ලෝක වෙලදපලේ ඉන්ධන මිල වැඩිවෙලා.. මොකද කරන්නේ කියා සාකච්චා කරනවා..


 මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, එම තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව රජය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

සූවස් ඇළ මාර්ගයට පිවිසෙන රතු මුහුදේ බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙපස පිහිටි ප්‍රදේශ හූති කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමත් සමඟ ගෝලීය නාවික ප්‍රවාහනයට සහ තෙල් සැපයුමට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104ක් සහ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් ලෙස ඉහළ අගයක සටහන්ව පවතී.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා,

"මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය ඉතාමත් බරපතළ සහ අවදානම් සහගත මට්ටමකට පැමිණ තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැසඳීමේදී ඩීසල් මිල පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉහළ අගයද ඉක්මවා ගොස් ඇති අතර, පෙට්‍රල් සහ බොරතෙල් මිලද උපරිම අගයක පවතිනවා. මෙම මිල ඉහළ යාම හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් කඩිනම් සාකච්ඡාවක් පවත්වා නොමැති වුවත්, ඉදිරියේදී මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව රජය මට්ටමින් සාකච්ඡා කර තීරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා." යැයි පැවසීය.

මෙරට මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස අවසානයේදී දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත්තේ මෙවන් අභියෝගාත්මක ගෝලීය පසුබිමක වීම විශේෂත්වයකි.





Rising Oil Prices Prompt Government Discussions Amidst Escalating Middle Eastern Conflicts

In light of escalating military confrontations in the Middle East, which have significantly impacted global oil prices, the Sri Lankan government is set to engage in discussions to determine how best to navigate this evolving situation, according to D.J. Rajakaruna, Chairman of the Ceylon Petroleum Corporation.

The recent capture of strategic areas by Houthi rebels near the Bab al-Mandeb strait has exerted intense pressure on maritime navigation and oil supply routes worldwide.

This turmoil has pushed the price of crude oil barrels to exceed the $100 mark in global markets, with Brent crude reaching $104 and WTI crude at $100, reflecting a sharp rise.

Rajakaruna noted the severity of the ongoing conflict in the Middle East, emphasizing that the circumstances have deteriorated to a significantly dangerous level. He pointed out that prices for diesel have surpassed previous highs recorded in April, with petrol and crude oil also at peak levels. Although discussions on necessary measures to address this price surge have yet to take place, he expressed optimism that the government will soon formulate a strategy to effectively confront the crisis.

As per the country's monthly fuel pricing formula, adjustments to local fuel prices are anticipated by the end of this month, though this will occur against a backdrop of these challenging global developments.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. As per the AKD theory you need to assign a merchant from pettah market. no need to have a government

    ReplyDelete
  2. හරි... ශොට් එක දෙන්න යන්නේ.
    අනුරයෝ, ඉක්මනට ‍රැලි ටික ඉවර කරපන්. නැත්තන් ගුටි කාල එන්න වෙන්නෙ උඹට.

    ReplyDelete
    Replies
    1. ගිනි පෙට්ටි 2න් බෝම්බ ගහන සීයාSeptember 14, 2026 at 9:22 AM

      රුපියල් 20ක් දීපන් ගිනි පෙට්ටි 2ක් අරන් මූටත් බෝම්බයක් ගහන්න.

      Delete
  3. ආයෙ තෙල් මිල වැඩි කරපන්කො බලන්න.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිSeptember 14, 2026 at 9:27 AM

      ඇයි තෙල් මිල වැඩි කරොත් උඹ මොනව කරන්නද?

      Delete
    2. මොනව කරන්නද ඉතින්, වෙනද වගේම රුපියල් 500ක තෙල් ගහනව.

      Delete
    3. ගිනි පෙට්ටි 2න් බෝම්බ ගහන සීයාSeptember 14, 2026 at 9:30 AM

      අඩෝ පතිරණය මේ, නිකන් පල් ටෝක්ස් දාන්න එපා හරිය.
      උඹට බෝම්බ ගහන්නේ එක ගිනිපෙට්ටියෙන් අන්න ඒක මතක තියා ගනින්.

      Delete
  4. කොහොම හරි ඉරානෙට පින් සිද්ධ වෙන්න මුන් ලංකාවේ මෝඩයො ටික අන්දගෙන ගල් අඟුරු වංචාවේ පාඩුව පියවා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මේ රටේ මේවටත් ‍රැවටෙන මී හරක් ඉන්නවනේ.
      ආන්ඩුව තෙල් වලට බදු ගහනවා 160ක් විතර. බද්ද අයින් කරන්නේ නැතුව තෙල් මිල වැඩි කරනවා.
      එක බල්ලෙක් නැහැනේ තෙල් වලට බදු ගහනවද බදු වලට තෙල් ගහනවද කියලා අහන්න.

      Delete
    2. හරියට හරි. තාම අනුරගෙ බොරු පිලිගන්න අය ඉන්නවා.

      Delete
  5. සාකච්ඡා කරන්න දෙයක් නැහැ. කෙලින්ම වැඩි කරපන්.
    ඊට පස්සේ අනුරයට ගිහින් පචයක් කියන්න කියාපන්.
    එතකොට ඡන්දෙ දුන්න මී හරක් ටික චූන් වෙලා හෝදන්න ගනීවි.
    ලෝක අර්බුදයක් තියෙන වෙලාවේ මේකත් සැපයි,
    උඹලා ලෝක අර්බුදයක් තියන බව දන්නෙ නැද්ද කියලා ලස්සනට හෝදලා දේවි.
    ඒත් ඇයි එහෙනං 160ක් බදු ගහන්නෙ කියල ඇහුවම උත්තර නැතිවෙයි. ඒත් වෙන තැනක ගිහින් හෝදයි. සක්කිලි පාහර ජෙප්පො.

    ReplyDelete
  6. දැන් මාස 2ක් තෙල් මිල ඩොලර් 60ට කිට්‍ටු වෙන්න අඩු උනාම ඒක අඩු කරන්න සාකච්චා කරන්න හිතුනෙ නැත්තෙ මොකද පරයො?

    ReplyDelete
    Replies
    1. 60ta aduwune ube hora ganige gedarin genath deelada? Nodanna pakawal katha nokara idapan....Bath tikak kapan ethakota mole ewi...

      Delete
  7. පට්ට තකයා තෙල් මිල වැඩි නම් නම් හුජ්ජ කරලා හරි අඩු මිලට තෙල් දීපන්.

    ReplyDelete
  8. මොකෙන්ද බං මූ. ජනාධිපති කෙනෙක්ද හුණ්ඩු පචයෙක්ද? ලොකෙ එක පැත්තකින් ගිනි ගන්නවා. මූ හුණ්ඩු පක්ෂ නායකයෙක් වගෙ රැස්වීම් තිය තිය යනවා. පොඩ්ඩක් බලපන් මගෙ රැසවීමෙ සමස්ථ තෙල් වියදම රුපියල් මිලියන ගණනක්.

    ReplyDelete
  9. දැන් මේ දවස් ටිකේම තෙල් මිල ලෝක වෙලදපොකේ අඩු වුනා.තොපි අඩු කරාද. ගල් අගුරු ව්ංචාව වහන්බ බොරු ගොතනවා. මේකත් ලපයගෙ පචයෙක්

    ReplyDelete
Previous Post Next Post