කතානායකට ඇති චෝදනා ගැන පියවර ගැනීමට තාක්ෂණික මාර්ගෝපදේශ කැදෙවුවා...- පුද්ගලික ලේකම්


කතානායකවරයාට එල්ල වී ඇති විරෝධතා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් මණ්ඩලයෙන් තාක්ෂණික මාර්ගෝපදේශ සහ විධිමත් වාර්තාවක් කැඳවා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

කතානායකවරයාට එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් බීබීසී වෙත ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට දැනුම් දී ඇති බවයි.

අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත්, කතානායකවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පෞද්ගලික ලේකම්වරයා පෙන්වා දී ඇත.

ඒ අනුව ඉදිරි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ලේකම් මණ්ඩලය ලබා දෙන තාක්ෂණික මාර්ගෝපදේශ හා නිර්දේශ මත පදනම්ව බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව බීබීසී සේවය කළ විමසීමකදී පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය සඳහන් කර ඇත්තේ, කතානායකවරයා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමු කර ඇති බවයි.

මෙම කරුණ ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව ඇති හෙයින්, අදාළ කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලේකම් මණ්ඩලයේ නිර්දේශ ඉදිරියේදී කතානායකවරයා වෙත භාර දීමට කටයුතු කරන බවද ඇය සඳහන් කර ඇත.





Parliament Secretariats to Prepare Report on Protests Against Speaker

The Parliament Secretariat is set to compile a structured report and technical recommendations in light of the recent protests targeting the Speaker of Parliament, as detailed by the BBC News Service.

Chameera Gallage, the Speaker's private secretary, clarified the situation to the BBC, revealing that the Speaker has requested the Secretariat to prepare a report regarding the matter.

He noted that no report has yet been submitted, and emphasized that the Speaker has not made any final decisions on the issue so far.

All forthcoming actions will rely on the technical guidance and recommendations provided by the Secretariat, according to Gallage's statements.

In response to an inquiry from the BBC, Kusumani Rohandheera, the Parliament Secretary General, confirmed that they are currently focused on addressing the Speaker's request.

She added that a thorough examination of the matter is necessary, and once the related points are analyzed, the recommendations from the Secretariat will be forwarded to the Speaker in due course.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. තමුන්ගෙ නඩු තමුන්ම අහන, තමුන්ගෙ චොදනා තමුන්ම විමර්ශණය කරන කැකිලිලෙ ආණ්ඩුවක්.

    ReplyDelete
  2. බිබිසී නිවුස් මාර ස්මාට්. සමීරයගෙන් අහන්නේ උඹ පාර්ලිමේන්තු කටානයක කාර්යාලයෙ කටට ගත්තද නැද්ද කියලා. උඹලා මොනවා කිව්වත් ඒක තමයි තිත්ත ඇත්ත.

    ReplyDelete
  3. ගල් කේස් එකද ? හොර වියදම් කේස් එකද ?

    ReplyDelete
  4. ලොලිපොප්

    ReplyDelete
  5. අවුරුදු දෙකයි කතානායකලා දෙකයි. එකෙක් හොර උපාධි, අනිකා කාර්යාලය ඇතුලේ කොලු සීන්. හරි ආඩම්බරයි මල් පැල ගැන 🤦‍♂️

    ReplyDelete
  6. පංකාදු පොටෝ දෙක😂 දීපු එකය් ගත්ත එකයි ගැන හිතා ගන්න බැරුව හිටිය අයට නියම පැහැදිලි කිරීමක්…. මොනා උනත් කාමරේ ඇතුලෙ දන ගස්සපු එකනම් වැරදියි සමීර😂😂😂

    ReplyDelete
Previous Post Next Post