මැතිවරණයක් එයි.. ප‍්‍රබල තානාපති තහවුරු කරයි..


 පළාත් සභා මැතිවරණය කඩින් කඩ පැවැත්වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින්, උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ මුලින්ම පවත්වා සෙසු පළාත් සභා මැතිවරණ ඉන් අනතුරුව පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත් තුළ පවතින දේශපාලන වාතාවරණය රජයට යම් වාසි සහගත තත්ත්වයක පැවතීම මෙම යෝජනාව ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

එමෙන්ම, පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවෙන් එල්ල වන බලපෑමට සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලෙස ද මෙම පියවර ගත හැකි බවට පාර්ශ්ව රැසක් රජයට පෙන්වා දී ඇත.

රජය මෙවැනි සූදානමක පසුවන බව කොළඹ පිහිටි ප්‍රධාන විදෙස් තානාපති කාර්යාලයක නිලධාරියකු විසින් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයකු හමුවේ ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර ඇත.

අදාළ යෝජනාවට අනුව උතුරු සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට හැකියාව පවතින බව ද වාර්තා වේ.

තවද, උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රජය වෙත නම්මවා ගනිමින් සහ එම පළාත් ආශ්‍රිතව කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කරමින් මැතිවරණය සඳහා මුලපිරීම වඩාත් සුදුසු බවට ද අදාළ පාර්ශ්ව රජයට වැඩිදුරටත් යෝජනා කර තිබේ.

මේ වන විට දිවයිනේ සමස්ත පළාත් සභා නවයේම නිල කාලය අවසන් වී වසර හයකට අධික කාලයක් ගතව ඇති අතර, එම සියලු පළාත් සභා දැනට පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේය.





Government Considers Holding Provincial Council Elections in Northern and Eastern Provinces First

Reports suggest that the Sri Lankan government is contemplating a strategy to conduct provincial council elections in the Northern and Eastern provinces before proceeding with elections in other provinces. This decision comes amidst a focus on maintaining a favorable political climate in these regions.

Political sources indicate that a proposal has been tabled regarding this matter, reflecting the government's intent to leverage the current political dynamics for an advantageous outcome.

The need to address pressures from India, which has been advocating for swift provincial council elections, is also seen as a potential driving factor in this decision. Analysts suggest that this approach may serve as a viable diplomatic solution.

An official from a major diplomatic mission in Colombo disclosed this information during a meeting with a prominent local political leader, emphasizing the government's seriousness about such arrangements.

Under the proposed plan, there is an indication that the electoral process in the Northern and Eastern provinces could operate under the established traditional framework.

Moreover, key political figures from the North have suggested that the government should initiate rapid development projects in these provinces while keeping the elections at the forefront, aiming to ensure a productive transition.

It is noteworthy that the official tenure of the current provincial councils has exceeded six years, and all councils are presently administered under the direct oversight of governors appointed by the President.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. උතුරු නැගෙනහිර කොටින්ට දෙන්න ලෑස්ති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 22, 2026 at 10:19 PM

      අණිවාර්යයෙන්ම.
      උතුරු පලාතේ ආණ්ඩුකාරයා වෙන්නේ සුමන්දිරම්. එතකොට ඌ ඌට ඕන විදිහට ප්‍රඥ්ඥප්ති ටික හදාගත්තහම ඊළම නිකම්ම හැදෙනව.

      Delete
    2. ඊට පස්සෙ ඉතින් කන්කසන්තුරේ තිස්ස විහාරය මුලතිව් කුරුන්දි විහාරය ඇතුලු උතුරු සහ නැගෙනහිර පලාත්වල තියෙන 
      ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ඔක්කොම ඉවරයි.

      Delete
    3. ඔය ගමන්ම මතක් කරල කොටින්ට ඉඩම් බලතල, පොලිස් බලතල ටිකත් දීලම හිටපන් කොටෝ, මේ සිංහල බෞද්ධයාට කෙලවිලාම පලයන් කියල.

      Delete
    4. දෙයි, දෙයි, නොදී ඉන්නෙ නෑ. ඒකට තමයි ඔය කැසකවන්නෙ.

      Delete
  2. අපරාදෙ යුද්දෙ දින්නෙ.කාලකන්නි 68 ලක්ශෙ රට කෑවා.

    ReplyDelete
    Replies
    1. අහිංසක සිංහල දෙමව්පියන්ගෙ වීර දරුපැටව් 27,000 ක් දිවිපුදල, තවත් එවැනිම දහස් ගානක් සදාකාලිකව අබ්බගාත වෙලා බේරගත්ත අපේ රටට
      මේ වින්නැහිය කරන එවුන්ගෙ පවුල් පිටින් සුන්නත්දූලි වෙලා යන්ඩ ඕනැ.

      Delete
    2. Ha aiye. balanna p_uka sududa kiyala

      Delete
  3. මුන් රට විනාසම කරලා දානවනෙ.

    ReplyDelete
    Replies
    1. එළාරගෙන් පැවතෙන එකෙකුට පාලන බලය ගියහම ආයෙ ඉතින් අහන්ඩ දෙයක් නෑ.

      Delete
  4. 11/06 ආවේ kasakarayo.

    ReplyDelete
Previous Post Next Post