ලෝකයේ ඇතැම් දියුණු රටවලට පවා ජයග්‍රහණය කිරීමට නොහැකි වූ සුවිශේෂී සෞඛ්‍ය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති නමුත්, වර්තමානයේ ශීඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග සහ වයස්ගත වන ජනගහනය රැකබලා ගැනීම රට හමුවේ ඇති ප්රබලතම සෞඛ්‍ය අභියෝගය බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"1978 වසරේ කසක්ස්ථානයේ පැවති අල්මා-අටා (Alma-Ata) සම්මුතිය මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට පියවර ගෙන වසර 48ක් පමණ ගතවී තිබෙනවා. එම කාලය තුළ මෙරට සාමාන්‍ය පුරවැසියාට අවශ්‍ය සෞඛ්‍ය ප්‍රවේශය පුළුල් කරමින්, මාතෘ මරණ අනුපාතිකය අවම කර ගැනීම, ළදරු හා ළමා මරණ අනුපාතිකය විශිෂ්ට ලෙස පහත හෙළීම සහ ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයේ ඉහළම ප්‍රතිශතයක් වාර්තා කිරීම වැනි ලෝකයේ දියුණු රටවලටත් අභියෝගයක් වූ ඉලක්ක සපුරා ගැනීමට අපට හැකිවුණා. පසුගිය සතියේ ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුවේදී පවා ශ්‍රී ලංකාවේ මෙම සෞඛ්‍ය ජයග්‍රහණ ඉහළින්ම අගය කෙරුණා.
මෙම සාර්ථකත්වයේ ප්‍රධානතම ගෞරවය හිමිවිය යුත්තේ, දශක ගණනාවක් පුරා ගෙයින් ගෙට ගොස් ගැබිනි මව්වරුන් සහ ළදරුවන් ආරක්ෂා කර ගැනීමට කැපවූ ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටයි.
එහෙත් එදා අප එම ජයග්‍රහණ අත්පත් කරගත්තද, අද අප හමුවේ පවතින බරපතළම අභියෝගය වී ඇත්තේ බෝ නොවන රෝගයි. අපේ රටේ සිදුවන සමස්ත මරණවලින් සියයට 83ක්ම වාර්තා වන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා සහ වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග හේතුවෙනුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව මෙරට ජනගහනයෙන් සියයට 10ක් හෙවත් ලක්ෂ 20ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇතත්, අප තවමත් හඳුනාගෙන ඇත්තේ ලක්ෂ දෙකක් වැනි සුළු පිරිසක් පමණයි.
එමෙන්ම මෙරටින් දිනකට අලුතින් පිළිකා රෝගීන් 100 දෙනෙකු පමණ වාර්තා වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ රෝගී තත්ත්වය ශරීරය පුරා පැතිර ගිය පසුවයි. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් මිලියන 450ක් 500ක් පමණ වටිනා Linear Accelerator යන්ත්‍ර හතක් මේ වන විටත් මෙරටට ගෙන්වා ස්ථාපිත කරමින් පවතිනවා. මෙම රෝග වෙනුවෙන් ඖෂධ සහ යන්ත්‍රෝපකරණ සඳහා රජය දැවැන්ත මුදලක් වැය කළද, රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතී.
ඊට අමතරව ඉදිරියේදී ශීඝ්‍රයෙන් වර්ධනය වන වයස්ගත ජනගහනය සුරක්ෂිතව රැකබලා ගැනීමද අපේ සෞඛ්‍ය පද්ධතිය හමුවේ ඇති තවත් ප්‍රධානතම අනාගත අභියෝගයක්." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Sri Lanka Achieves Notable Health Milestones Amidst Growing Non-Communicable Disease Crisis
Despite recording significant health achievements that many developed nations envy, Sri Lanka now faces daunting challenges in managing the rise of non-communicable diseases and caring for its aging population. Health Minister Dr. Nalinda Jayatissa made this assertion during a recent event, highlighting the pressing health issues confronting the nation.
Reflecting on the 48 years since the Alma-Ata Declaration of 1978, which emphasized strengthening primary health care, the Minister noted that Sri Lanka has successfully expanded health access for the general population. The country has made remarkable strides in reducing maternal mortality rates and child mortality rates while achieving high vaccination coverage, competing with developed countries despite the challenges.
Dr. Jayatissa emphasized that these health successes are largely attributed to dedicated family health service officials and community health workers who have spent decades protecting pregnant women and infants.
However, he warned that the most pressing health challenge today is the increase in non-communicable diseases. Currently, a staggering 83% of all recorded deaths in the country stem from ailments such as diabetes, hypertension, cancer, and kidney disease. According to estimates from the World Health Organization, about 10% of Sri Lanka's population, or approximately 2 million people, suffer from kidney disease, although only a fraction of that has been officially identified.
Furthermore, the daily influx of approximately 100 new cancer patients highlights the need for urgent intervention. Most patients seek treatment only after the disease has spread significantly throughout their bodies. Currently, Sri Lanka has installed seven Linear Accelerators, valued at around 450 to 500 million rupees, to provide treatment for cancer patients. Despite substantial government investment in medicines and equipment for these diseases, hospitalization and mortality rates remain alarmingly high.
In addition to the challenges posed by non-communicable diseases, ensuring the safety and well-being of the rapidly growing elderly population is another critical health challenge for Sri Lanka's healthcare system, the Minister reiterated.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

76 වසරේ සාපය
ReplyDeleteලෝකයේ දියුණු රටවලටත් අභියෝගයක් වූ ඉලක්ක සපුරා ගැනීමට 76 වසරක් තුලදී අපට හැකිවුණා. ජෙප්පො බාධා කළේ නැත්නම් මීටත් වඩා දියුණු වෙලා අද බෝනොවෙන රෝගත් පාලනය කරලා.
Deleteමුන්ගෙ කටවල්වලට හෙන ගහන්න ඕනෑ. සල්ලි වලටවත් බෙහෙත් ගන්න නැතුව විඳින දුක අපි විතරයි දන්නෙ.
ReplyDeleteලේබල් නෑ.. ප්‍රමිතිය නෑ.. මේ එන්නත් රෝගීන්ට දුන්නොත් අපට වගකියන්න වෙනවා..- NMRA සභාපති
ReplyDeleteTwo years miracle. LOL
ReplyDeleteWhat fu...... bastard ............. so all this happened within Two years .....bloody rascals ...
ReplyDeleteඅව්රුදු දෙකෙන් නේද? වැඩේ කෙරුවේ
ReplyDeleteපර වේසිගෙ පුතා තොනේ ඒක කෑවේ ... කාලකන්නි පාහාර බල්ලා
ReplyDelete76 වසරේ සාපෙ නිසාද?
ReplyDelete😃😃 1948 ඉඳන් 2024 වෙනකම් තිබ්බේ හුණ්ඩුවේ 3% රජය .. දැන් රෝහල් වල බෙහෙත් නෑ.. වෛද්‍යවරු නෑ
ReplyDelete