනවා මිනිස්සු දැකල පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව සිරුර ගොඩගෙන ප්‍රකශන කරනවා
9. පෙළක් වෙලාවට සැකකරු විසින්ම තමන්ගේ ඇත පය වෙන් වෙන්නම කපගෙනෙ මැරිලා වැටී සිට සිරුර හමු වෙනවා.
10. අනෙකුත් අවසතවලදී පොලිසියෙන් බේරීමට දුව යද්දී ආදී 50-70ක ප්‍රපාතයකින් වැටී ජිවිතක්ෂයට පත්වී සිරුර සොයා ගැනෙනවා
11. මෙන්න තව ක්‍රමයක්...බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට මාරු කළ අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.
12. බන්ධනාගාර පරිපාලනය පවසන්නේ බූස්ස සහ අඟුණකොළපැලැස්ස වෙත යැවූ රැඳවියන් දෙදෙනා හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කළ රැඳවියා සියදිවි හානිකරගෙන ඇති බවත්ය.
13. සම-හරක් පොලිසියට කටඋත්තර දීල පස්ස දවසක වෙඩි තියාගෙන දිවිහානි කරගන්නවා.
14. මළ සිරුරක් ගාල්ල, කරාපිටිය, මාඉටිපේ ප්‍රදේශයෙන් හමුවී ඇත. පොලිසිය පවසන්නේ නිවසක නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි.
15. ගෙදර පත්තරයක් බලල ටීවී එක බලමින් සිටින කොට නාදුනන්න කිහිප දෙනෙක් කදවදිල මරල යනවා
සැකකරුව හොයන්න මෙහෙයුම කරනවා කියල පොලිසියෙන් පත්තරේ දානවා කවදාවත් හොයන්නේ නැහැ. අයි ඉතින් උන්ගේම....නැහැ ඕනේ නැහැ ඉතුරු ටික හිතගනිල්ලකෝ
ReplyDelete