මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදය අවම කරමින්, නඩු ඇසීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයකට දිස්ත්‍රික් අධිකරණ බලතල පැවරීමට රජය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කළේය.
දෙරණ රූපවාහිනී නාලිකාවේ 'වාද පිටිය' වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මහේස්ත්‍රාත් අධිකරණ වෙත මෙම නව බලතල පවරා ඇති බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම දෙයියන්දර, අගුණකොළපැලැස්ස, බිබිල, ගල්ගමුව, හෙට්ටිපොළ, ආණමඩුව සහ තඹුත්තේගම යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත මෙලෙස දිස්ත්‍රික් අධිකරණ බලතල පවරා ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙහිදී මාධ්‍යවේදී නීතීඥ සංඛ අමරජිත් මහතා විසින් මහේස්ත්‍රාත් අධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණ බලතල මෙලෙස ඒකාබද්ධ කිරීමේ නීතිමය ස්වභාවය පිළිබඳව විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල සිවිල් අභියාචනාධිකරණ ලෙස තාවකාලිකව මෙම ස්ථාපිත කිරීම් සිදු කර ඇති බවයි.
Government Expands District Court Authority to Address Case Delays
The Sri Lankan government has taken significant steps to alleviate the backlog in the judicial system by empowering several magistrate courts with district court authority, as disclosed by Asitha Nirushan, a member of the National People's Power party.
Participating in the television program 'Vada Pitaya' on Derana TV, Nirushan revealed that this move aims to expedite the case hearing process, enhancing the efficiency of the legal system.
He noted that under the current judicial reform initiative, this new authority has been delegated to various magistrate courts across the country.
Specifically, magistrate courts in locations such as Dehiowita, Agunukolapellessa, Bibila, Galgamuwa, Hettiapola, Anamaduwa, and Thambuththegama have received these district court powers.
During the discussion, legal analyst and journalist Sanka Amarajith raised questions regarding the legal nature of consolidating magistrate and district court authorities. Responding to this inquiry, Deputy Minister Kaushalya Ariyaratne clarified that these establishments are temporary arrangements made for the civil appellate jurisdiction in the respective areas.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

🤣🤣🤣
ReplyDeleteපැලවට්ටෙ නඩු අහපල්ලා කාලකණ්නි
ReplyDeleteදැනුත් නඩු අහන්නේ පැලවත්තේ තමයි.
Deleteතීන්දුව කලින්ම පැලවත්තෙන් එනවා.
අපිටත් පුලුවන් තීන්දුව කලින්ම කියන්න
බලන්න ඔය 22 සංශෝධනේ තීන්දුව එන්නේ පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ගන්න කියලා. අපරාදෙ නිකන් මිනිස්සු රවට්ටන්න පොඩි නාට්ටියක් කරනවා විනිසුරුවො ටික එකතු වෙලා. තේරුමක් නැහැ ඉතින් උන්ට පඩි ගෙවලා ඕවා නඩත්තු කරන එක.
මුන් අධිකරණෙත් හෑවා. දැන් ඉතින් ඔය මුන් අහන නඩු වෙන ආන්ඩුවක් ආවම ආපහු අහන්න වෙනවා. මොකද මුන් දෙන තීන්දුව තමයි නඩුකාරයා කියන්නේ.
ReplyDelete22 සංශෝධනේ නඩුව ඇහුව වගේ කරයි.
ReplyDeleteඅපරාදේ අධිකරන කියලා එකක් හදාගෙන ඉන්නෙ.
උඹල ගෙන්නල නඩු අහලා තීන්දු දීපල්ලා.
ශ්රේශ්ඨාධිකරනෙ අච්චර දූශිත නම් අනිත් ඒව ගැන කවර කතාද.
හොරාගේ නඩුව හොරාටම අහන්න දෙන එක තමයි නියම වැඩේ.
Deleteපැලවත්තෙන් කලින්ම නඩු තීන්දු දෙන විදියත් කියාපන්කො.
ReplyDeleteඒ ගමන්ම කියාපන් උඹලගේ හොර හැත්ත තාම එලියේ ඉන්න විදියයි, අල්ලස් කොමිසමට උඹලගේ වැරදි පේන්නෙ නැති විදියයි..
marila ipadichcha baiyo danne naha rajapakshala nadu ahapu heti,
ReplyDeleteHama thissime mokak hari ekak Allan ita vada 1000 sudda krnna epa bn.
Deleteඉතින් යකෝ ශ්‍රේෂ්ඨාධි කරණ බලයත් දුන්න නම් කතාව ඉවරයිනෙ. ගොනා වුණාට තප්පුලන්න එපා
ReplyDelete