ටින් මාළු මිල වැඩි කරන්න කියයි..


 ටින් මාළු නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නා ලින්නා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, දේශීය ටින් මාළු මිල ගණන් සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමයේ ලේකම් ආචාර්ය කපිල බාලසූරිය මහතා සඳහන් කරන්නේ මීට පෙර රුපියල් 450ක්ව පැවති ලින්නා මාළු කිලෝවක මිල මේ වන විට රුපියල් 700 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ දේශීය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් මිල සංශෝධනයක් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව, නිෂ්පාදකයන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති නව මිල ගණන් මෙසේය.

  •       ග්‍රෑම් 155 සැමන් ටින් එකක මිල රුපියල් 220 සිට 260 දක්වා.
  •       ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 510 සිට 600 දක්වා.
  •       ජැක් මැකරල් ටින් එකක මිල රුපියල් 600 සිට 660 දක්වා.
  •       මැකරල් ටින් එකක මිල රුපියල් 480 සිට 560 දක්වා.
  •       ටූනා සැමන් ටින් එකක මිල රුපියල් 380 සිට 510 දක්වා.

කෙසේ වෙතත්, නිෂ්පාදකයන් විසින් ඉදිරිපත් කරන ලද මෙම මිල ඉහළ දැමීමේ ඉල්ලීමට පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට දෛනික ටින් මාළු පරිභෝජනය ටින් 250,000ත් 350,000ත් අතර ප්‍රමාණයක් වන අතර, දේශීය කර්මාන්තශාලා මගින් දිනකට ටින් 600,000ක් පමණ නිෂ්පාදනය කෙරේ.

දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි නිෂ්පාදනයක් මෙරට තුළම සිදුවන බැවින් මේ වන විට සැමන් ආනයනය කිරීම ද නතර කර ඇති බව වාර්තා වේ.





Sri Lanka's Tuna Producers Seek Price Adjustments Amid Rising Costs

With the price of the key raw material for tin fish production soaring, the Association of Sri Lankan Tuna Producers has petitioned the government to authorize a revision of local tin fish prices.

Dr. Kapila Balasuriya, the secretary of the association, revealed that the previous cost of Rs. 450 per kilogram for the key ingredient has surged to Rs. 700.

This increase in costs necessitates an adjustment in pricing for local products, according to him.

The proposed new price ranges from the producers’ association are as follows:

  • Rs. 220 to 260 for a 155g tin of Sami Tuna.
  • Rs. 510 to 600 for a 425g tin of Sami Tuna.
  • Rs. 600 to 660 for a tin of Jack Mackerel.
  • Rs. 480 to 560 for a tin of Mackerel.
  • Rs. 380 to 510 for a tin of Tuna.

However, Dr. Balasuriya emphasized that the Consumer Affairs Authority has yet to approve these proposed price increases submitted by producers.

The daily consumption of tin fish in Sri Lanka ranges between 250,000 and 350,000 tins, while local factories produce approximately 600,000 tins each day.

Reports indicate that imports of Sami Tuna have been halted due to production exceeding domestic demand.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. දේශීය කිව්වොත් සාක්කුවට විදින එක තමයි කරන්නේ. සමහර ගොබ්බයො කියනව රටේ දේශීය නිෂ්පාදකයට වැඩිපුර සල්ලි දුන්නාට නමක් නැහැලු. දේශීය දුන්නත් විදේශීය දුන්නත් අපේ සාක්කුවට විදින එක තමයි කරන්නේ.අනෙක් කාරණය ලංකාව වටේම මුහුද තිබිලා හොද මාලු පිටරට එවුන්ට කවල අපේ රටේ මිනිස්සුන්ට ලින්න තමයි කන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොද මලුය් නරක මලුය් කියල දෙකක් නැහැ

      මෙයට රෙන ගලප්පත්ති

      Delete
    2. දැන් සැපය්නේ ලින්න මලු කමු

      Delete
Previous Post Next Post