නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, එම ආයතනය මේ වන විට මාසිකව සැලකිය යුතු ලාභයක් ලබමින් පවතින බවත් කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇතැම් දිනවල සේවකයන් අසනීප වීම හෝ දිවා ආහාරය සඳහා කෙටි වේලාවකට අලෙවිසැල වසා තැබීම වැනි කරුණු පදනම් කරගෙන මෙවැනි අසත්‍ය මත පතුරුවා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එම අලෙවිසැලේ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව දත්ත ඉදිරිපත් කළ අමාත්‍යවරයා, 2026 වසරේ මුල් මාස හත තුළ ලැබූ ලාභය මෙලෙස අනාවරණය කළේය.
- ජනවාරි: රුපියල් 162,000
- පෙබරවාරි: රුපියල් 386,000
- මාර්තු: රුපියල් 750,000
- අප්‍රේල්: රුපියල් 187,000
- මැයි: රුපියල් 537,000
- ජූනි: රුපියල් 354,000
- ජූලි: රුපියල් 994,000
මෙම අලෙවිසැල හුදෙක් සීනි අලෙවි කරන ස්ථානයක් පමණක් නොව, දේශීය දුඹුරු සීනි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන (පැණි, හකුරු ආදිය) ජනතාව අතර ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පැවසීය.
අලෙවිසැල සඳහා රුපියල් 85,000ක මාසික කුලියක් ගෙවන අතර, එහි සේවය කරන සේවකයන් දෙදෙනා සීනි සමාගමේ ස්ථිර සේවකයන් බැවින් ඔවුන්ගේ වැටුප් සමාගම මගින් ගෙවනු ලබයි.
සුදු සීනිවලට වඩා දුඹුරු සීනි සෞඛ්‍යයට හිතකර බවත්, ජනතාව ඒ සඳහා යොමු කිරීම රජයේ අරමුණ බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
එසේම, සීනි සමාගම සතු වගා නොකරන ඉඩම් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමටත්, උක් වගාවේ අතුරු නිෂ්පාදන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටත් ඉදිරියේදී සැලසුම් කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Minister Refutes Rumors of Sugar Shop Closure, Highlights Strong Financial Performance
Amid circulating rumors on social media regarding the closure of the Lanka Sugar Company's brown sugar retail outlet in Nugegoda, Minister of Industries and Investment Promotion Sunil Handunetti has declared these claims to be false. According to the minister, the establishment is currently enjoying a significant monthly profit.
Handunetti made these remarks while participating in the Derana 360 program, where he addressed recent speculation linked to worker absenteeism and temporary store closures for lunch breaks as the basis for the misinformation.
Presenting financial data, the minister disclosed the profits garnered by the outlet in the initial months of 2026, shedding light on its robust economic standing:
- January: LKR 162,000
- February: LKR 386,000
- March: LKR 750,000
- April: LKR 187,000
- May: LKR 537,000
- June: LKR 354,000
- July: LKR 994,000
Handunetti emphasized that the retail outlet serves not only as a location for sugar sales but also as a promotional center for local brown sugar and related products such as honey and jaggery.
The store pays a monthly rent of LKR 85,000 and employs two permanent staff members, whose salaries are covered by the Lanka Sugar Company.
The minister pointed out that brown sugar is more health-conscious than white sugar and highlighted the government's objective to encourage consumers to shift towards this healthier alternative.
Furthermore, Handunetti indicated future plans for the Lanka Sugar Company, which includes utilizing non-cultivated lands for tourism and producing organic fertilizers through by-products from cane cultivation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලාභෙට දෙන්නේ ආණ්ඩුව පාඩු විඳගෙන. ඒ කියන්නේ අපේ බදු සල්ලි.
ReplyDeleteතොගේ පුකට සිනී දාලා බල්ලෝ දම්මලා පුකේ ඇරවන්න ඕනී මුසල ඇඟිලි කොටා
ReplyDeleteසීනි විකිණීමට එක සිල්ලර කඩයක් දාලා පම්පොරි ගහන ඇමතියෙක්. ඇමති ධාරිතාව ගැන හිතාගන්න පුළුවන්නෙ දැන්.
ReplyDelete