සමෘද්ධි බැංකු පද්ධතිය ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය කරනවා..

 


වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ වගකීම පැවරී ඇත්තේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතය. ඒ අනුව, 2029 වන විට පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීම එම දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි.

ඊට සමගාමීව, සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීමේ අරමුණින් “ප්‍රජා සවියට නව බලයක්” යන තේමාව යටතේ දෙපාර්තමේන්තුවේ 21,000කට ආසන්න සේවක පිරිස දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. එහි නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය (28) දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නව නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී පැමිණ සිටි නිලධාරීන් අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේ, වර්තමානයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ප්‍රධානතම වගකීම සහ කාර්යභාරය වන්නේ අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම බවයි. එමෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව මුහුණ දෙන “යැපුම් මානසිකත්වයෙන්” ඔවුන් මුදවා ගැනීම දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අභියෝගයක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, ග්‍රාමීය මට්ටමින් ජනතාව සතු සුවිශේෂී කුසලතා, දක්ෂතා සහ විභවතාවන් හඳුනාගෙන ඒවා වෘත්තීය මට්ටමට ඔප්නැංවීමත්, ප්‍රතිලාභීන්ට අනෙකුත් රාජ්‍ය ආයතන, බැංකු පද්ධති සහ දේශපාලන අධිකාරීන් සමඟ සාර්ථකව සම්බන්ධ වී ජාලගත වීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දීමත් සමෘද්ධි නිලධාරීන්ගේ වගකීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් පවතින අතර, රුපියල් බිලියන 800කට අධික මූල්‍ය වත්කම් ප්‍රමාණයක් සතු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, මෙම දැවැන්ත මූල්‍ය ශක්තිය සහ මානව සම්පත උපයෝගී කරගනිමින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, දෙපාර්තමේන්තු නිලධාරීන්, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

- රංජිත් රාජපක්ෂ





Government Initiates Program to Empower Low-Income Families by 2029

In a decisive move to combat poverty, the Sri Lankan government has entrusted the Department of Samurdhi Development under the Ministry of Rural Development, Social Security, and Community Empowerment with the responsibility of empowering low-income families. The ambitious goal is to uplift two million families by the year 2029.

To support this initiative, the Department has launched a series of nationwide awareness programs themed “New Power for Community Support," aimed at approximately 21,000 staff members engaged in empowerment activities. The first of these programs took place on the 28th in Nuwara Eliya, led by Minister of Rural Development, Social Security, and Community Empowerment, Dr. Upali Paninna.

Addressing the officials present, Dr. Paninna underlined the core mission of the Department, emphasizing that their primary responsibility lies in economically and socially empowering beneficiaries of the Samurdhi program. He also highlighted the persistent issue of “vulnerability mindset” that many citizens face as a critical challenge for the Department.

Furthermore, he noted the importance of identifying unique skills and capabilities inherent within local communities, emphasizing the need to elevate these skills to a professional level. He stated that it is also essential for beneficiaries to receive guidance on effectively networking with various state institutions, bank systems, and political authorities.

The Department of Samurdhi Development operates 430 Samurdhi Banks, maintains 1,097 bank branches, and oversees 333 banking cooperatives, collectively possessing financial assets exceeding 800 billion rupees. Dr. Paninna reiterated that leveraging this substantial financial strength and human capital is crucial in positioning the Samurdhi Microfinance sector as the strongest in the country.

In attendance at the event were several notable figures including the State Minister of Education and Higher Education, Madhura Senavirathna, the Chairperson of the Nuwara Eliya District Coordinating Committee, MP Manjula Surawira Aratchi, the Secretary of the Ministry of Rural Development, Social Security, and Community Empowerment, Sampath Manthrikan, Director-General of the Samurdhi Development Department, Dammika Muthugala, and other district directors and officials.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 1, 2026 at 6:59 PM

    හිටපු ගුවන් සිවිල් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න වසර 7ක් හිරගෙට....! කොහොමද වැඩ?

    ReplyDelete
  2. මාරයි
    මරු
    මරේ මරු
    එල
    එළකිරි
    එළපවුසි
    කටින් බතල සිටුවන්න නම් ලෝක සුරයෝ!

    ReplyDelete
Previous Post Next Post