තමන් "කොටියා" යන වචනය භාවිත කළේ සත්වයෙකු හැඳින්වීමට පමණක් බවත්, තමන්ව කොටියෙකු ලෙස හඳුන්වා දීම වරදක් ලෙස නොසලකන බවත් පවසන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා, තමන් කිසිදු අවස්ථාවක කොටි ඩයස්පෝරාවක් පිළිබඳ ප්‍රකාශ නොකළ බවට අවධාරණය කරයි.
තමන් කළ ප්‍රකාශය ඔස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය පළ කළ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, යමෙකු තමන්ගෙන් කොටියෙකු දැයි විමසුවහොත් එය පිළිගන්නා බවත්, තමන් වඩාත්ම ප්‍රිය කරන සත්වයා කොටියා බවත්ය.
ඇතැමුන් අලින්ට හෝ සර්පයන්ට ප්‍රිය කරන සේම තමන් කොටියාට ප්‍රිය කරන බවත්, සිංහල ජනතාව තමන්ව සිංහයන් ලෙස හඳුන්වා ගන්නා සේම එය සාමාන්‍ය කරුණක් බවත් පවසන ඒ මහතා, තම ජංගම දුරකථනයේ පසුබිම් ඡායාරූපය ලෙස පවතින්නේද කොටියෙකුගේ රුවක් බව සඳහන් කළේය.
තමන් සඳහන් කළේ ඩයස්පෝරාව පිළිබඳව පමණක් බවත්, ඊට විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් මෙන්ම සිංහල ජනතාවද ඇතුළත් වන බවත් පැහැදිලි කළ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාට සමහර විට ඉංග්‍රීසි භාෂාව නිසි පරිදි තේරුම් ගැනීමට නොහැකි වන්නට ඇතැයිද පැවසීය.
රට යළි ගොඩනැගීමේ වැඩසටහන සඳහා එම විදෙස්ගත ප්‍රජාවගෙන් මෙරටට අරමුදල් ලැබී ඇති පසුබිමක, ආණ්ඩුව ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව රවටන බව තමන් පෙන්වා දුන් බව හෙතෙම කියා සිටියේය.
තමන් කිසිසේත්ම යළි අවි අතට ගැනීමට හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නොමැති බව අවධාරණය කළ අර්චුනා මහතා, වසර ගණනාවක් පුරා වෛද්‍යවරයකු ලෙස කළුබෝවිල සහ පේරාදෙණිය ඇතුළු රෝහල්වල සේවය කරමින් සිංහල රෝගීන්ට ප්‍රතිකාර කළ බවත්, එවැනි අයෙකුට එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු විය නොහැකි බවත් පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට තමන් කිසිසේත්ම බිය නොවන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නේ නම්, තමන් පසුපස හඹා ඒමෙන් තොරව WhatsApp හරහා Location ලබා දෙන්නේ නම් සෙරෙප්පු සහ කොට කලිසමක් පැළඳගෙන හෝ එහි යාමට සූදානම් බව කියා සිටියේය.
සුළු පුද්ගලයන් සහ සුළු සිදුවීම් පසුපස හඹා නොගොස්, මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වැනි මහ පරිමාණ ගණයේ සිදුවීම්වලට අදාළ සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේය.
මීට පෙර මෙම ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියද, වත්මන් තත්ත්වය හමුවේ එලෙස ඉල්ලා සිටීම පිළිබඳව තමන් දැඩි ලෙස කලකිරීමට සහ ලැජ්ජාවට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Yaapanam MP Addresses Controversy Over "Tiger" Remarks
In a statement aimed at clarifying recent misunderstandings, Yaapanam District Parliament Member Dr. Ramnadan Archuna has asserted that his use of the term "Tiger" was solely in reference to an animal, asserting that he does not consider identifying himself as a tiger to be an offense. He emphasized that he has never made any comments regarding the LTTE diaspora.
Firmly rejecting allegations of supporting the LTTE organization through his remarks, the MP remarked that if someone were to inquire whether he identifies with the tiger, he would gladly accept such a description. He further noted that among his most beloved animals is indeed the tiger, suggesting it's natural for people to express affection for certain creatures, whether it be tigers, monkeys, or snakes, similar to how the Sinhala people refer to themselves as lions.
Archuna mentioned that his mobile phone background image features a tiger, reflecting his admiration for the species. He clarified that his comments referred solely to the diaspora, which includes Sri Lankan Tamils, Muslims, and Sinhalese living abroad, adding that sometimes the President might not fully grasp the nuances of the English language.
In light of the financial support received from the expatriate community for national reconstruction efforts, he criticized the government for allegedly exploiting these funds to oppress the people.
Stressing that he has absolutely no intention of taking up arms again or associating with the LTTE, Archuna pointed to his long-standing career as a medical practitioner at hospitals in Kalubowila and Peradeniya, emphasizing that someone like him cannot be labeled as an LTTE sympathizer.
He confidently stated that he harbors no fear of being interrogated or arrested under the Prevention of Terrorism Act, offering to provide his location via WhatsApp if notified to appear before the Terrorism Investigation Division, even indicating his readiness to attend in traditional attire.
Rather than pursuing minor individuals or trivial incidents, he appealed to President Anura Kumara Dissanayake to ensure that the law addresses substantial cases involving major figures such as former Central Bank Governor Arjuna Mahendran, who is implicated in bond scams.
Archuna also expressed deep concern and embarrassment regarding the current circumstances, having previously called on the public to support the government that is now in power.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙතන අපි ලොකු වැරැද්දක් කරගන්නවා.
ReplyDeleteකොටියා කියන්නේ පුල්ලි තියන එකා. ලංකාවේ කොටි ලංකාවට ආවේනික වෙලා ඉන්නේ. උගේ විද්‍යාත්මක නමත් 'පැන්තෙරා කොටියා'.
නමුත් LTTE කාරයෝ කියන්නේ උන් ව්‍යාඝ්‍රයෝ කියල. උන්ගේ සතා වෙන්නේ ඉන්දියාවේ ඉන්න ඉරි තියන ව්‍යාඝ්‍රයා. LTTE කාරයන්ට කොටි කියන්න හොඳ නෑ.
ඒක හරි. ඔය මහත්මයා නියමෙට දන්නව කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන ආකාරය.
Deleteආඩම්බර වෙන්න ඕන ඔබගෙ මවු දෙමවුපියො ඒ ගැන
අර්චුනා අනුරට වඩා සිංහල ජාතියට, බුදු දහමට ආදරය කරන්නෙක්..සිංහල ජනතාවත් කිසිදු භේදයකින් තොරව අර්චුනාට ආදරෙයි
ReplyDeleteඅනුරයා සිංහල බෞද්ධයාට වෛරකරන එකෙක්.
Deleteඔව්, අප්පච්චි වගේ බුදු සාදුගේ දුරින් නෑයොත් වෙනව කියන්නෙ අර්චුනා මහත්මයා
Deleteමොක උනත් ඉතිං නෝමල්ට චන්දයක් නං දෙන්නෙ නෑ අපි.
ReplyDeleteඅර ජපන් කතා කරන පුතා තමයි ඉතිං අපිට තියේන එකම විකල්පෙ
තම්බිල විතරයි ලැවරිය දාසගෙ පුතානෝට ඡන්දෙ දෙන්නෙ.
Deleteහරියට කියන්න තම්බි උදව් කරන්නේ අනුරටද ජපන් කතා කරන පුතාටද?
Deleteමොනා වුනත් ඉතින් නෝමල්ට සිංහල උනුත් නෑ දෙමළ උනුත් නෑ තම්බිත් නෑ 🤣
මම නාමල්ට දෙන්නේ. හිරේහිටියත් නාමල්ට. මොකද උට සල්ලි දුන්න කියන එකා එලියේ. දුන්න තැනක්, ගිනුමක්, සල්ලි ගත්ත තැනක් නෑ. ඇතිතටම ගල්කිස්සේ උසාවියේදී ජෙප්පන්ට (වසන්ත,රංජන්,මහින්ද) නීතිය නමපු පසන් නාමල්ට නීතිය කෙලින්කරනවා වගේ හිතෙන්නේ මට විතරද? නැත්නම් නඩු කාරයන් මේ තරම් .........?
ReplyDeleteඅදත් ඇප නෑ හැබැයි
Deleteබයියොන්ට මොළේ නෑ කියන එක ඉතින් අහන්න දෙයක් නෑ. 🤣 මේ කමෙන්ට් එක කියෙව්වාම ඇති.
Deleteමං හිතන්නේ ලංකාවේ ඉන්න නූගත්ම එවුන් තමයි බයියො කියන්නෙ 🤣🤣🤣
මෝඩයෝ! ඒ පුද්ගලයා සිංහලයන් විසින් නායකත්වය දරන කිසිදු දේශපාලන පක්ෂයක් ගැන විශ්වාසයක් නැති අයෙකි. ඔහු උත්සාහ කරන්නේ සිංහල ප්‍රජාව තුළ බෙදීම් සහ අමනාපකම් ඇති කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියා නම්, මේ පුද්ගලයාට කිසිසේත්ම ඔහු ළඟටවත් පැමිණීමට ඉඩ නොදෙනු ඇත.
ReplyDelete