ගෝටාගෝගම අරගලකරුවන්ට පහරදීම ගැන මහින්දට නඩු නොපැවරීමට තීන්දු කරයි..


 2022 අරගලය සමයේදී ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි 'The Sunday Times' පුවත්පත වාර්තා කරයි.

එම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය.

විරෝධතාකරුවන්ට බරපතළ තුවාල සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නීතිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු නොකළද, ඇසින් දුටු සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි සහ සිද්ධිය වූ ස්ථානයේ වීඩියෝ දර්ශන විශ්ලේෂණය කරමින් ලබාගත් විද්වත් සාක්ෂි මත පදනම්ව වෙනත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇත.

ඉන් තිදෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ දෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ යන අය ඒ අතර වෙති.

ඒ අනුව, ජීවතුන් අතර සිටින සෙසු සැකකරුවන් 31 දෙනාට එරෙහිව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327ක් යටතේ කොළඹ මහාධිකරණයේදී එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිතය.

මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) පත් කරන ලෙස නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලා ඇති බවද එම පුවත්පත සඳහන් කරයි.

මෙසේ අධිචෝදනා ලැබීමට නියමිත සැකකරුවන් අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා, කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සහ ‘අරාබි වසන්ත’ නමින් හඳුන්වන අසංක නාලක විජේසිංහ යන අයද වන බව 'The Sunday Times' වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.





Former Prime Minister Mahinda Rajapaksa Cleared of Charges Related to 2022 Galle Face Protests

The Attorney General has decided not to file charges against former Prime Minister Mahinda Rajapaksa in connection with the violent assault on protesters during the 2022 Galle Face demonstrations, as reported by The Sunday Times.

At the time of the incident, Mahinda Rajapaksa was serving as the Prime Minister under former President Gotabaya Rajapaksa's administration.

The decision not to pursue charges follows an assessment by investigators, who concluded that the evidence presented was insufficient to implicate him in the serious injuries sustained by demonstrators during the event.

While no charges will be filed against the former Prime Minister, it was recommended that 34 other suspects face allegations based on eye-witness accounts, environmental evidence, and analysis of video footage from the scene.

Among these suspects, three have already passed away, including former State Minister Sanath Nishantha, political activist Dan Priyasad, and former trade union leader Wasantha Handapangoda.

The remaining 31 individuals are expected to be charged in connection with organizing an unlawful assembly, attempted murder, and causing serious injuries, in what is anticipated to be a consolidated indictment brought before the Colombo High Court, encompassing a total of 327 charges.

The Attorney General, Palinda Ranasinghe, has requested Chief Justice Priyantha Jayasuriya to appoint a Trial-at-Bar for the examination of this case, as indicated by the report.

Notable individuals among the suspects include former Minister Johnston Fernando, former police chief Deshabandu Tennakoon, former Moratuwa Mayor Samanlal Fernando, former MP Milan Jayatilake, and several other prominent figures linked to the events, all of whom are referenced further in The Sunday Times.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. මයිනට බයද ? අනේ ලපයො.

    ReplyDelete
    Replies
    1. mahindata baya wenne mahinda laga hitapu hotu thami, okunge file serama mahinda athe,

      deshapalana pakshaya monawa unath, rate minissu adatath mahindata garu karanawa, anik hipatuwanta wada

      Delete
    2. අනුර මහින්දට බයයි. ඒක තමා ඇත්ත.

      Delete
  2. ඔන්න බලා ගනිල්ලා අධිකරණ බලය

    ReplyDelete
  3. මහින්ද මහත්තයට බුදුබව පාර්ථනා කරමු

    ReplyDelete
  4. Rajja virodi karali gasimata kunu huthak thiyan dangalapu damitha athulu badu tikata surasena nadu danne nathei?n

    Patta panduru jeppo

    ReplyDelete
Previous Post Next Post