ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ රුපියල් මිලියන 100 ක් අල්ලස් මුදලක් ලබා ගත් බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එහි සිව්වන සැකකරු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රීනාමල් රාජපක්ෂ යන අය තවදුරටත් 30 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කළේය.
ඇප ඉල්ලීමට අදාල නියෝගය ප්රකාශනයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙම නඩුවේ කරුණු සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේ කරුණු ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ යුතුද, දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් කොමිසමේ ධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ගොනුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළේය
2016.8.23 දින හිටපු ලේකම්වරයකු වෙන රවින්ද්‍ර සේවාවිතාරණ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධියේ පළමු සැකකරුවන කපිල චන්ද්‍රසේන යන සැකකරු මේ වනවිට මියගොස් තිබෙනවා දෙවන සැකකාරිය ඇප මත සිටින අතර ඇය මේ වන විට අධිකරණයට ඉදිරිපත් නොවීම මත විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එසේම තෙවන සැකකරුත් අධිකරණයට ඉදිරිපත් නොවීම සැඟවී සිටීම මත ඔහුටත් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. මෙහි සැකකරු 2026.09.16 දින අධිකරණෙට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි. එදින ඇප ඉල්ලීමක් සිදුකළද එදින ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවට අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමකට අදාළව අල්ලස් කොමිසම විසින් සැකකරුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යන බවත් එම නඩුවේද සැකකරු සිව්වන සැකකරු බවටත් අධිකරණයට දැනුම්දී තිබේ.
එසේම අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් නඩුව පවත්වාගෙන යන බවත් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නඩුව පවත්වාගෙන යන බවටත් දන්වා ඇත. කරුණක් වෙනුවෙන් කොටස් දෙකකින් යුක්ත විමර්ශන සිදු කරන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට බලයක් නොතිබූ බැවින් වන අතර ඒ අනුව අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම විමර්ශන ගොනු දෙකක් පවත්වාගෙන යනු ලබයි.
එහෙත් දූෂණ විරෝධී පනතේ 61 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විමර්ශනයක් කිරීමට බලතල ඇති බවට පැමිල්ල කරුණු දක්වා ඇත. මෙම විමර්ශනය හවුල් විමර්ශනයක් ලෙසත් ලබාගන්නා තොරතුරු අනෙක් පාර්ශවයන්ට භාවිතා කළ හැකි බවටත් පනතේ දක්වා ඇත. එහෙත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සහතිකයක් ගොනුකරයක් ද යන්න සම්බන්ධයෙන් මෙහි දක්වා නැත. එසේම නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරන්නේ ද යන්න සම්බන්ධයෙන්ද කරුණු වාර්තා කර නැත. එවැනි අවස්ථාවක ඇප ලද ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලිය නොහැක. අවශ්‍යනම් මේ නඩුකරයද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කිරීමේ හැකියාව ඇත.
නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 30 දක්වා කල් තබන ලෙස නියෝග කළේය.
Parliamentarian Namal Rajapaksa to Remain in Custody Amid Allegations of Financial Misconduct
Namal Rajapaksa, the national organizer of the Sri Lanka Podujana Peramuna and a Member of Parliament, has been ordered to remain in custody until the 30th of this month amidst ongoing investigations into alleged financial irregularities related to the procurement of aircraft for SriLankan Airlines. The decision was made today (23) by Colombo Chief Magistrate Pasan Amarasekara, who cited concerns regarding the possibility of tampering with evidence in the case involving a purported bribe amounting to Rs. 100 million.
The Chief Magistrate issued the order while announcing the publication of the request for bail. Rajapaksa has been presented to the open court by the custody officials.
In determining the course of legal proceedings, the Chief Magistrate has instructed the Criminal Investigation Department (CID) to inform the court about whether the facts of the case can be consolidated for further proceedings at the Colombo Chief Magistrate's Court. This includes clarification on whether necessary certifications from the General Secretary of the Commission to Investigate Allegations of Bribery or Corruption have been filed under the provisions of the Bribery Act.
This investigation commenced following a complaint lodged on August 23, 2016, by former Secretary Raviindra Sewvitharana. The case has already seen the first suspect, Kapila Chandrasena, pass away, while the second suspect is currently out on bail but has not made appearances in court, resulting in the issuance of an open warrant against her. Additionally, the third suspect is also absentee, leading to a similar warrant issued against him.
Rajapaksa, who has been remanded, is implicated in a case concerning charges of bribery linked to a contract with SriLankan Airlines for the procurement of aircraft with extensive financial agreements. The Bribery Commission is actively pursuing this case against him.
Moreover, the Chief Magistrate noted that investigations being conducted by the Bribery Commission and the CID are separate, as the provisions of the Bribery Act do not permit joint investigations for cases registered with the number 9 of 2023. However, it was mentioned that Section 61 of the Bribery Act allows for coordinated investigations between both bodies under certain circumstances, a fact highlighted during the proceedings.
The Chief Magistrate has therefore delayed the case until the 30th of this month, allowing for time to further address any procedural gaps and to ensure the thorough examination of evidence.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වැඳගෙන එනවා වැඳගෙන යනවා 🤣🤣🤣🤣
ReplyDeletewadagana yanne thopita neme apita. api Namal genawa balan indapalla.... u ape sinhala kolla
Deleteපාපිස්සක් එහෙම ඕනෙද දන්නෑ? 🤣
Deleteජෙපි මස්වැද්දො දන්නෙ කුනුහරුපයි පචයි කියන්න විතරය්. නාමල්❤ වදින්නෙ අපිට. තොපි කොටාගෙ පචයක් අහන් හිටපියව්.
Deleteඕකට නියම බඩුව දිලීප පිරිස්
ReplyDeleteතරු ගැලෙව්වා එක පාරක්
😳
ReplyDeleteකුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්?😢
ReplyDeleteKotuwe eka thadi jeppek
ReplyDeleteMoor 22 ta vinisuru sangamaya wirudda wunama sangamayen illaa us wuna padayek!
අධ්යක්ෂගෙ සහතිකය තියෙනවද කියල බලන්නෙ 30 වෙනිද. මරු මහේස්ත්‍රාත්ල. විරුද්ධවාදීන්ගෙන් පළි ගන්න පාවිච්චි කරන්න පුළුවන් බළල් අඩු.
ReplyDeleteනාමල්ට මුන් ඇයි මෙච්චර බය.
ReplyDeleteනාමල්❤ ට අනුර කුනු බයයි. රට වටේ ගියා එතුමා හිරේ දාලා. හූ දෙකයි කිව්වෙ.රැස්වීම් අවලංගුයි. රට අදුරට.U turn එකෙන් රට මස් වැදි ගල් යුගයට අපේ නාමල්❤
ReplyDelete