වත්මන් කථානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර සුදුසු දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දුන්නේය.
එම පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටියේ, මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කථානායකවරුන්ට අපලයක් පවතින බවයි.
මීට පෙර එම ධුරය හෙබවූ අශෝක රන්වල මහතා සිය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකිව ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, වත්මන් කථානායකවරයාට ද මේ වන විට බරපතළ චෝදනා එල්ල වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පසුගිය සතිවල කථානායක නිල නිවසේ තිබූ ඇතැම් භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද කථානායකවරයා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු තවත් කිහිපදෙනෙකු ද වත්මන් කථානායකවරයාට එරෙහිව මේ වන විටත් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම මෙහිදී සිහිපත් කළේය.
එබැවින්, වත්මන් කථානායකවරයා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මෙම සියලු පැමිණිලි කඩිනමින් විභාග කර, පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Medical Expert Calls for Inquiry into Allegations Against Current Speaker of Parliament
Today, Dr. Chamila Sanjeewa, a prominent medical expert, submitted a formal complaint to the commission investigating allegations of corruption and bribery, urging for a thorough inquiry and appropriate disciplinary actions against the current Speaker of Parliament. This step follows rising concerns regarding the conduct of parliamentary leaders since the government's inception.
Speaking to the media after filing the complaint, Dr. Sanjeewa emphasized that there appears to be a troubling pattern concerning Speakers of Parliament in the current administration. He pointed out that Ashoka Ranawela, his predecessor, was previously compelled to resign after failing to present his degree certificate.
Dr. Sanjeewa noted that serious allegations have now surfaced against the current Speaker, particularly regarding the misuse of items from the official Speaker’s residence for personal purposes, alongside other concerning issues.
He also highlighted that several complaints opposing the current Speaker have already been lodged by other individuals, including parliamentarian Dayasiri Jayasekara.
In light of these developments, Dr. Sanjeewa urged the commission to expedite the examination of all allegations against the current Speaker, conduct a thorough investigation, and take necessary legal measures to impose appropriate penalties.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොණ්ඩම් ටික නම් එහෙම්මමයි නේද?
ReplyDeleteKatata ganne condoms dalada? SAKKILI BALLO MALLI.
DeleteGOTHRIKA JEPPO.
PUKA DEE KATA DEE NASI....
ලංකාවෙ තුන්වන පුරවැසියා. ආදර්ශය නියමයි. දැන්ඩොබයියො රන්වලයව ෆොම් කරනවා ඌගෙ උපාධි ආයි සහතිකය වටෙ කරකවනවා. මහණවෙලාලු ආචාර්ය උපාධිය ගත්තෙ. සදුදා ඉදලා උඹලගෙ ඔෆිස් වල ඉන්න ඩොබයියො ටික ඔය අළුත් කථා ටික කාන්දු කරයි. ගෑණු ටික කියයි "හානෙ ඇත්තේද මහණ කෙනෙක් වෙලත් හිටියද?
ReplyDeleteහොරුන්ට හොරකන් කරනවා ඇරෙන්න වෙන මොනවා ද කරන්න පුළුවන් කියපන්? උන් උන්ගේ පාඩුවේ උන්ගේ ජොබ් එක කරගත්තම අනිත් උන්ට පාන් ද?
ReplyDelete