කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල්වල ක්‍රේප් බැන්ඩේජ් (Crepe bandage) ඇතුළු ශල්‍යකර්ම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ශල්‍ය උපාංගවල පවතින හිඟය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
වෛද්‍ය සැපයුම් ඒකකය මගින් අදාළ බැන්ඩේජ් වර්ග ඇතුළු ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ට අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීමේ යාන්ත්‍රණයේ පවතින ප්‍රමාදය හේතුවෙන්, ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ රෝහල අසල පිහිටි ඖෂධහල්වලින් අදාළ ද්‍රව්‍ය මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට ප්‍රතිපාදන වෙන්කර දී තිබුණද, ඇතැම් ප්‍රාදේශීය රෝහල්වල එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රෝගීන්ට මෙලෙස උපකරණ හිඟයකට මුහුණ දීමට සිදුව ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල්වලද මෙම තත්ත්වය උද්ගතව ඇති අතර, විශේෂයෙන්ම තුවාලවලට ඖෂධ යෙදීම, ශල්‍යකර්මවලින් අනතුරුව තුවාල ආවරණය කිරීම සහ අස්ථි ශල්‍යකර්ම ආදියෙන් පසු තුවාල සඳහා අවශ්‍ය කෙරෙන ආධාරක ලෙස භාවිත කරන බැන්ඩේජ් වර්ගවල පවතින හිඟය හේතුවෙන්, එම බැන්ඩේජ් වර්ග පිටතින් මිලදී ගෙනවිත් දෙන ලෙස රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් රෝගීන්ට උපදෙස් දෙන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කරයි.
ඇතැම් රෝගීන්ගේ සාත්තු සත්කාර සඳහා කිසිවෙකුත් නොමැති පසුබිමක, මෙවැනි තත්ත්වයක් හමුවේ අදාළ රෝගීන්ට අවශ්‍ය කරන ශල්‍ය උපකරණ බාහිර ඖෂධහල්වලින් පවා ලබාගැනීම අතිශය දුෂ්කර වී ඇති බවත්, මේ හේතුවෙන් විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රෝගීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
එසේම, 2027 වර්ෂය සඳහා වන වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදන යාන්ත්‍රණය මේ වන විට අඩාල වී ඇති බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලසීමාවේ පැවති බරපතළ ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය ලබන වසරේදී යළිත් ඉස්මතු වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
Healthcare Professionals Warn of Acute Shortage of Surgical Supplies in Sri Lanka
Patients at Colombo National Hospital and other major medical facilities are facing significant challenges due to an acute shortage of essential surgical supplies, including crepe bandages, as highlighted by the Chairman of the Medical Professional Associations Consortium, Dr. Chamala Sanjeewa.
The delay in the procurement process managed by the Medical Supplies Unit has left hospitals struggling to obtain necessary equipment for surgical procedures. Although provisions were allocated for directors of hospitals to purchase these materials from local pharmacies, the improper implementation of this mechanism at some regional hospitals has led to critical shortages for patients, Dr. Sanjeewa noted.
This alarming situation is prevalent across major hospitals, with a particular impact on the availability of bandages needed for wound dressing post-surgery, especially for orthopedic procedures. In light of the shortages, hospital staff have begun advising patients to procure necessary bandages from external pharmacies, which underscores the urgent need for action.
For some patients receiving treatment, the lack of available surgical supplies has made obtaining essential items from external pharmacies exceedingly difficult. This challenge disproportionately affects low-income patients, further exacerbating their hardships, according to Dr. Sanjeewa.
Additionally, he warned that the procurement mechanism for medical supplies for the year 2027 is already faltering, raising concerns that the severe shortages of critical medicines and surgical supplies experienced in the past may re-emerge in the coming year. He urged the Minister of Health to prioritize immediate attention to this pressing issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මාලිමාවට දුන්න ඡන්දය ගැන ආඩම්බරයි.
ReplyDeleteකජු ආත පොතක් ලියනවලු - "සාගලයි මමයි ජුන්ඩෝ දෙන්නයි"
Deleteමම නං හිතුවෙ පොතේ නම, "සමනල් ගැටය" කියල
Deleteමොකා පොත් ලිව්වත් කමක් නෑ, ටිල්වින් ගෙ දැනුමෙන් අරික්කාලක් වත් ඔය එකෙකුට වත් නෑ.
DeleteBANDAGARE
DeletePIRENAWA ATHI VIYADAM NAHANE
ඕක තමයි කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියන්නේ. මොකද බෙහෙත් හිඟයි.
Deleteජුන්ඩො දෙනයි කියන එකේ බුද්දිමය අයිතිය ඉල්ලලා කතා නායක නඩු දානවලු😂😂😂
Deleteවසර දෙකයි - රටට සුබයි.
ReplyDeleteඔව් බැන්ඩේජ් නම් මොනවවද, තෙල් තියෙනවනේ. කොහොමද අර දවස් වල...? වසර 2යි, තෙල් කුප්පියක් ගන්ඩ පෝලිමේ සති 2යි.
Deleteඅඩෝ ජයලත්... තොපේ බිමල්ගේ කටින් පැන්න ඇහුනේ නැද්ද උන්ගේ යාළුවෙක් පන්නපු තෙල් බෞසරයක් තාම ඉවර නෑ කියල. තොපේ හොර phd කාරයගේ කුමන්ත්‍රණ කියල දැන් අපි දන්නවා.
Deleteතව එක තෙල් බවුසරයක් කෑගල්ලේ දී ගිණි තිබ්බා, තව පොඩ්ඩෙන් මුළු කෑගල්ලම ගිණි ගන්නවා.
Deleteජයලත් දුරයගේ😂😂😂 ගු රස කරල කෑවට එලියට එන්න එපා ගද ගහනව
Deleteචමල් සංජීව කිව්ව නං ඉතිං හරි ඇති.
ReplyDeleteඌ මේ ඊයේ පෙරේද තව කීයක් ද මන්ද වැඩි කරල දෙන්න කියල හිඟමනෙත් ගියා නේද?
1 mi ta ta
ReplyDeleteමිල ගණන්වල වෙනසක් තිබුණොත් කූඩුවේ ඉන්න වෙන නිසා රෝහල් අධ්යක්ෂවරු ලෝකල් පර්චස් local purchase කරන්න බයයි.
ReplyDeleteඅවුලක් නෑ නාමල් දැම්මනෙ… පෙනඩෝල් නැති උනත් කමක් නෑ සිරන්තිවත් ඇතුලට දාන්න. අපි කොත්තමල්ලි බීලා ඉන්නම්….
ReplyDeleteජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව සිංගප්පූරුවේ සුප්‍රකට මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් වේ. Higanno NOMILE bandege hoyanawa
ReplyDelete