එදා විපක්‍ෂයේ මන්ත‍්‍රීව සිටියදී කියූ දේ අද ජනපති ලෙස මං කරනවා..- ජනපති


 ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට  පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක්  සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන  අතර, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම  අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත  බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී (03) පැවති 160 වෙනි පොලිස් දින සැමරුම් උත්සවයට එක් වෙමිනි.

ගෙවී ගිය වසර 160ක කාලය තුළ රටේ ඇති වූ විවිධ ගැටුම්කාරි අවස්ථා, වසංගත ආදී පොදු ජනතාව ව්‍යසනයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා පොලීසිය පොදු ජනතාව වෙනුවෙන් සහ මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉටු කළ භාරදූර කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා විවිධ යුගවල විවිධ කාර්යයන් වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා පොලීසිය වෙත මේ වන විට පැවරී ඇති ප්‍රමුඛතම වගකීම වන්නේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ ජාතික වගකීම බව පෙන්වා දුන්නේය.  ඒ වෙනුවෙන් වෘත්තීය වගකීමෙන් එහා ගිය සමාජ වගකීමක් ලෙස සලකා කැපවන ලෙසද ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කළේය. 

පසුගිය වසර දෙක තුළ මෙරට වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණය සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සහ විදෙස්ගතව සැඟවී සිටි සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙකු ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ සහාය ඇතිව මෙරටට ගෙන ඒමත් මෙහිදී  ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා,මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය  සහ යටිතල පහසුකම් උපරිමයෙන් සලසා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

160 වෙනි පොලිස් දින සැමරුම් උත්සවයට එක් වූ ජනාධිපතිවරයාව පොලිස් උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගනු ලැබිණි.

ජනතා සේවාවන් කාර්යක්ෂම සහ කඩිනම් කිරීමට පොලිසිය සහ ජනතාව අතර තොරතුරු හුවමාරු කර ගැනීම විධිමත් කිරීමේ අරමුණින්  SRI LANKA POLICE MOBILE APP හඳුන්වා දීම සහ නවීකරණය කළ www.police.lk වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදුවිය.

ශ්‍රී ලංකා පොලීසියේ 160 වන සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු විය.

2026 ජනවරි 01 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සේවා පදනම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ පොලිස් නිලධාරීන් 1489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් උසස්වීම් ලිපි ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

160 වන පොලිස් දින සැමරුම සඳහා සහභාගිවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ උත්තමාචාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 

ආයතනයකට වසර 160ක් සම්පූර්ණ වීම කියන්නේ දිගු ඉතිහාසයක්. එම දිගු ඉතිහාසය තුළ අපේ රටේ ඇති වූ විවිධ ගැටුම් සහ ස්වභාවික විපත්, වසංගත මේ ආදී අපේ රටේ පොදු ජනයා ව්‍යසනයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා පොලීසිය පොදු ජනතාව වෙනුවෙනුත්, මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙනුත් ඉතා භාරදූර වගේම අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

ඒ නිසා මේ වසර 160 පුරාවට ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳ අපේ රටේ පුරවැසියන් තුළ ඔබ කෙරෙහි ගෞරවයක්, ඇගයීමක් සහ විශ්වාසයක් තිබෙනවා. ඔබට මේ හිමිවී තිබෙන ගෞරවය, ආදරය, විශ්වාසය රැක ගෙන ඉදිරියට යන්නේ කොහොමද. මේ වසර 160ක ඉතිහාසය දෙස බැලූ විට පොලීසිය පිළිබඳ ඉතා පැහැදිලි විශ්වාසයක් තිබෙන අතරම විවේචනද නොමැතිවා නොවේ. ඒ නිසා මේ අවස්ථාවේ පොලීසිය සතුව තිබෙන ප්‍රධාන වගකීම වන්නේ, විශ්වාසය තහවුරු කර ගනිමින් විවේචන, දෝෂාරෝපණ බැහැර කරමින් ඉදිරියට යාමයි.

කුමන විවේචනයක්, දෝෂාරෝපණයක් ජනතාව තුළ තිබුණත් අදත් ජනතාව අපේ ප්‍රදේශයට පොලීසියක් දෙන්න කියා ඉල්ලනවා. ජනතාවගේ සාමය, ආරක්ෂාව ඔබ සතුව තිබෙන බව මෙයින් පෙනී යනවා. පසුගිය වසර 160 පුරාවට ශ්‍රී ලංකා පොලීසියට ගෞරවය සහ විශ්වාසය කැඳවාගෙන ආපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටින බව මා දන්නවා. ඒ සඳහා නායකත්වය දුන් නිලධාරීන් සිටිනවා. එහෙත් ඒ හා සමාන ලෙසම පොලීසිය දෝෂාරෝපණයට පත්වීම සඳහා තනතුර හෙබවූ නිලධාරින් හේතු වූ බව රහසක් නොවෙයි. ශ්‍රී ලංකා පොලීසිය පිළිබද ජනතාවගේ අවිශ්වාසය ගොඩනැගීම සඳහා හේතු වූ කරුණු අද අපි ඉදිරියේ දිගහැරෙමින් තිබෙනවා. ඒ නිසා වර්තමාන ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන සියලු නිලධාරීන්ගේ වගකීම වන්නේ ඔබගේ වෘත්තියේ තිබෙන ගෞරවය සහ විශ්වාසය ශක්තිමත්ව ආරක්ෂා කරගෙන ඉදිරියට යාමයි.

ඉකුත් වසර 160 පුරා ඔබගේ කාර්යභාරයේ ප්‍රමුඛතාව කාලය සමග වෙනස් වී තිබෙනවා. අද අපේ සමාජය වෙළාගෙන තිබෙන මහා ව්‍යසනය දෙස බැලූ විට වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ මේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම බව අපි විශ්වාස කරනවා. එය ඔබට රාජකාරීමය වශයෙන්ම පැවරී තිබෙනවා. එහෙත් අපේ හදවතේ තෙතමනයක් තිබෙන මිනිසුන් ලෙස රාජකාරියෙන් ඔබ්බට යන සමාජ වගකීමක් ලෙසද සලකා  ඒ වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා. 

මේ සමාජ දේහය පුරා පැතිර යමින් තිබෙන විෂ මත්ද්‍රව්‍ය නම් මහා බිහිසුණු රකුසා සහ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා දායකවන ලෙස, මම මෙම විශේෂ දිනයේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ වගකීම දෙවුර දරාගත් පිරිස අතර  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන  නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ වගේම බිය නිසා මේ ජාලයේ ගොදුරු බවට පත්වි සිටින නිලධාරීන් සිටිනවා. තවත් පිරිසක් මිලදි ගෙන සිටිනවා. ඔබ වහාම බිය අත්හැර මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන්න කියලා මම මේ දෙපිරිසටම ආරාධනා කරනවා. එසේ නොමැති නම් ඔබ නිල ඇඳුම අත් හරින්න. එසේ නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිල ඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. මහා ගෞරවයක් සහිත පොලීසිය මේ අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතුයි.

අපිට ඔබ කෙරෙහි විශාල ඇගයීමක් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ ලංකාවේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණය සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට ඔබ සමත් වී තිබෙනවා. ඒ අනුව හෙරෝයින් කිලෝ ග්‍රෑම් 5255ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9966ක්, කේරළ ගංජා කිලෝ 44,684ක්, මත්පෙති, කරල් මිලියන 16.2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපේ තරුණ පරපුර, පාසල් යන දරුවන් කොතරම් ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු වීමට තිබුණාද, ඒ නිසා ඒ පිළිබඳ ඔබ කෙරෙහි අප තුළ ඇගයීමක් තිබෙනවා. එම ගෞරවය ඔබට හිමිවෙනවා.

ඒ වගේම විදෙස්ගතව සැඟවී සිටී සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ බුද්ධි අංශවල සහාය  ඇතිව සහ ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ සහාය ඇතිව මේ වන විට ලංකාවට ගෙනවිත් තිබෙනවා. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත තවත් කිහිප දෙනෙකු ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් සතුව තිබෙන දියුණු තාක්ෂණික ගිණි අවි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනය විනාශ කිරීමට ඔබ විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. ඒ වෙනුවෙන් නැවතත් ඔබට අපේ ගෞරවය, ප්‍රණාමය පුද කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා. 

ජීවිත පරදුවට තබා ඔබ මේ විමර්ශන රාජකාරී සිදු කරනවා. එම විමර්ශන සිදු කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂණ  වාර්තා යොමු කර අදාළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන විට බොහෝ විට විමර්ශන නිලධාරින් විශ්‍රාම යනවා. ඒ නිසා අත්අඩංගුවට ගන්නවා හා සමාන ලෙස වේගවත්ව නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලට, පුද්ගලයින්ට මොකද වෙන්නේ කියලා ජනතාව තුළ සැකයක් මතු වෙනවා. නිසි නඩු ගොනු කිරීමකින් පසු අධිකරණය මගින් නිසි දඬුවම් ලැබෙයි කියා ඔවුන් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ ක්‍රියාදාමයේ විශාල ප්‍රමාදයක් තිබෙනවා. 

ඒ නිසා මෙය මැඩ පැවැත්වීමට නම් විමර්ශන වේගවත් විය යුතුයි වගේම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි. ඒ නිසා මීට අදාළ සෑම ආයතනයක්ම ශක්තිමත් විය යුතුයි. අපරාධයට නිසි දඬුවම නිසි වේලාවේදී ලබා නොදීම අපරාධයට උත්තේජනයක් වෙනවා. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාදාමයන් කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුබ සිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරනවා. මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කිරීමට කිසිසේත් පැකිළෙන්නේ නැති බව ඔබට සහතික වෙනවා.

විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියට 10,000ක් අලුතින් බඳවා ගැනීමට අපි දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඔබ ඉතා අසීරු රාජකාරියක නිරත වෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලැබෙනවා. ඊට අමතරව පොලීසියේ සියලු නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට තම උසස්වීම් පිළිබඳ විශාල පසුතැවීමක් තිබෙනවා. මා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා “පොලීසියට බැදෙනකොටත් කොස්තාපල්, බඳිනකොටත් කොස්තාපල්, විශ්‍රාම යන විටත් කොස්තාපල්” කියලා. මම දැන් ජනාධිපතිවරයා. ඒ නිසා නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කොට අවශ්‍ය මානව සම්පත දිරි ගැන්වීම සහ ඇගයීමක් සිදු කිරීම මගේ වගකීමයි.

අද ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබා දෙනවා වගේම කුසලතා සහ විභාග මත උසස්වීම් ලබා දිය යුතුයි. අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. උසස්වීම් ලබා දීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබා දීම සඳහාත්, උසස්වීම් නොලැබී සිටින අය එම තනතුරේම අතිරේක ලෙස පිහිටුවීම සඳහාත් අපි කටයුතු කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ මානව සම්පතක් අවශ්‍යයි. ඒ වගේම හොඳ යටිතල පහසුකම් අවශ්‍යයි. ඒ අනුව රාජකාරී සඳහා යතුරුපැදි 700කට ආසන්න ප්‍රමාණයක්, සිංගල් කැබ් රථ  200ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. ඉන්දියානු ආධාර මත කැබ් රථ 138ක් මේ වන විටත් ලැබී තිබෙනවා. 

ඒ වගේම  නවීකරණය වූ පොලිස් මූලස්ථානයක් ගොඩනැගීමට එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා පැරණි ගොඩනැගිල්ලක තිබෙන්නේ. ඒ නිසා ඉදිරි අයවැයෙන් නව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය වන ගොඩනැගිල්ලක් ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පොලිස් රෝහල නවීකරණය කිරීම සහ නවාතැන් පහසුකම් ලබා දීම,  කුලී ගොඩනැගිලිවල පවතින පොලිස් ස්ථාන රජයේ ගොඩනැගිලිවල ස්ථාපිත කිරීම, නිලධාරීන්ට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීම සඳහා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය මානව සම්පත සහ යටිතල පහසුකම් අපි සංවර්ධනය කරනවා. ඒ වගේ නවීන තාක්ෂණය ඒකාබද්ධ කරනවා. 

අදත් ශ්‍රී ලංකා පොලීසිය සහ පෞද්ගලික සමාගමක් විසින් නිර්මාණය කරන ලද ඉතා වැදගත් යෙදවුම් කිහිපයක් දියත් කළා. ඒ වගේම විමර්ශන සඳහා පුහුණුවීම් සහ දැනුම අවශ්‍යයි. ඒ නිසා පුහුණු කිරීම් සඳහා අයවැය ලේඛනයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.  ශ්‍රී ලංකා පොලීසිය සඳහා ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. නූතන යුගයට ගැළපෙන පොලිස් නිලධාරියෙකු නිර්මාණය කළ යුතුයි. ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට අපේ පොලීසිය පරිවර්තනය කළ යුතුයි. ඔබ නිරන්තරයෙන් මහජනයා සමග ගැටෙනවා. මිත්‍රශීලි පොලිස් සේවාවක් වෙනුවෙන් ඔබේ මානසික තත්ත්වය සුවපත් කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගා දීමට අපි කැප වී සිටිනවා. ඒ අනුව මහජනතාවට පොලීසිය සමග සමීප සබඳතාවක් ඇතිකරගත හැකි, නව ශ්‍රී ලංකා පොලීසියක් අපි නිර්මාණය කරමු. 

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර,  බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුද, මහකොමසාරිස්වරු සහ තානාපතිවරුන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ශ්‍රී ලංකා පොලීසියේ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





President Anura Kumara Dissanayake Highlights Police Development Initiatives on 160th Police Day

During the 160th Police Day celebrations held at the Thimbirigasyaya Police Headquarters, President Anura Kumara Dissanayake underscored plans to enhance service excellence within the Sri Lanka Police. He announced an intention to introduce a new police uniform by mid-next year, alongside the provision of hazard allowances for all officers and measures to improve necessary infrastructure and recruit additional personnel.

The President acknowledged the myriad challenges faced by the police over the past 160 years, particularly in times of crisis and pandemics, emphasizing their crucial role in maintaining public safety and peace. He pointed out that the primary responsibility currently entrusted to the police involves tackling drug trafficking and associated crimes, urging officers to embrace not only their professional obligations but also their social responsibilities in combating these issues.

In his address, the President reflected on the record-high drug seizures and arrests made in the two preceding years, which included the capture of 74 internationally wanted fugitives aided by global cooperation. He affirmed the government's commitment to transforming the nation from a drug-affected state to a peaceful society by implementing necessary legal reforms and optimizing infrastructure.

President Dissanayake was warmly welcomed by the police force during the ceremonies, which also saw the unveiling of the new Sri Lanka Police Mobile App and the relaunch of the police website aimed at enhancing public service efficiency through improved information exchange.

The ceremony featured the presentation of commemorative stamps and the original anniversary cover to the President, who also oversaw the promotion of 1,489 police officers and 153 special task force members under the new long-service foundation effective from January 1, 2026.

The President lauded the police's achievements, revealing the significant quantities of drugs, including 5,255 grams of heroin, 9,966 grams of ice, and 44,684 kilograms of weed, which have been seized recently. He expressed a strong appreciation for the police's efforts in addressing the rampant drug crisis affecting youth and schoolchildren.

On a somber note, the President addressed the need for improvements in the judiciary to expedite the legal consequences faced by arrested individuals, stressing that a delay in processing cases could inadvertently promote criminal behavior. He called for stronger law enforcement across all institutions to ensure justice is served promptly.

Furthermore, the President emphasized the necessity of recruiting 10,000 new officers and committing to significant upgrades in police facilities, including the procurement of vehicles and the establishment of state-of-the-art police stations. There are plans to address the critical staffing shortages within the police force and to enhance their operational efforts.

Highlighting the need for ongoing training and modern resources, President Dissanayake reaffirmed his dedication to transitioning the Sri Lanka Police into a more community-oriented organization. He called for a supportive environment to foster positive police-public relationships and promised to prepare a new generation of police officers ready to meet contemporary challenges.

The event was attended by notable officials including Minister of Public Security and Parliamentary Affairs Ananda Viyepala, Deputy Minister Sunil Watagala, and several senior police officials, demonstrating a unified commitment to the mission of enhancing public safety in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ආරියතිලක


    ගෙවී ගිය වසර 160 ක ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාසයෙහි රන් අකුරින් ලියවෙන කරුණු අතර ශ්‍රී ලංකා රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමට උත්සාහ කළ, ක්‍රියා කළ, ජනතා විමුක්ති පෙරමුණෙහි 1971 රාජද්‍රෝහී කැරැල්ල, ද 1987/88/89 කාලයේ රාජද්‍රෝහී කැරැල්ල ද යන, ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී, දේශද්‍රෝහී සංනද්ධ කැරැළි දෙක මර්දනය කිරීමට දායක වීම හැදින්විය හැක. ඒ කරුණින් ද ශ්‍රී ලංකා පොලීසිය රටට කළ සේවය අමිල ය. එදා 1971 ත්‍රස්තවාදීන් අද
    "බක්මහ විරුවන්" ලෙසත්, 1987/88/89 රාජද්‍රෝහී ත්‍රස්තවාදීන් “ඉල්මහ විරුවන්” ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ සැමරුම් කරයි. එය මේ රටේ නීත්‍යානුකූල හමුදා හා පොලිස් හමුදාවට ද ශ්‍රී ලංකා ජනරජයේ ජනතා පරමාධිපත්‍යයට ද කරන මහත් ම අගෞරවයක් බව කිව යුතු ය.

    විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙන බවත්. ශ්‍රී ලංකා පොලීසියට 10,000ක් අලුතින් බඳවා ගැනීමට දැනටමත් අනුමැතිය ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමඟ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක් ඇත. එනම් ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් හෝ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරී සාමාජිකයන්, පොලීසියට බඳවා ගැනීමේදී උද්ගත වන රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ය. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමට ක්‍රියා කළා මිසක නීතියේ ආධිපත්‍ය රැකීමට ක්‍රියා කළ බවට සාධක තිබේ ද? ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පොලිස් සේවයට බඳවා ගැනීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නැතැයි නො සිතිය හැක. මෙය අතිශයින් රාජ්‍යයට භයානක තත්වයකි. වත්මන් ආණ්ඩුවේ බල අධිකාරිය මගින් ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් හෝ එම පවුල්වල සාමාජිකයන් පොලිස් සේවයට බඳවා ගැනීමට වැඩි බලපෑමක් ඇති විය හැක. එසේත් නැති නම් සැළසුම් සහගතව පොලිස් සේවය ඇතුලට ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් හෝ එම පවුල්වල සාමාජිකයන් පොලිස් සේවයට සුදුසු කම් ඇති පිරිස්, පොලිස් සේවයට ඇතුලත් කිරීමට අපේක්ෂා නො කරන්නේ යයි නො සිතිය හැක. ඒ කොමියුනිස්ට්වාදී පක්ෂයක උපාය මාර්ග අතිශයින් සූක්ෂම ලෙස ක්‍රියාවේ යොදවන බැවිනි. පවතින පොලිස් සේවය ජනතා විමුක්ති පෙරමුණේ කොමියුනිස්ට් අභිලාසයන් ඉෂ්ට නො කරන බව මෙන් ම කොමියුනිස්ට්වාදී සංනද්ධ කැරළි දෙකක් මාර්දනය කිරීමට දායක වූයේ මේ පොලිස් හාමුදාව ම ය. එබැවින් පොලීසියේ අභ්‍යන්තර සංයුතිය ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ පිරිසෙන් පිරිවීමට උත්සාහ නො කරන්නේ යයි නො සිතිය හැක.

    බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව මගින් රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව පැහැදිලි ලෙස කියා ඇත; එය ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව නීත්‍යානුකූලව පිළිගෙන ඇත්තේ ය. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමෙන් හා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙනි.


    මේ නයින් බලන කළ, ශ්‍රී ලංකා පොලිස් හමුදාවට, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හෝ එයට අනුබද්ධිත පක්ෂ, සංවිධාන, සමිතිවල සාමාජිකයන්, බඳවා ගැනීම කිරීම නිත්‍යානුකූල ද යන්න විමසිය යුතු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව(දේශ්පූරණත්වය උල්ලංඝනය කිරීම) ගැටීමට ලක් වන බව අපගේ අදහස ය. දැනට බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීති කෘත්‍ය පිණිස, නීතිපතිවරයාට ජනාධිපති ලේකම් කර්යාලය විසින් යොමු කොට තිබේ. ප්‍රදේශයේ හා රටේ, නීතියේ හා සාමයේ ප්‍රධාන බලධරයා ශ්‍රී ලංකා පොලීසිය බැවින්, පොලිස් සේවයට ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් හෝ එම පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නේ නම්, ඊට ප්‍රථම කොට බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නීති කෘත්‍ය කඩිනම් කොට, ජනතා විමුක්ති පෙරමුණට බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කරන දේශද්‍රෝහී ත්‍රස්තවාදී චෝදනාවෙන් නිදහස් විය යුතු ය. එසේ නොවී ජවිපෙ සාමාජිකයන්ට හෝ එම පවුල්වල සමාජිකයන්ට හෝ ශ්‍රී ලංකා පොලීසියට බැදීමට හෝ බඳවා ගැනීමට කිසිදු සදාචාර අයිතියක් නැති බව කිව යුතු ය. නීති සම්පාදනය කොට නීති පොත්වල නීති ලිඛිතව නීති තිබූ පමණින් නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත. එය ඉෂ්ට වීමට නීතිය හා සාමයේ ප්‍රධාන බලධරයා වන පොලීසිය තිබිය යුතුම ය. පොලීසිය ඇතුලට රාජද්‍රෝහී දේශද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් හෝ එම පවුල්වලට සම්බන්ධ සාමාජිකයන් පොලිසියේ සිටී නම් කෙසේ නම් තීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ ද?

    ReplyDelete
  2. ඉතිරි කොටස …

    ආරියතිලක

    අප විසින් ලීයන ලද 2025.10.10
    “කැලේ මාරු වුනාට කොටියහෙ පුල්ලි මාරු නො වීම! මොකක් ද මේ කොටි පුල්ලිය?” යන ලිපියෙන් මේ බව අවධාරණය කර ඇත. එම ලිපිය නැවත අවධානයට මෙහි යොමු කරමු.

    කැලේ මාරු වුනාට කොටියහෙ පුල්ලි මාරු නො වීම! මොකක් ද මේ කොටි පුල්ලිය?

    ආරියතිලක

    “කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නේ නැහැ” මොකක් ද? මේ පුල්ලි ය. පුල්ලිය නම් කොටියාගේ කොටි ගතිය ය. කොටියා කැලේ මාරු කළත් තව දෙයක් මාරු වෙන්නේ නැහැ. ඒ තමයි දඩයම් අභිප්‍රාය. ඒ කියන්නේ ගොදුර ඩැහැ ගැනීම. යම් අවස්ථාවක කොටියා ගොදුරක් පසු පස ගොස් ගොදුර ඩැහැ ගැනීමට බැරි වුවොත් කිසිදු අවස්ථාවක ගොදුරු ගැනීමේ සිත අතහරින්නේ නැත.

    ජනතා විමුක්ති පෙරමුණ ද එසේ ය. කොටියාට අවේනික බව කියන කොටි පුල්ලිය මෙන් ජනතා විමුක්ති පෙරමුණට ද ආවේනික පුල්ලියක් ඇත. ඒ කොමියුනිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරය ය. කොමියුනිස්ට්වාදය නම් මාක්ස් හා එංගල්ස්ගේ මූලධර්ම මත ගොඩ නැගුන දේශපාලන ව්‍යාපාරය ය. මාක්ස් හා එංගල්ස්ගේ මූල න්‍යාය නම් දක්ෂිණාංශික රාජ්‍ය බලය පෙරළ දමා, රට අල්ලා ගෙන රට කොමියුනිස්ට් පාලනය ස්ථාපිත කිරිම ය. ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරනුයේ ඒ අභිප්‍රායට ය. ජාතික ජන බලවෙගය පක්ෂයෙහි ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ ය.

    1971 කැරැල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණට ගොදුරු අසාර්ථක විය. නමුත් කොටියා ගොදුරු දැහැ ගැනීමේ අභිප්‍රාය අත් අරින්නේ නැති සේ ජනතා විමුක්ති පෙරමුණ ද ගොදුර ගැනිමේ අභිප්‍රාය අත් හළේ නැත. එසේ නමුදු 1987/88/89 කැරැල්ල ද දියත් කළත් ගොදුර අසාර්ථක විය.

    මාලිමාව ලකුණ ගෙන, දේශපාලන ව්‍යාපාරය දියත් කළ ජවිපෙ, ජනතාව සිත් වලින් දැකැත්ත, මිටිය වසා තැබීක් සේ සැළකිය හැකි ය . එසේ වුවත් මාලිමා ලකුණ ඇතුලේ ඒ දෙක ඇත්තේ ය. සාමාන්‍ය ව්‍යවහාරයේ කොමියුනිස්ට් වාදයට කියන්නේ “වමේ දේශපාලනය” කියා ය. අනෙක් පස “දක්ෂිණාංශක දේශපාලනය” ය. එනම් උතුර හා දකුණ ය. මාලිමාව නම් උතුරු දකුණු කටුව ය. මාලිමාව සැම විට ම උතුර සළකුණ පෙන්වයි. එය නිශ්චිත ය. මාලිමා ලකුණෙන් දේශපාලනය කළ ද උතුර හෙවත් වම ඒ දේශපාලනය අත් හරින්නේ නැති බව ඒ ලකුණේ ම ඇත. එය ජනතාවගෙන් සූක්ෂම ලෙස වසන් කර ඇත. කැලේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නො වන්නා සේ ලකුණ මාරු වුණත් ජාතික ජන බලවේගයේ දේශපාලන මතවාදය වෙනස් වි නැත්තේ ය. එදා ඔවුන්ට රාජ්‍ය බලය නැත. දැන් රාජ්‍ය බලය ඇත.

    දැන් ගොදුර ඩැහැ ගැනීම හෙවත් කොමියුනිස්ට් ක්‍රමයට රට පෙරලීමට උපාය උපක්‍රම යොදයි. දක්ෂිණාංශික ආරක්ෂ හමුදා හා බුද්ධි අංශ කොමියුනිස්ට්වාදීන්ට වස ය. ප්‍රධාන සතුරා ය. දක්ෂිණාංශික ආරක්ෂ හමුදා හා බුද්ධි අංශ ශක්තිමත් කිරීම යනු කොමියුනිස්ට්වාදයට ඇති ප්‍රධාන බාධක ය. එසේ නම් මේ ආණ්ඩුව ආරක්ෂ හමුදා සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුව ඉදිරිය ඉදිරිය තීන්දු කළ හැක. කොමියුනිස්වාදය මේ රටට මර උගුලක් බව ද කිව යුතු ය. මේ රටේ දියුණුවට, ආර්ථිකයට, විශේෂයෙන් සම්බුද්ධ ශාසනයට, පවුල නැමැති ඒකකයට, දූදරුවන්ට, සමස්ථ ලාංකේය ජන ජීවිතයට කරන ලද විනාශය අති මහත් ය. 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ කැරළි දෙක අධ්‍යනය කිරීම පමණක් මෙයට සාක්ෂ්‍ය වශයෙන් ප්‍රමාණවත් වේ. එම කොමියුස්ට්වාදී ආයුධ සංන්ද්ධ කැරළි දෙක රටට, ජාතියට, ආගමට කළ හානිය ප්‍රමාණ කළ නො හැක.

    තම දූ දරුවන් දෙමාපියන්ට අහිමි වීම, අහිමි කිරීම, භාර්යාවන්ට ස්වාමිපුරුෂයන් අහිමි විම, අහිමි කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා කොමියුනිස්ට්වාදය නිසා ශාසන මාර්ගයෙන් බැහැර වීම, ගුරු භික්ෂූන් වහන්සේලාට ගෝල හිමිවරුන් අහිමි වීම, දේපොළ විනාශ වීම, රටේ තරුණ පරපුර පාප කර්මයට යොමු කිරීම, පිං පව්, කුසල්, අකුසල්
    නො අදහන පාපකාරී සමාජයක් ඇති කිරීම, කොපමණ පාපකාරි ද යත් 1989 පෙබරවාරි 08 දින, බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වන, මහනුවර ශ්‍රී දළදා මනදිරයට කළ කොමියුනිස්ට්වාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය, මිනී මැරීම මංකොල්ල කැම, දේපොළ බලහත්කාරයෙන් ගැනීම, බියවැද්දීම ආදී සියලු ආකාර ත්‍රස්ත ක්‍රියා කිරීම, මේ රටට කළ මහත් අපරාධ නිසා රටේ දියුණුවට බාධා ඇති විය. එම සියලු අපරාධ කිරීම නිවැරැදි බව කොමියුනිස්ට්වාදින්ගේ අදහස ය. 76 අවුරුදු සාපයක් ගැන කතා කරන පුද්ගලයන් ම මේ රටට ශාපය කැන්දන් ආ කොමියුනිස්ට් දර්ශනය කරපින්නා ගත් අය වෙත්.

    මේ සියලු කරුණු සැළකීමේ දී පොලිස් හමුදාව අතුලු ආරක්ෂ හමුදාවල සැම දෙනා සහ පුරවැසි සැම අවදියෙන් සිටිය යුතු කාලය එළඹ ඇති බව පැහැදිලි ය.

    ReplyDelete
  3. විපක්ෂෙ ඉන්න කාලෙදි කිව්වනේද මූදුවතුරෙන් සල්ෆියුරික් ඇසිඩ් හදල පිටරටට විකුනල ඩොලර් ගේනව කියලත්.

    ReplyDelete
  4. What about 76 years cursed time.
    Jeppo cursed everyone everything. I

    ReplyDelete
  5. මූසල වසලයා 😡🤮 නූතන එලාරයා 😡🤮 පාහර ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮🤮🤮 තොටත් තොපේ ත්‍රස්තවාදී හැතිකරයටත් දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී විඳින්න සිදුවේවි. එතෙක් රඟපල්ලා 🤮🤮🤮

    ReplyDelete
  6. බලාපල්ලාකෝ මූගේ මූනේ හැටී!

    හැඩි දෙමළෙකුගෙ පෙනුම.

    ReplyDelete
  7. Ane palayan Anura yanna, ubata capacity ekak naha ban, therum ganin, kohomath ubalage gansiyata Andu karanna baha, ubala fail , maka bavila palayan awalam desdrohip paharaya..

    ReplyDelete
Previous Post Next Post