ගාල්ලේ වෙඩි.. අයෙකුට බරපතලයි..


 ගාල්ල, රත්ගම - පන්විල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වහාම ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවත්, එම අවස්ථාවේදී උණ්ඩ 06ක් එල්ල කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකය.





Shooting Incident Leaves One Severely Injured in Rathgama

A shooting incident that occurred recently in the Panwila area has resulted in serious injuries to an individual, according to police reports.

The victim was immediately admitted to the Galle National Hospital, where he is currently receiving treatment for his wounds.

Initial investigations suggest that the shooting is linked to an ongoing dispute between two rival gangs.

Authorities confirmed that a T-56 type assault rifle was used in the attack, and six shots were fired during the incident.

The Rathgama police have commenced a thorough investigation, launching a special operation to track down suspects connected to the assault.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ආයිත් වෙඩි තියාගන්න පටන් අරන්.

    ReplyDelete
  2. දැන් ඉතින් බයවෙන්නේ මොකටද .විනිසුරු විශ්‍රාම වයස වැඩිවුනා නඩු අඩුවුණා.දැන් ඉතින් අඩුවුන නඩු ගොඩට තව කොච්චර ආවත් නෝ කුච්චන්,,,,,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  3. වට් ඉස් ද නැසනල් සිකුරිටි😂😂😂😂 දිවිය ලොකෙන් ආව උතුම් ඇමතියෙක් නෙ ඉන්න😂😂😂

    ReplyDelete
Previous Post Next Post