ක්‍රීඩා අමාත්‍යාංශයට අවශ්‍ය බස් රථ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා තීරුබදු කපා හැර ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථ දෙකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ යටතේ පවත්වාගෙන යන කාල්ටන් පෙර පාසලට දීමෙන් සිදු කරන ලද දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙතෙක් කරන ලද විමර්ශන මඟින් අනාවරණය වූ කරුණු අනුව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව දුන් උපදෙස් අනුව පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය මඟින්ද මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එසේම සිරිලිය පදනම හෙවත් සිරිලිය සවිය ජනාධිපති කාර්යාලය යටතේ පවතින කාන්තා සංවිධානයක් බවට ඒත්තු ගන්වා මේ මූල්‍ය අක්රමිකතාව සිදු කර ඇති බැවින් හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු සම්බන්ධයෙන්ද එමඟින් විමර්ශනය කරමින් පවතී.
මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් දුන් රුපියල් ලක්ෂ සීයක මුදලක් සිරිලිය පදනම මඟින් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන්ද මූල්‍ය විමර්ශන ඒකකය මඟින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිරිලිය පදනම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පෙන්වා දෙමින් ඉදිරිපත් වූ ලිපියක් අනුව විධිමත් අයුරින් කරුණු සොයාබැලීමකින් තොරව එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා විසින් දෙන ලද වාචික උපදෙස් අනුව එකී මුදල සිරිලිය පදනමට පරිත්‍යාග කොට ඇති බවත් එකී මුදලින් මිල දී ගත් බව අඟවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකුගේ උපන්දිනය නිමිත්තෙන් එම සී.ටී. ස්කෑනර් යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කොට ඇති බවත් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් සැබැවින්ම එම ස්කෑනර් යන්ත්‍රය ලැබී ඇත්තේ චීන රජය විසින් ලංකා රජයට දුන් ආපසු ගෙවිය යුතු බැඳුම්කර ණය මුදලක් උපයෝගි කරගෙන වන බැවින් ඒ සම්බන්ධයෙන්ද නීතිපතිවරයා උපදෙස් දී ඇති අතර, සිරිලිය පදනමේ සභාපති ශිරන්ති රාජපක්ෂ ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් කාරියවසම් ඇතුළු වගකිව යුත්තන්ගෙන් ප්‍රකාශ ගෙන විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට මූල්‍ය විමර්ශන ඒකකය පියවර ගනිමින් සිටියි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති කාරියවසම් ඇතුළු පිරිසෙන් මේ දක්වා ගත් ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට දී ඇති අතර, එහිදී ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් ඒ ප්‍රකාශ සටහන් අධ්‍යයනය කරමින් සිටිති.
Silumina
Investigations Launched into Corruption and Financial Irregularities Linked to Former First Lady
The Sri Lankan Commission to Investigate Allegations of Bribery or Corruption and the Criminal Investigations Department have initiated a joint inquiry into significant financial irregularities concerning the procurement of luxury buses by the Ministry of Sports. The procurement, involving substantial monetary value, was conducted under the purview of Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, and directed towards the Carlton Pre-School.
Initial findings from the inquiry have indicated that there is sufficient evidence to press criminal charges, as advised by the Attorney General's Department. Consequently, the Police Financial Investigations Division is undertaking formal investigations regarding these irregularities.
Additionally, it has come to light that the Siriliya Foundation, an organization linked to the presidential office, has been implicated in the financial misconduct. Investigations are also focused on Lalith Weeratunga, the former secretary to the president, and another individual who served as deputy secretary at the Presidential Secretariat.
During Mahinda Rajapaksa's presidency, allegations of misappropriation involving a substantial sum of Rs. 600,000 from the National Savings Bank through the Siriliya Foundation have surfaced. The Police Financial Investigations Division is conducting a separate investigation into these claims.
Documents obtained indicate that the Siriliya Foundation had requested the donation of a CT scanner for the Colombo Children's Hospital without a proper resolution process.Testimonies reveal that under verbal instructions from the then-chairman of the National Savings Bank, funds were allocated to the Siriliya Foundation, which later purchased the equipment as a donation on the occasion of the former President's son's birthday.
However, concerns have arisen as the CT scanner was reportedly purchased using funds linked to a loan from the Chinese government that was to be repaid by the Sri Lankan government. The Attorney General has provided further instructions regarding these matters. The investigation is expected to gather statements from Shiranthi Rajapaksa, board members of the Siriliya Foundation, and Pradeep Kariyawasam, who served as chairman of the National Savings Bank, to report findings for prosecution.
Statements collected from former chairman Kariyawasam and others have been submitted to the Attorney General's Department. A team of officials, including Senior Solicitor General Dilip Peiris, is currently reviewing these statements to determine subsequent legal proceedings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Palavaththata salli yana evta kohma nadu vateidha?
ReplyDeleteko ithin naduwak danna ekek pohottuwe inawada
DeletePatta wesawo palawatta palawatta ga gaa hitapalla. Maina ge guu puchchan ka kaa.
DeleteOya vage evta nadu dahanavanm lanakve hama minihtma nadu dhanna puluvan
ReplyDeleteKalin kivve 18 billion nadu gana dan dhanne mavata. ova yahapalane kaleth katha karapu eva
ReplyDeleteAnuradhapure senaga dakka vitharai mun baya vela
ReplyDeleteRatata dheyak karanne na hamadhama mokak hari nadgamak karala minissunva distract krna eka krnne
ReplyDeletemadamulana baiyo warella
ReplyDeleteKo horu alluwada??? 🤣
ReplyDeleteAllanakota kendiri ganna epa.
Horu allala witharak rata geniyanna baha
DeleteRate anith minissuth innawa
78/89 karali dekak gasa ratak bimata samathala kala jepi nadeta kisima danduwamak nudun ,Chandrika, Mahinda yana kala kanni palakayo denna novenna me rata sura purayak
ReplyDeleteMu dannawwa Namal enawa kiyala next election eken, mun score karanna yanne...mona hari boru nadu dala.. muge stambinta den rath wela tiyene..
ReplyDelete