ප‍්‍රභූ පන්තිය කියල එකක් දැන් නෑ.. ඒගොල්ලො හරි සුන්දර මිනිස්සු..- කළණ ගුණසේකර විවාහයෙන් පසු


 තම විවාහය මුල්කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන දේශපාලනික හා පෞද්ගලික විවේචන සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකර අන්තර්ජාල නාලිකාවක් (Wanesa TV) සමඟ පැවති සාකච්ඡාවකදී දීර්ඝ වශයෙන් අදහස් පළ කර තිබේ.

ගායන ශිල්පිනී රුචිනි විජේසුන්දර සමඟ යුගදිවියට එළඹීමත් සමඟ, කලණ ගුණසේකර ‘ධනවාදී හෝ ප්‍රභූ පවුලක් සමඟ සම්බන්ධ වෙමින් අරගලය පාවා දුන්නේ යැයි’ ඇතැම් පාර්ශ්ව නඟන චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

මිනිසුන් විවාහ වන්නේ දේශපාලන න්‍යායපත්‍ර මත නොව දෙදෙනෙකු අතර ඇතිවන ආදරය සහ අවබෝධය මත බව ඔහු එහිදී අවධාරණය කළේය.

"දැන් සමාජයේ ප්‍රභූ පන්තියක් හෝ රදල පන්තියක් කියලා එකක් නෑ. ඒ මතවාද අද වන විට අවසන්. රුචිනිගේ පවුලේ ඉන්නේ ඉතාමත් සරල, සුහදශීලී සුන්දර මිනිස්සු. ඇත්ත නොදැන පිටත සිටින මිනිසුන් තමයි විවිධ ලේබල් අලවමින් මේ ප්‍රශ්න මවාගන්නේ," යැයි කලණ සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම මංගල උත්සවයට සහභාගී වීම පිළිබඳව මතුවූ ආන්දෝලනයට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ, එතුමා පැමිණියේ දේශපාලන චරිතයක් ලෙස නොව රුචිනිගේ ඥාතියෙකු ලෙස බවයි.

"දේශපාලන මතවාද කුමක් වුවත්, එකම මේසයක වාඩිවී සුහදව කතාබහ කිරීමට තරම් මානසික සංවරයක් සහ දියුණු දේශපාලන සංස්කෘතියක් සමාජය තුළ තිබිය යුතුයි. අපි එකිනෙකා මරාගත යුතු නෑ. රනිල් වික්‍රමසිංහ මහතාත් අප සමඟ ඉතාම සුහදව කතාබහ කළා. මගේ මංගල්‍යයේදී කිසිදු දේශපාලනඥයෙකු සාක්ෂියට අත්සන් තැබුවේ නැහැ. අත්සන් කළේ අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ලක්ෂ්මන් මෙන්ඩිස් සහ එඩ්වඩ් ජයකොඩි යන කලාකරුවන් දෙපළයි."

විවාහයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලාවල රුචිනි විජේසුන්දරගේ ශරීර ස්වභාවය ඉලක්ක කර ගනිමින් සිදුවූ ‘Body Shaming’ සහ සයිබර් ප්‍රහාර පිළිබඳව ද කලණ දැඩි අප්‍රසාදය පළ කළේය.

"තවත් කෙනෙකුගේ රූපය හෝ හැඩය විවේචනය කරමින් නින්දිත වචන භාවිත කරන මිනිසුන් පෙන්වන්නේ තමන්ගේම හදවතේ ඇති අවලස්සනකමයි. කාන්තාවකට එවැනි ප්‍රහාර එල්ල කරන විට, ඇය වෙනුවෙන් පෙනී සිටි විශාල පිරිසක් සමාජයේ සිටීම ගැන මම සතුටු වෙනවා. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ආදරණීය වගේම ශක්තිමත් ගැහැනියක්," යැයි ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආකාරයේ මන්දිර හෝ අතිවිශාල දෑවැද්දක් තමන්ට ලැබී නොමැති බවත්, තමන් දෙදෙනා සාමාන්‍ය පරිදි කුලී නිවසක ජීවත් වෙමින් ඉදිරි කලා කටයුතු වෙනුවෙන් කැපවී සිටින බවත් කලණ ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේය.





Kalana Gunasekara Responds to Controversy Surrounding His Marriage

In a candid interview with Wanesa TV, popular actor Kalana Gunasekara addressed political and personal criticisms circulating on social media regarding his recent marriage. The conversation began following his union with singer Ruchini Wijesundara and has sparked various allegations, which Gunasekara vehemently dismissed.

Part of the scrutiny stems from claims that he has aligned himself with affluent or powerful families, which he firmly rejected. Gunasekara emphasized that the essence of marriage lies not in political beliefs but in the love and understanding shared between partners.

"There is no longer a 'noble class' or 'common class' in society. Such ideologies are outdated. Ruchini’s family consists of very simple, friendly, and beautiful people. It is outsiders who, lacking true knowledge, create these issues by labeling us,” he stated.

Addressing the controversy surrounding former President Ranil Wickremesinghe's attendance at his wedding, Gunasekara clarified that Wickremesinghe's presence was not as a political figure but rather as a relative of Ruchini.

"Regardless of political ideologies, there must be mental restraint and a culture that promotes healthy political discourse within society. We shouldn’t be at odds with each other. Ranil Wickremesinghe engaged with us in a very friendly manner. No politician signed as a witness at my wedding; it was our colleagues, Lakshman Mendis and Edward Jayakody, who did,” he noted.

Following the wedding, Gunasekara expressed strong disapproval of body shaming and cyber harassment aimed at Ruchini on social media. He criticized those who engage in such behavior, suggesting it reflects their own insecurities.

"When individuals use derogatory terms to critique someone’s appearance, it reveals their own heartache. I’m glad to see a significant support system in place for Ruchini when she faces such attacks. To me, Ruchini is a remarkably beautiful, loving, and strong woman,” Gunasekara asserted.

Furthermore, he reiterated that they have not benefited from any lavish appearances or lifestyles. Instead, the couple is dedicated to living humbly in a rented house as they focus on their future artistic endeavors.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. මිනිසුන්ගේ ස්වරූපය ගැන අපහාස කරේ උඹලනේ. රිටන් එක ඉවසගෙන හිටපං.

    ReplyDelete
    Replies
    1. කාලකණ්නි ජෙප්පා මිනිස්සුන්ට අපහාස කරල දැන් සුදනා වගේ දෙසන හැටි

      Delete
  2. මු හිතාගෙන ඉන්න උ පට්ට නළුවෙක් කියල...මොන සොක්කෙක්ද....මුට ඇක්ටින් චිප් එක නැහැ...උ නියමටම අල බතල ගිලපු ගනියෙක්ව බලා තියෙන්නේ....ඒ ගැනිට කන්න දෙන්න මුට තව රස්සාවක් කරන්න වේවි....එකී මොන හාල්ද කන්නේ...කොහෙන් කැපුවත් රාත්තලක් ගන්න පුළුවන්....ගනී මුගේ ඇග උද නැග්ගොත් මු චප්ප වෙලා මැරෙන්නේ....

    ReplyDelete
  3. රියල් ජෙප්පෝ😂😂😂😂
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල😂😂😂
    නිර්දන පංතියෙ අහිංසක ඇස් තිබුන අහිංසක කොල්ලව පුබුපංතියෙ ගෑනි දූසනය කරල. 😂😂😂😂
    5000 ඩෝබියන්ගෙ පිහිටෙන් රජ වුන තව නරියෙක්😂

    ReplyDelete
Previous Post Next Post