පොහොට්ටු රැලියට අනුරාධපුර පිට්ටනි දෙකම දෙන්න බෑ කියයි.. නාමල් පාරට වැටේ..


 සැප්තැම්බර් මස 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීම සඳහා නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකම ලබා දීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, අනුරාධපුර නගරයේ පිහිටි විශාලතම ක්‍රීඩාංගණ දෙක වන වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු (නගර සභා) ක්‍රීඩාංගණය මෙම දේශපාලන රැස්වීම සඳහා ලබා දිය නොහැකි බව නාගරික කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් දැනුම් දී ඇත.

ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පවසන්නේ සල්ගාදු පිටිය ලබා ගැනීම සඳහා තමන් කලින්ම ඉල්ලුම් කර තිබියදී, පසුව අයදුම් කළ වෙනත් පාර්ශවයකට එම පිටිය ලබා දීමට නගර සභාව කටයුතු කර ඇති බවයි.

එමෙන්ම වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ද තෙවන පාර්ශවයක් විසින් වෙන් කරගෙන ඇති බව පවසමින් තමන්ට ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.

මෙම තත්ත්වය මත සැප්තැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් රැස්වීම සඳහා විකල්ප ස්ථානයක් සොයා ගැනීමට එම පක්ෂයේ සංවිධායකවරුන්ට සිදුව තිබේ.






Anuradhapura Municipal Council Denies Venue for SLPP District Meeting

The Anuradhapura Municipal Council has officially turned down requests to use the city's main sports grounds for the Sri Lanka People's Front (SLPP) district meeting scheduled for September 12.

City Commissioner reports that both the Wilisinghe Harischandra Stadium and the Salgadu Stadium, the two largest sports facilities in Anuradhapura, are unavailable for this political gathering.

This decision appears to be influenced by the directives of the mayor, who represents the National People's Power.

SLPP representatives claim they had previously submitted an application for the Salgadu Stadium, but the council later allocated the venue to another party. They further alleged that access to Wilisinghe Harischandra Stadium has also been denied on the basis that it was reserved by a third party.

In light of this situation, party organizers are now in search of an alternative location to hold the district meeting planned for September 12.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. වලිසිංහ ක්‍රීඩාංගනය

    ReplyDelete
  2. 68 ලක්සෙ චන්දෙ දුන්නෙ, සුපිරි දේසපාලන සන්ස්කෘතියක් ඇතිකරන්නනෙ. ඔය ලස්සනට කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැචුව නැචුව

      Delete
  3. නාමල්❤ ට යි හුන්ඩු ආන්ඩුව යි පචාදිපතියි බය. 😂😂

    ReplyDelete
  4. ඇයි මැද මුලනෙ තියපං හොරා තොපිට කඩේ යන ගොබ්බයො තවත් ඉන්නවානෙ 🤣🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. මල්ලි හිතන් ඉන්නෙ අනුරාජපුරේ තියෙන්නෙ දෙමළ ඊළමේ කියලද?
      ඕකටත් දේවගැති සූරසේනට කියල 23 විවස්ථාව ගෙනාවනං නාමල්ට රැස්වීම තියන්න ලංකාවේ (හෝ දෙමළ ඊළමේ) කොහෙවත් තැනක් දෙන්නේ නෑ කියල වැඩේ ඉවරයිනේ.

      මාරයි
      මරු
      මරේ මරු
      එල
      එළකිරි
      එළපවුසි

      Delete
    2. ඇයි පකෝ තෝ බයද සෙනගට

      Delete
  5. රටම ඒකාධිපති වියරුවකට ද මේ තල්ලු කරන්නේ?

    ReplyDelete
  6. කොටා දැන් ඉන්නේ යන එන මන් නැතිව බ
    නාමල් ගේ සෙනග දැක්කහම මුන්ට ගු ය යි බයයි

    ReplyDelete
  7. මාර බයක්නේ නාමල්ට දැන් ඉඳලම.ලැජ්ජයි හලෝ.සුදු මැණිකෙ අලි පැටික්කි වගේ අලි ගෙන්න ගන්නද ආණ්ඩුව ඳගලන්නේ?

    ReplyDelete
  8. අරගොල්ලෝ ඉල්ලලා තිබුණා මේගොල්ලෝ ඉල්ලලා තිබුනා කියල කිව්වට වැඩක් නෑ මුං බයයි.අනිත් එක මේ වැඩෙන් වෙන්නේ නාමල්ට තියෙන ජනතා ආකර්ෂණය වැඩිවන එක.

    ReplyDelete
    Replies
    1. මුං වගේ මෝඩ පකයො ජාතියක් ලොවෙත් නෑ

      Delete
  9. සහතික ඇත්ත
    රාජපක්‍ෂ කියන නම ඇහෙන්කොටත් මුන් බය යි

    ReplyDelete
Previous Post Next Post