ඊයේ දිනයේ අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන රැළියෙන් පසු එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන පල කර ඇත.
---
ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු ලැබුවේ අප මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටනයි. අපට ශක්තියක් වූ ඔබ සැමට ආචාර කරමි. මගේ ජනතාවට ස්තුතියි.
අනුරාධපුර රාජධානියේ කතාව අපට සිහිපත් කරන්නේ මහා ශිෂ්ටාචාරයක කතාවයි. ආක්‍රමණ, ප්‍රතිරෝධ, පාවාදීම් මෙන්ම බිඳවැටීම් තුළින් යළි නැගී සිටීමේ කතාවයි. එම අතීත කතාව වර්තමානයට ද අදාළ යැයි මට සිතේ. මේ රටේ සෑම පුරවැසියෙකුට ම තමන් උපන් බිම පිළිබඳ ආදරයක් තිබිය යුතු ය. අපේකම යන හැඟීම තිබිය යුතු ය. රටක් ලෙස ගත්විට රටක බාහිර හතුරාට වඩා ඇතුළත ඉන්න හතුරා භයානක බව මාගේ විශ්වාසයයි. තමන්ගේ රට පුද්ගලික වාසියට පාවා දෙන්නා භයානකයි. පාවාදීම සාධාරණීකරණය කරමින් අසත්‍ය සමාජගත කරන්නා අතිශය භයානකයි.
ඔබ සැමගේ සහයෝගයෙන් සහ ශක්තියෙන් මම අපගේ මව්බිම සුරක්ෂිත කර ගොඩනැගුවෙමි. අපේ ජනතාව සතුටින් ආරක්ෂිතව ජීවත්වන යුගයක් නැවත ගොඩනැඟීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අරමුණ බව ප්‍රකාශ කරමි. අතීතයේ මෙන් අපගේ සංස්කෘතිය, අනන්‍යතාවය සහ දේශීයත්වය රැක ගනිමින් සංවර්ධිත දේශයක් ගොඩනැගීමට ඔබ සැමට ආරාධනා කරමි.
මෙම කටයුතු මැනවින් සංවිධානය කළ සැමට මාගේ ප්‍රණාමය පුද කරමි. වැඩමවා වදාළ මහා සංඝරත්නයට සහ අන්යාගමිනක පූජක උතුමන්ට නමස්කාර පූර්වකව ස්තුති වන්ත වෙමි. පැරණි දේශපාලන සගයන්ට සහ නව බලාපොරොත්තු රැගෙන පැමිණි නවක දේශපාලන තරුණ පිරිසට මම හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරමි. විශේෂයෙන්ම අනුරාධපුර නගරට පැමිණි අප හිතවත්, මාතෘ භූමියට ආදරය කරන ඔබ සැමට ස්තුති වන්ත වෙමි. පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් තුළ වුවත්, පීඩාවන් ඉවසමින් ඔබ සැම එහි රැඳී සිටි අයුරු මම දුටුවෙමි. ඔබ සැම බොහෝ අපහසු අවස්ථාවන් රැසක් දරා ගත් බව දනිමි. රජරට ජනතාවට ස්තුතියි. සැමදා අපට ශක්තියක් වූ ශ්‍රි ලාංකික ඔබ සැමට ස්තුතියි. දුෂ්කරම අවස්ථාවන්හිදී පවා ඔබ ලබා දෙන ජනාදරයට ස්තුතියි.
ඔබ සැමට සුබ අනාගතයක්. ජය
Mahinda Rajapaksa Unveils Vision for Sri Lanka at Anuradhapura Rally
After addressing a rally held by the Sri Lanka Podujana Peramuna in Anuradhapura yesterday, former President Mahinda Rajapaksa took to social media to share his reflections on the event and the path ahead for the nation.
Commencing from the historical city of Anuradhapura, known for its sacred Sri Maha Bodhi and the resplendent Swarnamalie Maha Seeya, Rajapaksa emphasized that the rally marked the beginning of a people’s movement rooted in the pride of their motherland. “I extend my heartfelt gratitude to all of you who have been our strength. Thank you to my citizens,” he expressed.
He noted that the narrative of Anuradhapura serves as a reminder of resilience, illustrating stories of invasions, resistance, betrayals, and recoveries. Rajapaksa articulated that these historical lessons remain relevant today, asserting that every citizen should harbor a love for their birthplace and possess a sense of ownership towards it. “I believe internal adversaries are more dangerous than external ones. It is perilous to surrender one’s own country for personal gain. The act of justifying betrayal by fabricating social narratives is exceedingly dangerous,” he stated.
He reaffirmed his commitment to safeguarding the motherland with the support and strength of the people. “It is the goal of the Sri Lanka Podujana Peramuna to rebuild an era where our citizens live happily and safely. I invite you all to join in developing a nation that preserves our culture, identity, and local values, just as in the past,” Rajapaksa proclaimed.
Expressing gratitude to those who organized the event with precision, he paid homage to the esteemed clergy and leaders present, both seasoned political allies and the new youth with fresh aspirations. Rajapaksa particularly thanked the citizens of Anuradhapura for their unwavering presence, even amidst the current sweltering weather conditions. “I recognize that you have faced numerous adversities. Thank you to the people of Rajarata. Always, your strength has been our strength. I appreciate the support you extend even in the toughest times,” he concluded.
Wishing everyone a prosperous future, he signed off with a rallying call: “Victory.”
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ ඉතා වැදගත් වෙලාවක්.ආපසු ගියපාර වගේ වැරදි රැල්ලකට අසුවෙලා වැරදි කට්ටිය ආයි පත්කරගෙන ආයි දුවන්න වේවි රට දාලා.අපි කව් රුත් මහින්ද රඡු කීව ඈයෝ.ඒත් එයා නොවේ දැන් එතැන වැඩ.දැන් සිංහළයාට,බෞද්ධයාට ඉන්න හොඳම පක්ෂය සර්වඡන බලය.තාත්තා නිසා පුතාට කියන මෝඩකමට නොවරැටෙමු.තාත්තා නොවේ ඇමෙරිකාවේ බාප්පා එන්නේ.
ReplyDeleteVaccine
Deleteදරන ගහලා දෙන්නෙ පයන්න පෙන්නගෙන
Delete🤣🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteසසර භයංකාරයි ලොක්කා ඔයාටත්
ReplyDeleteLTTE porak stage eke tiyan mathrubumiyata mona athma gurawada lokka. Lejja netikama misak. Oya putage horakam nisa tiyana lejjawa wahaganna karana wedak
ReplyDeleteSirawara ban.
DeleteMunta dodu, hire yana eka mathak wela.
මේක ඇත්තෙන්ම නරකයි නාමල් පාක්ෂිකයන්ට.අර්ඡුන කෙලින්ම කියනවා මම ඩයස්පෝරාවේ කෙනෙක් කියා.දැන් ඩීල් එකක් නේද නාමල් දින්නදාට මූ කියන දේ කරන්න වෙනවා.හොඳම නායකයා දිලිත් සිංහළ දේශප්‍රේමියාට ඉන්න.
ReplyDeleteතමුන්නාන්සේලා තමයි ඩයස්පොරා මුදලින් දුන්න පරාටේ රොට් ආප්ප ඉඳිආප්ප කොත්තු රයිස් අරක්කු ගංජා කුඩු ගහලා බඩු ගහලා මාස ගණනක් හිගන්නො වගේ ගොල්ෆේස් එකේ නොමිලේ කකා බිබී බුරු කැරම් ගහ ගහ ආතල් ගත්තේ නේද?
Deleteකවුරුත් එකතුවෙලා හොඳ ආරම්භයක් ගත්තා.ස්තුතියි මහින්ද රාජපක්ෂයාණනි.දිලිත් සජිත් චම්පික රනිල් දැන් ඔබලාගේ අවස්ථාව.මේ වැඩ පෙන්නුවේ 2.5% කට්ටිය.එකතුවෙන්න රනිල් සජිත් අද හෙටම.රට බේරගන්න.සියලු දෙනාටම තෙරුවන් සරණයි!
ReplyDeleteකවුරුත් එකතුවෙලා හොඳ ආරම්භයක් ගත්තා.ස්තුතියි මහින්ද රාජපක්ෂයාණනි.දිලිත් සජිත් චම්පික රනිල් දැන් ඔබලාගේ අවස්ථාව.මේ වැඩ පෙන්නුවේ 2.5% කට්ටිය.එකතුවෙන්න රනිල් සජිත් අද හෙටම.රට බේරගන්න.සියලු දෙනාටම තෙරුවන් සරණයි!
ReplyDelete