මහජන මුදල් කොල්ලකමින් රට විනාශ කළ පාර්ශ්වයන්ට නැවත මෙම දේශපාලන කරළියට පැමිණ රජ කිරීමට මෙරට ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා අවධාරණය කරයි.
මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය මැතිවරණයේදී මෙරට ජනතාව විසින් එම කොල්ලකාරී දේශපාලන සංස්කෘතියට පැහැදිලි නැවතීමේ තිත තබා ඇති බවයි.
බලය අහිමි වූ දේශපාලන කණ්ඩායම් නැවත කරළියට පැමිණීමට දරන උත්සාහයන් මුළුමනින්ම අසාර්ථක බව සඳහන් කළ ඒ මහතා, සිදුකළ වැරදි වෙනුවෙන් මේ වන විට සියලු දෙනාටම ස්වභාවධර්මයෙන් සහ නීතියෙන් දඬුවම් හිමිවෙමින් පවතින බව ද කියා සිටියේය.
පැරණි දේශපාලන බලවේග එකම වේදිකාවකට පැමිණීමට දරන උත්සාහය උපහාසයට ලක් කරමින් නගරාධිපතිවරයා මෙසේ ද පැවසීය.
"අපි ඒ අයට කියන්නේ අසාර්ථක උත්සාහයන් දරන්න එපා කියලයි. මේක ඒ අයට විශාල ව්යසනයක්. දැන් තේරුම් අරන් තියෙනවා එකම කොටේ නැගලා තමයි යන්න වෙන්නේ කියලා. එහෙමනම් යන්න කියලයි අපි කියන්නේ. අවසානයේ මේ සියලු දෙනාටම සිද්ධ වෙන්නේ එක්කෝ තමන්ගේ අතින්ම වෙඩි තියාගෙන මිය යන්න; නැත්නම් තමන්ගෙම ගෙලට තොණ්ඩුව දාගෙන මිය යන්නයි. වෙන කරන්න දෙයක් නෑ, ඒ ගැන අපේ බලවත් ශෝකය සහ කනගාටුව ප්රකාශ කරනවා."
Local Mayor Rejects Return of Politicians Responsible for Economic Collapse
The Mayor of Kaduwela, Ranjan Jayalal, has firmly stated that the people of Sri Lanka will not permit those who led the country into economic ruin to return to power. During a special address to the media, Jayalal emphasized that the recent elections marked a decisive rejection of the corrupt political practices that caused widespread discontent among the populace.
He noted that attempts by discredited political factions to reenter the political arena have been completely unsuccessful. The mayor highlighted that, in light of their past mistakes, individuals across the political spectrum are now facing accountability through both natural and legal ramifications.
In referencing the efforts of former political forces to unite on a single platform, Jayalal ridiculed their initiatives as futile. He asserted, "We are telling them not to engage in unsuccessful attempts. This is a major catastrophe for them. They now understand that they must rise to the same level to proceed. In that case, we are saying let them go ahead. Ultimately, what awaits all of them is either to succumb to their own actions or to face the consequences of their past decisions. There’s no other option." He expressed his deep sorrow and disappointment regarding the situation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බැංකු මංකොල්ල කාපු, බස් ගිණි තියපු, කඩවල් මංකොල්ල කාලා, මුදලාලි මරලා, ළමයි දූෂණය කරලා, කඩ ඩිණි තියපු, ට්රාන්ස්ෆෝමර් පුපුරවපු, ජෙප්පන්ට බලය දුන්න නම්, මොකද ගොනෝ සල්ලි හොරාකාපු එවුන්ට ආයෙ බලේ දෙන්ඩ බැරි?
ReplyDeleteඒ විතරක් නෙමේ, යහපාලන කාලෙ ඉඳල හෙව්වත් සල්ලි හොරාකෑවයි කියල සොරාකාපු මොනවත් තවම උසාවියකින් ඔප්පු කොරලත් නෑ.
Deleteපොපොහොට්ටුවේ ඊ ළග ජනාධිපති අපේක්ෂක අර්චුනා ට දෙන්නත් පුළුවන් යකෝ
Deleteඅනේ ප##කෝ තොපි කිව්වා නෙදේ තව අවුරුදු ගානක් තොපි ඉන්නවා කියල
ReplyDeleteඉතින් පකෝ දැන් අයි තොපි කෙදිරි ගන්නේ තව කෙනෙක් රජවෙනාවේ කියල
තොපි දන්නනවා දැන් ඉදිරියට තොපිට ආත්මයක් නැ කියල
තොපිට වහ බිල මැරෙන්න වෙන්නේ
ReplyDeleteඑදා ඉදල තොපේ පුරුද නේ වෙඩි තියන එක.
ReplyDeleteදැන් තොපි උසාවියෙන් දෙන තීන්දු කලිම්ම දීල ඉවරද ????
ReplyDeleteදැන් එතොකොට උසාවි අව්ස්ස නැහැ
බල නහරෙ කපා ගන්ඩත් පුළුවන් ඕන්නම්.
ReplyDeleteහා, හා, කවුරුවත් කලබල වෙන්ඩ ඕනෙ නෑ, බලනහර කපන එක මගෙ වැඩක්.
Deleteතොපි දැන්ම කොහේ අහරි රටකට විසා අරන් තියා ගනනින්
ReplyDeleteනැත්නම් තොපිට වහ කල මැරෙන්න වෙන්නේ
චන්දයක් ළඟ පාතකවත් නෑ. ඒ උනාට පරාද වෙයි කියල දැන්ම බය වෙලා.
ReplyDeleteමේ වගේ මැර තර්ජන කරන කොට සට්ටඹියො දැන ගන්න ඕන තමන්ටත් වෙන්නෙ මේකම කියලා. මේ කතාවත් අදිකරනයට අපහාස කිරීමක්. ප්රජාතන්ත්රවාදයේ මලගම. හුන්ඩුවා පන්නපු කුමාරට කියල පලක විවුර්ත කරේ. දැක්කනෙ උන්ගෙ සාදාරනත්වය. රටේ ප්රතාපවත් වැඩක් කරපු නායකයො හිරගත කරාම රටේ ජනතාවට වෙන්නෙත් මුන් ගහන පදේට නටන්න. නාමල්❤ අපි ඔබ සමගයි.
ReplyDeletePunchammata hukapu paiyen amm human enna praya....ethakota api wedi thiyannam aprada pakayage pakata....
ReplyDeleteකෝච්චියට බෙල්ල තියනත් පුළුවන් ,ගගේ මුහුදේ පනින්නත් පුළුවන්
ReplyDeleteආරියතිලක
ReplyDeleteමාක්ස්වාදය (මාක්ස්-ලෙනින්වාදය) පිළිබඳව, දේශපාලන පක්ෂ මගින් රාජ්ය බලය ඇල්ලීම සඳහා ශ්රී ලංකාවේ ව්යාප්ත කිරීමට, දේශන තැබීමට, ප්රවර්ධනය කිරීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් කිසිවෙකුටත් ම ඉඩක් නෑ..
මාක්ස්වාවත් මාක්ස්-ලෙනින්වාදය, රාජ්ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ
ශ්රී ලංකා රාජ්යය ඇතුලත, ව්යාප්ත කිරීමට, දේශන පැවැත්වීමට, පංති වශයෙන් අධ්යාපන වැඩ සටහන් කිරීමට, කිසිවෙකුටත් ම ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් කිසිවෙකුට ඉඩක් නැත්තේ ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාව අනුව, ශ්රී ලංකා භූමියේ රාජ්ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ මාක්ස්වාදය ප්රවර්ධනය කිරීම, ව්යාප්ත කිරීමට කිසිවෙකුට අවකාශ නැත්තේ ය.
ආණ්ඩුක්ර ව්යවස්ථාවෙ 9 වන ව්යවස්ථාව අනුව මාක්ස්වාදයට ශ්රී ලංකාව අතුලත ඉඩක් නැත්තේ කුමක් නිසා ද?
මාක්ස්වාදය සියලු ආගම් ප්රතික්ෂේප කර ඇත. මාක්ස්වාදී කොමියුනිස්ට් පාලනයක ආගම් ඇදහීම පමණක් නොව මාක්වාදයෙන් පිටස්තර කිසිදු දේශ්පාලන දර්ශනයක් ඉගැන්වීම, මාක්ස්වාදී දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු දේශාපාලන පක්ෂ,සංවිධාන ද පැවැත්වීමට ඉඩක් නැත්තේ ය.
මාක්ස්වාදී දේශපාලනය විසින් ආගමික දර්ශනයන්ට සම්පූර්ණයෙන් ම පටහැනි මතවාදයන් රටේ පුරවැසියන්ට ඉගැන්වීම කර ආගම් අදහීමෙන් ඈත් කීරීම කරනු ලබයි. ආගම්
ඇදහීමෙන් තම පක්ෂ සාමාජිකයන් මතවාදීව ගොඩ නගත්. සියලු ආගමික මතවාද සර්ව සම්පූර්ණයෙන් ම මාක්ස්වාදය ප්රතික්ෂේප කරයි.
මේ හේතුවෙන්,මාක්ස්වාදය විසින්ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාව, ශ්රී ලංකාව ඇතුලත සෘජුව ම උල්ලංඝනය කරන බව කිව යුතු ය. 9 වන ව්යවස්ථාවෙන් කියවෙන 10 ව්යවස්ථාව සහ 14(1) (ඉ) ඡේදය ද සෘජුව ම උල්ලංඝනය වන බව කිව යුතු ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවථාව නම්:-
“9. බුද්ධාගම
ශ්රී ලංකා ජනරජය බුද්ධාගමට ප්රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්යවස්ථාවේ සහ 14වන ව්යවස්ථාවේ 1 වන අනු ව්යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
මෙම ව්යවස්ථාවෙන් කියවෙන 10 වන ව්යවස්ථාව හා 14 ව්යවස්ථාවේ (1)(ඉ) ඡේදය පහත පරිදි ය.
10 වන ව්යවස්ථාව:
සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස,
සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ නිදහස හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.”
14 ව්යස්ථාවේ (1) අනුව්යවස්ථාවේ (ඉ)ඡේදය:
“14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
යනුවෙන් ව්යස්ථා කොට ඇත්තේ ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 83 වන ව්යවස්ථා මගින්, 1වන, 2 වන, 3 වන, 6 වන, 7 වන, 8 වන, 9 වන, 10 වන, 11 වන, ව්යවස්ථා ද 30(2) හා 62 (2) යන ව්යවස්ථාවල හෝ ව්යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ
පරිච්ඡින්න කොට ප්රතියෝජනය සඳහා වූ හෝ ඒ ව්යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම් පතකට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්යාව (නොපැමිණි මන්ත්රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්රී සංඛ්යාවෙන් තුනෙන් දෙකකට නො අඩු වේනම්, හා ජනමත විචාරණයකින් ද සම්මත කොට ඇත්නම්, පමණක් එම පනත් කෙටුම් පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුලත්ව බලාත්මක වනවා ඇත. එසේ හෙයින් 09 වන සහ 10 වන ව්යවස්ථා දෙක ද කිසිදු ලෙසකින් ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් විනා සංශෝධනය කිරීම, හෝ පරිච්ඡින්න කොට ප්රතියෝජනය සඳහා වූ හෝ ඒ ව්යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා කිසිදු සම්මතයක් ඇති කළ නො හැක්කේ ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාවෙන් ලබා දී ඇති බුද්ධාගමට ප්රමුඛස්ථානය පිරිනැමීම සමගම, සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අවියෝජනීය සම්බන්ධය වන භික්ෂූන් වහනසේලා සහ විහාරස්ථාන පිළිබඳව ක්රියා කිරීමේදී, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ
XV වන පරිච්ඡේදය අධිකරණය, 105 වන ව්යවස්ථාවේ 4 වන අනුව්යවස්ථාවෙන් පනවා ඇත්තේ ය. එනම්:-
“105 (4) භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ විහාරස්ථානවල හෝ විහාරස්ථානවලට අදාළ සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් යම් ආරවුලක් හෝ විනිච්ඡය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිච්ඡය අධිකාර හෝ ආයතන ඇති කොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේ ය…” යනුවෙන් ද,
(සැලකිය යුතුය:- මෙය මෙම 4 වන අනුව්යවස්ථාව සම්පූර්ණයෙන් උපුටා දැක්වීම නො වේ.)
“භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” සම්බන්ධයෙන්
මේ අනුව්යවස්ථාවේ “භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” යන යෙදුම්වල ආණ්ඩුක්රම ව්යවස්ථාව ක්රියාත්මක වීම ආරම්භ වන අවස්ථාවේ
බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතේ ඒ යෙදුම්වල තිබූ අර්ථය ම ඇත්තේ ය.”
යනුවෙන් ව්යවස්ථා කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඇවැසි අධිකරණ බලය බලගැන්වීමට අවස්ථාව සලසා දී ඇත්තේ ය.
මේ ව්යවස්ථා ප්රකාරව 9 වන ව්යවස්ථාව උල්ලංඝනය වන ආකාර කිසිදු සංශෝධනයක් හෝ පැනවීමක් හෝ ක්රියාවකට හෝ ඉඩක්, ශ්රී ලංකාව ඇතුලත කිසිවෙකුටත් ම නැත්තේ ය.
9 වන ව්යවස්ථාවේ සඳහන් “ශ්රී ලංකා ජනරජය බුද්ධාගමට ප්රමුඛස්ථානය පිරිනමන්නේ ය.”
යන වැකියෙන් පනවා ඇති “ප්රමුඛස්ථානය” ලෙස ප්රධාන බව, ඉදිරියෙහි වූ තැන, මුල් පෙළ ස්ථානය, යන අරුත් ගෙන දෙන්නේ ය. “පිරිනමන්නෙ ය” නම් දීම ය. ප්රදානය ය. ලබා දීම ය.
බුද්ධාගම නම් තථාගත සම්බුදු රදුන්ගේ ශාස්තෘත්වය යටතේ වූ දේශනාව සහිත ථේරවාද සූත්ර, විනය, අභිධර්ම ත්රිපිටක ධර්මය ය, තත් ත්රිපිටකයට ලියන ලද අටුවා ටීකා සහිත ආචාර්ය මතය ද, තථාගතයන් වහන්සේගේ දේශනා පාලියට අනුගත , විනය ප්රතිපත්තිය, චතුරාර්යය සත්ය, පටිච්ව සමුත්පාදය, සතර සතිපට්ඨාන, සතර සම්යක්ප්රධාන, සප්ත බොජ්ඣ්ඞග, ආයතන, අටළොස් ධාතු, ඉන්ද්රිය දෙවිස්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සූවිසි පත්යයය, යන ධර්මයන් ද කර්මය, කර්ම විපාකය, නැවත් ඉපදීම හෙවත් පුනර්භවය, පින්, පව්, කුසල්, අකුසල්, සුගති, දුගති, දේව ලෝක, බ්රහ්ම ලෝක, සතර අපාය, ධ්යාන, මාර්ග-ඵල, නිර්වාණ ධර්මය සංශිප්තව ගත හැක්කේ ය.
සම්බුදු රදුන්ගේ ත්රිවිධ ශාසනය, “බුද්ධාගම” යනුවෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාවෙන් කියවෙන්නේ ය. එබැවින් සම්බුදු රදුන්ගේ ත්රිවිධ ශාසනය වන පර්යාප්ති, ප්රතිපත්ති, ප්රතිවේධ යන ත්රිවිධ ශාසනයට සම්බන්ධ ඇදහීම් ඇති, බෞදධ කුල සාමාජිකයන්ට සම්බුදු දහමට පටහැනි හා අනෙකුත් සියලු ආගම්වලට ද අයත් කුල පදනමට හානි වන ආකාරයේ ඇදහීම් මත්රයට පටහැනි, සියලු ආගම් ප්රතික්ෂේප කරන මාක්ස්වාදය , රාජ්ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ ශ්රී ලංකා රාජ්යය ඇතුලත, ව්යාප්ත කිරීමට, දේශන පැවැත්වීමට, පංති වශයෙන් අධ්යාපන වැඩ සටහන් කිරීමට, ශ්රී ලංකාව ඇතුලත කිසිවෙකු ක්රියා කරන්නේ ද, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාව උල්ලංඝනය වීම නොවැළැක්විය හැකි ය. එසේ උල්ලංඝනය වීම ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කරන බවට හා අනුගමනය කරන බවට දෙන ලද ප්රතිඥාව හෝ දිවුරුම උල්ලංඝ්නය කීරීමක් වන්නේ ය.
එසේ ම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාව හා එකී ව්යවස්ථාවෙන් කියවෙන 10 වන හා 14(1) (ඉ) ඡේදයෙන් කියවෙන ව්යවස්ථා උල්ලංඝනය වන ලෙස, මාක්ස්වාදය පැතිර වීම, රාජ්ය බලය ඇල්ලීමේ හෝ ගැනීමේ අදහස පෙරදැරි කර ගෙන මාක්ස්වාදය අන්තර්ගත පංති පැවැත්වීම, දේශන තැබීම, මාක්ස්වාදය ප්රවර්ධනය කිරීම ජනාධිපතිවරයා විසින් හෝ යම් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විසින් හෝ කරන්නේ ද, ජනාධිපතිවරයා නම්, ඔහු සෘජුව ම, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 32 වන ව්යවස්ථාවෙන් කියවෙන ධූරය භාර ගැනීමේ දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්රතිඥාව ප්රකාර දිවුරුම ද, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විසින් නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 63 වන ව්යවස්ථාවේ සඳහන් ප්රකාර දිවුරුම ද, හෝ 161 වන ව්යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 53 ව්යවස්ථාව ප්රකාරව 4 වන උපලේඛනගත සහ 7 වන උපලේඛනගත ප්රතිඥාව/දිවුරුම පරිදි ප්රතිඥා දෙන ලද හෝ දිවුරුම් දෙන් ලද අග්රාමාත්යවරයා, අමාත්ය මණ්ඩලයේ සියලු අමාත්යවරු, අමාත්ය මණ්ඩලයේ නොවන සියලු අමාත්යවරු, නියෝජ්ය අමාත්යවරු, අග්රාමාත්ය ලේකම්වරයා, අමාත්ය මණ්ඩලයේ ලේකම්වරයා, අමාත්ය මණ්ඩලයේ සියලු අමාත්යවරුන්ගේ අමාත්යංශ ලේකම්වරු, යන සියලු ධූරයන් ද,
ඉතිරි කොටස .....
ReplyDeleteආරියතිලක
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 61 ව්යවස්ථාවේ ඈ ඡේදය ප්රකාරව
IX පරිච්ඡේයෙහි විධායකය රාජ්ය සේවය යටතේ වූ සියලු ධූරයන් ද,
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 107 (4) ව්යවස්ථා ප්රකාර ප්රතිඥාව හා දිවුරුමට අදාළ ධූරයන් ද,
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 165 වන ව්යවස්ථා ප්රකාරව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 4 වන උපලේඛනයෙහි ප්රතිඥාව හා දිවුරුම අනුව සෑම රජයේ නිලධරයෙකු ද අධිකරණ නිලධරයෙකු ද ස්වකීය ධූරයේ කටයුතු භාර ගැනීමේ දී ප්රතිඥා දීමට හෝ දිවුරුම් දීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් නියමිතව ඇති සෙසු සෑම තැනැත්තකු ද, පවත්නා නීතිය යටතේ නිල ප්රතිඥාවක් හෝ දිවුරුමක් හෝ දීමට නියමිත ධූරයක් දරණ සෑම තැනැත්තකු ද සෑම පළාත් පාලන ආයතනයක ම සහ සෑම රාජ්ය සංස්ථාවකම සේවයෙහි නියුක්ත සෑම තැනැත්තකු ද, රාජ්ය බලය ඇල්ලීමේ හෝ ගැනීමේ අදහස පෙරදැරි කර ගෙන මාක්ස්වාදය අන්තර්ගත පංති පැවැත්වීම හෝ දේශන තැබීම හෝ, මාක්ස්වාදය ප්රවර්ධනය කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන්නේ ය. එය ම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනිව පවතින්නේ ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 4 වන උපලේඛනගත දිවුරුම නම්:
“…………………………………….. මම …………………………… ධූරයෙහි කාර්ය සහ කර්තව්ය ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද, මාගේ උපරිම ශක්ති ප්රමාණයෙන් ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප්රකාශ කොට ප්රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
පාර්ලිමේන්තු මන්ත්රීධුරය බලාත්මක කරන
63 වන ව්යවස්ථාව අනුව දිවුරුම:
“.................. වන මම ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට / ගෞරව බහුමානයෙන් යුක්තව ප්රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
7 වන උපලේඛන ගත දිවුරුම:
“…………………………………….. වන මම, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ශ්රී ලංකා දේශය් තුළ වෙන ම රජයක් පිහිටුවීමට කෙලින් ම හෝ අන්යාකාරයකින්, ශ්රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී අධාර දීම, අනුබල දීම, අනුග්රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම, නොකරන බවට ද, ගෞරව බහුමානයෙන් යුක්තව ප්රකාශ කොට ප්රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
“වත්මන් ආණ්ඩුවට ආණ්ඩු බලය ලැබී තිබුණ ද රාජය බලය ප්රමාණවත් පරිදි ලැබී නැත” යයි ආණ්ඩු පක්ෂය කීම ද ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක්!
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්යවස්ථා;
ශ්රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම, තහනම් කිරීම
“157අ (1) ශ්රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්යාකාරයකින් ශ්රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
අනුවෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 157අ (1) වන හා (2) වන අනුව්යවස්ථාවල පනවා අති හෙයින්
වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්යවරයන් විසින් හා ආණ්ඩු පක්ෂයේ ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින්,
“වත්මන් ආණ්ඩුවට ආණ්ඩු බලය ලැබී තිබුණ ද රාජය බලය ප්රමාණවත් පරිදි ලැබී නැත” යයි කරන ලද ප්රකාශ ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව කිව යුතු ය. ජනත පරමාධිපත්ය බලයට කරන අවමානයකි. එසේ ම 157අ ව්යවස්ථාවේ (1) සහ (2) අනු ව්යවස්ථා උල්ලංඝනය කිරීමක් ද වනවා ඇත. එසේ ම පාර්ලිමේන්තු මන්ත්රීවරයකු විසින් මේ ප්රකාශය කිරීම 63 වන ව්යවස්ථාව ප්රකාර ප්රතිඥාව/ දිවුරුම උල්ලංඝනය කිරීමක් ද, එම ප්රකාශය පළාත් පාලන ආයතන නියෝජිතයෙකු විසින් කරන ලද්දේ නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 165 වන ව්යවස්ථා ප්රකාර 4 වන උපලේඛනයේ ප්රතිඥාව සහ දිවුරුම උල්ලංඝනය කිරීමක් වන්නේ ය.
ඉතිරි කොටස .....
ReplyDeleteආරියතිලක
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 1 වන, 2 වන, 3 වන, 4 වන, ව්යවස්ථා මත සමස්ත ආණ්ඩුක්රම ව්යවස්ථාව ම පිහිටා තිබේ.
3 වන වව්යවස්ථාවෙහි:
“ශ්රී ලංකා ජනරජයේ පරමාධිපත්ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්ය අත්හළ නො හැක්කේ ය. පරමාධිපත්යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.”
යනුවෙන් ව්යවස්ථා කර ඇත්තේ ය.
මෙම ව්යවස්ථාවෙන් කියවෙන ශ්රී ලංකා ජනරජය යනු ශ්රී ලංකා රාජ්යය වේ. හෙවත් රාජ්ය බලමහිමය වේ. රාජ්ය බලය හෙවත් ශ්රී ලංකා ජනරජයේ පරම අධිපති කම ජනතාව කෙරෙහි පිහිටා ඇත. මෙම පරමාධිපත්යයයේ බලය කිසිවෙකුටත් ම අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්යයයේ බලයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් බව ව්යවස්ථාපිත ය.
රාජ්යයේ සියලු බලමහිමය ශ්රී ලංකා ජනරජය දරා සිටින බව;
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 166 වන ව්යවස්ථාවේ;
“166. ජනරජයේ බලතල, වරප්රසාද, පරිහාර, හා අයිතිවාසිකම්
“ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ක්රියාත්මකවීම අරම්භ වන තෙක් ක්රියාත්මක කළා වූ ද, කළහැකි වූ ද බලතල හා වරප්රසාද ද පරිහාර හා අයිතිවාසිකම් ද ඇතුළු සියලු බලමහිමය, පාර්ලිමේන්තුව වෙනත් අන්යාකාර විධිවිධාන සැලැස්වුවහොත් මිස, ශ්රී ලංකා ජනරජයට හිමි වන්නේ ය. ශ්රී ලංකා ජනරජය ඒ සියලු බලමහිමය දරා ක්රියාත්මක කරන්නේ ය.”
යනුවෙන් ව්යවස්ථා කොට ඇත්තේ ය.
ශ්රී ලංකා ජනරජයේ බලමහිමය හෙවත් ශ්රී ලංකා රාජ්යයයේ බලමහිමය, වත්මන් ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ක්රියාත්මක වන්නේ ය.
පත්වන කිසිදු ආණ්ඩුවකට, ශ්රී ලංකා ජනරජයේ බලමහිමය හෙවත් රාජ්යයයේ බලමහිමයට විරුද්ධව ක්රියා කිරීම, රාජ්යයයේ බලමහිමය හීන කිරීමට, ප්රතික්ෂේප කිරීමට, පවතින රාජ්ය බලමහිමය පෙරළා වෙනත් රාජ්ය ක්රමයක් ඇති කිරීමට තැත් කිරීම, කුමන්ත්රණය කිරීම, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 166 වන ව්යවස්ථාව, 157අ ව්යවස්ථාවේ (1) සහ (2) අනුව්යවස්ථා ඇතුලු සම්ස්ථ ආණ්ඩුක්රම ව්යවස්ථාව ම උල්ලංඝනය කිරීමක් බව කිවයුතු ය.
“වත්මන් ආණ්ඩුවට ආණ්ඩු බලය ලැබී තිබුණ ද රාජය බලය ප්රමාණවත් පරිදි ලැබී නැත” යයි
කරන ප්රකාශය ශ්රී ලංකා ජනරජයේ බලමහිමය ප්රතික්ෂේප කිරීමක් වන්නේය. සමස්ත ආණ්ඩුක්රම ව්යවස්ථාව ම මේ ප්රකාශයෙන් ප්රතික්ෂෙප කීරීමක් වනවා ඇත. මෙවැනි අදහසක් ජනාධිපතිවරයා විසින් කරන්නේ ද, අන්යයන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ ද, එසේ කිරීම
ඔහු සෘජුව ම, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 32 වන ව්යවස්ථාවෙන් කියවෙන ධූරය භාර ගැනීමේ දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්රතිඥාව ප්රකාර දිවුරුම උල්ලංඝනය කිරීමක් වන්නේය.
මෙම ප්රකාශය කළේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු විසින් නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 63 වන ව්යවස්ථාවේ සඳහන් ප්රකාර දිවුරුම ද, හෝ 161 වන ව්යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත්තේ ය.
පළාත් පාලන ආයතනයක මන්ත්රිවරයෙක් විසින් කරන ලද නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 165 වන ව්යවස්ථා ප්රකාරව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 4 වන උපලේඛනයෙහි ප්රතිඥාව හා දිවුරුම උල්ලංඝනය කිරීමක් වන්නෙ ය.
මෙවැනි ප්රකාශයක් අග්රාමාත්යවරයා, අමාත්ය මණ්ඩලයේ සියලු අමාත්යවරු, අමාත්ය මණ්ඩලයේ නොවන සියලු අමාත්යවරු, නියෝජ්ය අමාත්යවරු, අග්රාමාත්ය ලේකම්වරයා, අමාත්ය මණ්ඩලයේ ලේකම්වරයා, අමාත්ය මණ්ඩලයේ සියලු අමාත්යවරුන්ගේ අමාත්යංශ ලේකම්වරු, යන සියලු ධූරයන් විසින් කරන ලද්දේ නම්,
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 53 ව්යවස්ථාව ප්රකාරව 4 වන උපලේඛනගත සහ 7 වන උපලේඛනගත ප්රතිඥාව/දිවුරුම උල්ලංඝනය කිරීමක් වන්නේ ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
වත්මන් ආණ්ඩුවට ආණ්ඩු බලය ලැබී තිබුණ ද රාජය බලය ප්රමාණවත් පරිදි ලැබී නැත” යයි යන ප්රකාශයක් රජයේ නිලධරයෙකු විසින් ද, අධිකරණ නිලධරයෙකු විසින්, ස්වකීය ධූරයේ කටයුතු භාර ගැනීමේ දී ප්රතිඥා දීමට හෝ දිවුරුම් දීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් නියමිතව ඇති සෙසු සෑම තැනැත්තකු විසින් ද, , පවත්නා නීතිය යටතේ නිල ප්රතිඥාවක් හෝ දිවුරුමක් හෝ දීමට නියමිත ධූරයක් දරණ සෑම තැනැත්තකු විසින් ද සෑම පළාත් පාලන ආයතනයක ම සහ සෑම රාජ්ය සංස්ථාවකම සේවයෙහි නියුක්ත සෑම තැනැත්තකු විසින් ද, කරන ලද නම් එසේ කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 165 වන ව්යවස්ථා ප්රකාරව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 4 වන උපලේඛනයෙහි ප්රතිඥාව හා දිවුරුම උල්ලංඝාය කීරීමක් වන්නේ ය.
තවත් කිව යුත්තක් ඇත.
පැලවත්ත යනු තම පක්ෂයේ මූලස්ථානය බවත්, පක්ෂයේ පූර්ණ දායකත්වය සහ මඟපෙන්වීම ඇතිව ජනතාව ලබාදුන් බලය මෙහෙයවන බව, චතුරංග අබේසිංහ කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්යවරයා විසින් කියන ලදී.
සෑම දේශපාලන පක්ෂයකට ම පක්ෂ මූලස්ථානයක් තිබිය හැක. නමුත් ආණ්ඩු බලය මෙහෙයවන පක්ෂයකට තම පක්ෂ මූලස්ථානයෙන් ආණ්ඩු බලය මෙහෙවනවා යයි කීම ජනතා පරමාධිපත්යයයේ බලයට කරන හෑල්ලුවක් බව කිව යුතු ය. මෙය ශ්රී ලංකා ජනරජයේ බලම්හිමයට කරන ලද අවමානයක් ලෙස ද කිව යුතු වන්නේ;
ආණ්ඩුක්ර ජනතාවගේ පරමාධිපත්ය ක්රියාත්මක් කිරීම හා භුක්ති විදීම ද දක්වා ඇති ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 4 වන ව්යවස්ථාවෙහි (අ) , (ආ), (ඇ) ඡේදයන්ගෙන් කියවෙන් ජනතාව්ගේ ව්යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය, ජනතාවගේ අධිකරණ බලය දක්වා ඇත්තේ මෙසේ ය.
4 ව්යාවස්ථාවේ (අ), (ආ), (ඇ) ඡේද පමණක් මෙහි දක්වා ඇත්තේ ය.
“පරමාධිපත්ය ක්රියාත්මක් කිරීම
4. ජනතාවගේ පරමාධිපත්ය ක්රියාතක කිරීම ද, භුක්ති විදීම ද මතු දැක්වෙන ආකාරයෙන් සිදු වන්නේය.
(අ) ජනතාවගේ ව්යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන මන්ත්රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්රියාත්මක කළ යුත්තේ ය.
(ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්රියාත්මක කළ යුත්තේ ය.
(ඇ) නීතිය අනුව පාර්ලිමේන්තු විසින් ම ක්රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්රීවරුන්ගේ වරප්රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්රියාත්මක කළ යුත්තේ ය.”
රටේ පාලනය ජනතාවගේ පරමාධිපත්ය සතු ය. එය අන්සතු කිරීමක් නොකළ යුත් බව ද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පනවා ඇත්තේ ය. රටේ පාලන බලය හොබවන ව්යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය යන බලත්රිත්වය ජනරජයේ ජනතාව සතු ය. එම ජනතාව සතු බලයෙහි විධාය බලය හා අධිකරණය බලය ද පාර්ලිමේන්තුවට හෙවත් ව්යවස්ථාදායකයට වගකිව යුතුය. රටේ පාලන බලය මෙහෙයවීමට ආණ්ඩුක්රම වයවස්ථාවේ 43 වන ව්යවස්ථාවේ 1 වන සහ 2 වන අනුව්යවස්ථා මගින් ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය පිළිබඳව ද ඒ පාලනය පාර්ලිමේන්තුවට සාමූකව වගකීමට බැඳී සිටින බව පනවා ඇත්තේ ය. එනම්:-
“43 (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්ය මණ්ඩලයක් වන්නේ ය.
(2) අමාත්ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූකිකව වගකීමට සහ පිළිතුරු දීමට බැදී සිටින්නේ ය.”
මෙම ව්යාවස්ථා ප්රකාරව ජනරජයේ ආණ්ඩුවේ පාලනය පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් කරන බව පැවසීම ශ්රී ලංකා ජනරජයට, ආණ්ඩුක්රම ව්යාස්ථාවට, අමාත්ය මණ්ඩලයට කරන ලද බලවත් අවමානයක් හා ජනරජයේ බලමහිමය නොතකා හැරීමක් ද වන්නේ ය. රාජ්ය පාලනය දේශපාලන පක්ෂ මූලස්ථාන සතු හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනනුකූල වෙනයම් ගුබ්බෑයමක තබා කරන කාර්යයක් නොවන බව කිව යුතු ය.
ජනරජයේ ආණ්ඩුවේ පාලනය පිළිබඳව, අමාත්ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූකිකව වගකීමට සහ පිළිතුරු දීමට බැදී සිටින බැවින්, චතුරංග අබේසිංහ නියෝජ්ය අමාත්යවරයාගේ ප්රකාශය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 76 (1) ව්යවස්ථාව සමඟ ගැටීමට ලක් කරන බව කිව යුතු ය. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක බලය අත් නොහළ යුතු බව පනවා ඇති බැවින් අමාත්ය මණ්ඩල පාලනයේ වගකීම පාර්ලිමේන්තුව වගවීම පිළිගැනීම වෙනුවට පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පාලනයේ වගකීම කෙසෙ පාර්ලිමේන්තු විසින් පිළිගත හැකි ද?
ඉතිරි කොටස .....
ReplyDeleteආරියතිලක
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 76 (1) ව්යවස්ථාව;
“76 (1) ව්යස්ථාදායක බලය පවරා දීම
පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහටවිය යුත්තේ ය.”
ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට වගකීම් සංඛ්යාවට නොයන, ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ පැලවත්ත පක්ෂ මුලස්ථානය හෝ රාජ්යයේ පාලනයෙන් පිට වෙනත් කුමන හෝ ගුබ්බෑයමක සිට කරන රාජ්ය පාලනය ආණ්ඩුක්රම ව්යවස්ථා විරෝධී බව කිව යුතු ය.