පාන් මිල වැඩි කර බර අඩු කරයි..


 පාන් පිටි මිල ඉහළ යාමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් වැඩි කිරීමට බේකරි හිමියන් පියවර ගත්තද, හැටන් සහ ඒ අවට ප්‍රදේශවල අලෙවි කරන පාන් නියමිත බරින් යුක්ත නොවන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු වුවද, හැටන් ආශ්‍රිත බොහෝ බේකරිවල නිපදවන පාන් ගෙඩියක බර ග්‍රෑම් 350ත් 400ත් අතර පවතින බවයි.

වැඩි මුදලක් ගෙවා පාන් මිලදී ගත්තද, නියමිත බර ප්‍රමාණය නොලැබීම හේතුවෙන් තමන් අසාධාරණයට පත්වන බව ජනතාව පවසති.

පිටි මිල රුපියල් 17කින් ඉහළ ගිය සැනින් පාන් මිල රුපියල් 10කින් වැඩි කිරීමට කටයුතු කළ බේකරි සංගම් සහ බේකරි හිමියන්, පාන්වල බර ප්‍රමාණය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බව ඔවුහු පෙන්වා දෙති.

පාන් මිල ඉහළ දමමින් සහ බර අඩු කරමින් ජනතාව ගසාකන බේකරි හිමියන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කරති.

නියමිත බරට අඩුවෙන් පාන් නිපදවන බේකරි වැටලීමටත්, ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් බලධාරීන් වහාම මැදිහත් විය යුතු බව ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.

- මනුර සුදත් සෙල්ලහේවා





Bakeries Under Fire for Decreasing Bread Weight Amid Rising Prices

A surge in flour prices has prompted bakery owners to increase the price of a loaf of bread by 10 rupees. However, consumers in the Hettiwewa region are voicing their frustrations, alleging that the loaves being sold do not meet the expected weight standards.

Customers point out that while the standard weight for a typical loaf should be 450 grams, many bakeries in the Hettiwewa area are producing loaves weighing between 350 and 400 grams.

Despite paying a higher price for bread, consumers feel cheated due to the discrepancy in weight, leading to claims of unjust treatment.

Bakery associations, having raised prices following an increase in flour costs by 17 rupees, remain unresponsive to the issue of bread weight, which consumers find particularly disappointing.

With the rise in bread prices and the reduction in weight, customer advocacy groups are calling for regulatory officials to direct their attention towards addressing the practices of these bakeries.

People demand immediate intervention from authorities to crackdown on bakeries failing to produce loaves of the required weight and to implement strict legal actions against such unfair practices.

- Manura Sudath Sellahawela



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 1, 2026 at 6:54 PM

    පාන් මිළ වැඩි කිරීම වගේම පාන් වල බර අඩු කිරීමත් හරියටම පිටි මිළ වැඩිවීමටම සමපාත නොවී වෙනත් දිනයක සිදු කලා නම් මෙහි ඇති විද්‍යාත්මක ශක්‍යතාවය ජනතාවට පැහැදිලි කල හැකියි. මේ මොහොතේ ද එය කල හැකියි, නමුත් තේරුම් ඇනීමට අපහසු රාජපක්ස සරමෙන් වැටුණු හිපාටුවන් කිහිපදෙනෙක්සිටිනවා. උන් තේරුම් ගත්තෙ නැතත්, උන්ගේ දැනුම පිණිස, පිටි අඩු කිරීමෙන් රුධිර ගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීම, අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම, හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය අඩු කර ගැනීම, ආඝාතය ඇති වීමේ හැකියාව අවම කර ගැනීම, සහ ඇස් පෙනීම හොඳින් පවත්වාගෙන යාම කියන සාධනීය ප්‍රථිඵල සඳහන් කල හැකියි.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ රටවල් වලින් සියයට පනහකට වැඩි පිරිසක් ආහාරයට ගන්නේ තිරිගු පිටි ආශ්රිත ආහාර. හැබැයි ඒව කෑව කියල නම් ඔය කියන ලෙඩ ඔවුන්ට හැදෙන්නේ නැහැ. අපේ එවුන් ලෙඩ හදාගන ඉන්නෙ සේරු ගනන් බත් ගිලල.

      Delete
    2. පතිරණ ගලප්පත්තිSeptember 1, 2026 at 8:46 PM

      සම්පූර්ණයෙන් වැරදි කථාවක්. බත් වල ෆයිබර් තියෙනවා, බත් කියන්නෙත් කාබෝහයිඩ්‍රේට්, පාං කියන්නෙත් කාබෝහරිඩ්‍රේට්. නමුත් පාං හදන්නේ සම්පූර්ණයෙන් ෆයිබර් ඉවත් කරපු refined wheat වලින්. ඒ නිසා පාං වල බලපෑම වැඩියි ඔය රෝගාබාධ සඳහා. ලංකාවේ මිනිස්සු බත් වෙනුවට පාං කෑවා නම් තත්වය ඔයිට වඩා බරපතලයි, රටේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 78ක් මේ වෙනකොට, නමුත් පාං ප්‍රධාන ආහාරය වුණා නම් ඔය ගාණ 68ට බහිනවා. අපේ රටේ ප්‍රශ්ණය අපේ මිනිස්සු නිසි ව්‍යායාම කරන් නෑ. කිසිම ව්‍යායාමයක් කරන්නේම නැති ප්‍රතිශතය 80%කට වැඩියි, කුඩා දරුවන්, කාර්යාල සේවකයන්, ත්‍රී රෝද රථ රියදුරන් හා විශ්‍රාමිකයන් ඇතුලුව. 10%ක් පමණ තමයි යම් ආකාරයකට වත් ශරීරය සෙලවෙන රැකියා කරන්නේ එහාට මෙහාට යන තැපැල් කරුවන්, මනු කියවන්නන්, ලිපි කරුවන් ඇතුලුව. අවසන් 10% තමයි කෘෂිකාර්මික කටයුතු හෝ වෙනත් (කම්කරු වැනි) කටයුතු හරහා ශරීරය වෙහෙසවන්නේ. අනික් රටවල් වල (දියුණු රටවල් වල) ශරීරය වෙහෙස වන් නැති රැකියා කරණ අයත් ශාරීරික ව්‍යායාම නිසි පරිදි කරණවා, ඒ නිසයි තත්වය වෙනස්.

      Delete

    3. පතිරණ ගලප්පත්ති

      ubata me hali liyanawata


      keeyak gewanawada.

      Uba galagurwanchaweth me wage hali liwwwa.

      anthimata ubalama meka horakamak kiyala piligaththa

      Delete
  2. දැන් තොපිට සැපද ??????????

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 1, 2026 at 7:07 PM

      යකෝ පාං ගෙඩියක් රුපියලකින් වැඩි වුණත් සැපද අහනව. හිටපන් ජනවාරියේ පඩි වැඩි කරණවා අවම රුපියල් 10,000ක් මූලික පඩියට එකතු වෙනවා රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම.

      Delete
    2. ආ අමිල සහෝදරයත් ඒක දන්නවද
      ඇත්තටම අපි පඩි වැඩි කරන්න තමා හිටියෙ


      Delete
  3. පෝසත් රටක් සැපවත් ජීවිතයක්

    ReplyDelete
  4. දැන් චූන් පාන් එන්නෙම නෑ. කොරෝනා කාලෙ කාලා අදලා හිටියා. NGO ස්ටාලින් පප්පා මෝඩ ගුරුවරු ඉස්සර කරන් පචයගෙයි කාදිනල් ගෙයි අරගලයට මුල පිරුවා කෘතිම පෝලිම් හදලා රට වට්ටලා. ඒවුනත් ඒ කාලෙත් මීට වඩා හොදට කෑවා. ලප සාපේ තූ

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 1, 2026 at 9:46 PM

      පැට්‍රෝල් වලින්ද ඉව්වෙ ඒ කාලේ? ඩීසල් වලින් පුක හෝදල, ගෑස් වලින් බැලුම් ඇරිය නේද? එච්චරකට ශශ්‍රීක වෙලා තිබ්බෙ රට ඒ කාලේ.

      Delete
Previous Post Next Post