යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක පහට අයත් වෙහෙරගල ප්‍රදේශයේදී, ගිනි අවියක් අතැතිව මුවෙකු දඩයම් කිරීම සඳහා හඹායන පුද්ගලයෙකුගේ දර්ශන පෙළක් සංචාරක මඟපෙන්වන්නෙකුගේ කැමරාවක සටහන් වී තිබේ.
සිද්ධිය පිළිබඳව විස්තර කරන අදාළ සංචාරක මඟපෙන්වන්නා පවසන්නේ, තමන් සංචාරකයින් පිරිසක් සමඟ වෙහෙරගල ප්‍රදේශයේ රැඳී සිටියදී මෙම පුද්ගලයා තුවක්කුවක් ද රැගෙන මුවෙකු පසුපස හඹා ආ බවයි.
වහාම ක්‍රියාත්මක වූ ඔහු එම දර්ශන වීඩියෝ කර වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් වනජීවී සහකාර අධ්යක්ෂවරයාට සහ කලාප කාර්යාලයේ උසස් නිලධාරීන්ට යොමු කර ඇත.
එහෙත් ඒ පිළිබඳව නිලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් තමන් මෙම තොරතුරු මාධ්‍යයට අනාවරණය කිරීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වාර්තා වන පරිදි, මෙම දර්ශනවල සිටින සැකකරු මීට පෙර අවස්ථා තුනකදී දඩමස් සහ ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි.
තිස්සමහාරාම අධිකරණය මගින් ඔහුට රුපියල් 1,50,000ක දඩයක් සහ වසර පහක අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබියදීත්, ඔහු යළිත් මෙම ජාවාරමේ නිරත වීම විශේෂත්වයකි.
මේ පිළිබඳව වනජීවී උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ කලාපය හෙක්ටයාර 72,000ක් (අක්කර 72,000ක් ලෙසද සඳහන් වේ) පමණ විශාල වුවද, එය ආවරණය කිරීම සඳහා යොදවා ඇත්තේ නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවයි.
මෙම දැඩි නිලධාරී හිඟය හේතුවෙන් දඩයම්කරුවන් අත්අඩංගුවට ගැනීම අතිශය දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ප්‍රදේශයේ දඩමස් කිලෝවක් රුපියල් 3,000ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බැවින්, දඩයම්කරුවන් විශාල පිරිසක් මෙම ජාවාරමට පෙළඹී සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවතින බාධා හේතුවෙන් වන සතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.
Risks Rise as Poaching Continues in Yala National Park Despite Wildlife Authority Challenges
A shocking video captured by a tourist guide reveals a poacher with a firearm stalking a wild animal in the Weheragala area of Yala National Park’s Sector Five. The footage has raised serious concerns about wildlife protection in the region.
The guide described how the poacher, armed with a shotgun, was seen following the animal while tourists were present. Upon witnessing the incident, he immediately recorded the activity and shared the video via WhatsApp with the Deputy Director of Wildlife and senior officials at the area office.
However, after receiving no official response from the authorities regarding the situation, the guide felt compelled to bring the information to the media’s attention.
Reportedly, the suspect featured in the footage has a history of being apprehended for poaching with firearms on three prior occasions, leading to court appearances. Recently, he was fined 150,000 rupees and sentenced to five years in prison by the Tissamaharama court, yet he continues to engage in poaching activities.
In an inquiry regarding the situation, a senior wildlife official acknowledged that while the area encompasses approximately 72,000 hectares, there are only two staff members assigned to cover it. This significant shortage of personnel has made it exceedingly difficult to apprehend poachers.
The official also highlighted that due to the high price of a kilogram of game meat, reaching around 3,000 rupees, many poachers are actively participating in this illegal trade. The lack of resources to effectively apprehend them puts numerous animals' lives in grave danger, further exacerbating the wildlife conservation challenges in Yala National Park.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නාකි මයිනට දඩ මස් ගෙනියන එකානේ
ReplyDeleteDobiyanta පුදුම බියක් මහින්දලා පිළිබඳව තියෙන්නේ
Deleteඋන්ට මහින්ද නම මතක් වෙන කොටත්, රෙද්දේ රෙවෙනවා!
පැලවත්තේ ඩයි මයිනද?
Deleteතිස්ස ද දන් නෑ.
ReplyDeleteනෑ උඹේ ගෑණිගෙ හොර මිනිහ
Delete