නායක කුසල් මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකය සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලීඩ්ස්හිදී පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම දිවා-රාත්‍රී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීය.
ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින් වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 100කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස් කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 65කින් ලකුණු 54ක් රැස් කළ අතර, මැදපෙළින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක පන්දු 39කින් ලකුණු 48ක් සහ ජනිත් ලියනගේ ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ ලකුණු වේගය ඉහළ දැමූහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ගස් ඇට්කින්සන් සහ රෙහාන් අහමඩ් කඩුලු 2 බැගින් දවාලූහ.
ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ ටොම් බැන්ටන් (73) සහ බෙන් ඩකට් (67) පළමු කඩුල්ලට ලකුණු සබඳතාවක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. අනතුරුව ජොස් බට්ලර් පන්දු 49කින් හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 69ක් ද, විල් ජැක්ස් ලකුණු 52ක් ද රැස් කරමින් ජයග්‍රහණය වෙනුවෙන් දැඩි සටනක නිරත වූහ.
කෙසේ වෙතත්, ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ, සාර්ථක ආරම්භයක් ලබා සිටි ටොම් බැන්ටන්, බෙන් ඩකට් මෙන්ම එංගලන්ත නායක හැරී බෲක් (01) දවාගනිමින් තරගයේ පාලනය නැවත ශ්‍රී ලංකාව දෙසට නතු කර ගත්තේය. ඒ අනුව එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 305කට සීමා විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිඳහෙලූ අතර, ඩිල්ෂාන් මධුශංක සහ මාලිංග කඩුලු 2 බැගින් ද, සචිඳු කොළඹගේ සහ ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවාගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළහ.
තරගයේ වීරයා සම්මානය නායකත්වයේ ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් හට හිමි විය.
Sri Lanka Secures Thrilling Victory Against England in Second ODI at Leeds
In a stunning display of skill and teamwork, Sri Lanka emerged victorious by 16 runs against England in the second One Day International (ODI) held at Leeds. Captain Kusal Mendis showcased an exceptional century, while Dunith Wellalage's outstanding bowling performance played a pivotal role in securing the win.
Batting first on a sunny day at the Leeds cricket ground, Sri Lanka set a formidable target of 321 runs after losing 6 wickets in their allotted 50 overs. Mendis led the charge, scoring a blistering 121 runs off 100 balls, which included 14 fours and 3 sixes. He received valuable support from Kamindu Mendis, who contributed 54 runs off 65 balls, while Pavan Ratnayake and Janith Liyanage added quick runs with 48 and 32 respectively, propelling the team's total to an impressive score. For England, both Gus Atkinson and Rehan Ahmed claimed 2 wickets each.
Chasing a daunting target of 322, England's openers, Tom Banton (73) and Ben Duckett (67), provided a solid start, building a promising partnership before the Sri Lankan bowlers struck back. Jos Buttler also contributed significantly with 69 runs off 49 balls, featuring 5 fours and 5 sixes, while Will Jacks added 52 runs in a fierce fight for victory.
However, Dunith Wellalage, who had a phenomenal outing, dismissed both Banton and Duckett, as well as England's captain Harry Brook for just 1 run, turning the tide back in favor of Sri Lanka. Consequently, England was restricted to 305 runs for the loss of 9 wickets within their 50 overs.
Wellalage's impressive bowling figures included 3 wickets, while Dilshan Madhushanka and Maheesh Theekshana claimed 2 wickets each, consolidating Sri Lanka's triumph. The victory was confirmed with significant contributions from Sachin Kolombage and Praneeth, contributing crucial wickets to the Sri Lankan bowling lineup.
Captain Kusal Mendis was awarded the Player of the Match for his remarkable century, which played a critical role in guiding Sri Lanka to an exhilarating win.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කණ්ඩායම් හැඟීම හා නොනවතින චිත්ත ධෛර්යයට කළ නොහැකි දෙයක් නොමැත.ජය ශ්‍රී!
ReplyDelete