ඇමෙරිකාවෙන් ඉරාන තෙල් නැව් පහකට ප්‍රහාර : ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරකට ඉරානයෙන් මිසයිල වැස්සක්....


 ඇමෙරිකානු යුද නෞකාවක් ඉලක්ක කර ඉරානය එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන්, ඉරානයට අයත් තෙල් ප්‍රවාහන නෞකා පහකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (Centcom) ප්‍රකාශ කරයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

කෙසේ වෙතත්, ඉරානය එල්ල කළ මිසයිල 20න් 18ක්ම සිය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කළ බව ජෝර්දාන ආරක්ෂක අංශ පවසයි.

ඉතිරි මිසයිල දෙක ජනශූන්‍ය ප්‍රදේශවලට පතිත වී ඇති අතර, එම ප්‍රහාරවලින් කිසිදු ඇමෙරිකානු සෙබළෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඕමාන් බොක්කේ යාත්‍රා කරමින් තිබූ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට සම්බන්ධ තෙල් නෞකා හතරක් සහ ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් පත ආසන්නයේ තිබූ තවත් නෞකාවක් ඉලක්ක වී ඇත.

ඉරානයේ බොරතෙල් නිෂ්පාදනයෙන් 90%ක් පමණ අපනයනය කෙරෙන්නේ මෙම දූපත හරහාය. මෙම නෞකා, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට සහ කලාපීය සන්නද්ධ කණ්ඩායම්වලට මුදල් සපයන රහසිගත මූල්‍ය ජාලයකට අයත් ඒවා බව ඇමෙරිකාව පෙන්වා දෙයි.

මේ අතර, තවදුරටත් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවන ඉරානය, කුවේටය සහ බහරේනය ආශ්‍රිත වරායන්හි නැංගුරම් ලා ඇති ඇමෙරිකාවට සම්බන්ධ නෞකාවල සිටින කාර්ය මණ්ඩලවලට වහාම එම නෞකාවලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

දෙරට අතර උත්සන්න වී ඇති මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මීට අමතරව, යේමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ බලශක්ති සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 73 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තෙල් මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව සෞදි බලධාරීහු තහවුරු කරති.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ, ඉරානය ඇමෙරිකානු නාවික හමුදාවන්ට පහර දීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඔවුන්ට සිය තෙල් නෞකා අහිමි කර ගැනීමට සිදුවන බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නියමුවන් රහිත ඇමෙරිකානු සබ්මැරීනයක් අත්අඩංගුවට ගත් බවට ඉරානය කළ ප්‍රකාශය ද ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇති අතර, කාර්මික දෝෂයකට ලක්වූ රහස්‍ය තොරතුරු රහිත පැරණි වර්ගයේ නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් එලෙස ඉරාන ග්‍රහණයට පත්ව ඇති බව Centcom බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.





Iran Launches Missile Strikes Targeting U.S. Military Assets Amid Rising Tensions

In a response to attacks targeting American naval vessels, U.S. Central Command (Centcom) reported that Iran has carried out strikes against five oil tankers affiliated with its forces.

As retaliation, Iran launched a barrage of ballistic missile strikes at a U.S. military base located in Jordan. However, this attack was largely neutralized, with Jordanian defense forces reporting that 18 out of 20 missiles were successfully intercepted by their air defense systems.

The remaining two missiles fell into uninhabited areas, and there have been no reported injuries among American forces due to the missile strikes.

American military operations earlier targeted Iranian Revolutionary Guard-associated oil tankers operating in the Oman Sea, alongside a vessel located near Kharg Island, which serves as a key oil export hub for Iran.

Approximately 90% of Iran's crude oil is exported through Kharg Island. The U.S. claims these tankers are part of a clandestine financial network that funds the Iranian Revolutionary Guard and various regional militant groups.

Amid continuing threats of further aggressive actions, Iran has warned maritime personnel aboard American-linked vessels in Kuwait and Bahrain to evacuate immediately from those ships.

This escalating military tension has significantly impacted global oil prices, causing noticeable increases in the market.

In addition, a drone and missile assault by Iranian-aligned Houthi fighters on Saudi Arabia's energy and civil infrastructure resulted in injuries to 73 individuals, as Saudi authorities confirmed a temporary halt to oil operations due to the attacks.

U.S. Secretary of State Marco Rubio remarked that Iran faces a continuous struggle to maintain its oil tankers as they make repeated attempts to attack American naval forces.

While Iran claimed to have seized an unarmed American submarine in the Strait of Hormuz, the U.S. has refuted this assertion, clarifying that a malfunctioning reconnaissance drone, an older model devoid of classified information, was indeed captured by Iran.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පඩංගුකාරයන්ට බයියන්ට සතුටු හිතෙන නිව්ස්

    ReplyDelete
Previous Post Next Post