ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් එංගලන්ත සංචාරයේදී මුහුණදීමට සිදුව ඇති අභියෝග අතරින්, තරග පැවැත්වෙන තණතීරුවල පවතින අනපේක්ෂිත ස්වභාවය ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
එංගලන්තයේදී සාමාන්‍යයෙන් දැකගත හැකි තණකොළ සහිත (Green top) තණතීරු වෙනුවට මෙවර තරග සඳහා ලැබී ඇත්තේ කොළ පැහැය අවම, ගෙවීගිය මතුපිටකින් යුත් තණතීරුය.
මෙවැනි තණතීරුවල හැසිරීම නිවැරදිව පුරෝකථනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා කඳවුර තුළ යම් අවිනිශ්චිතතාවක් හටගෙන ඇති අතර, මේ පිළිබඳව පසුගිය කණ්ඩායම් රැස්වීම්වලදීද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.
එංගලන්ත ක්‍රිකට් තරග වාරය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබීම හේතුවෙන්, කාලයක් මුළුල්ලේ අධික ලෙස තරග පැවැත්වීම නිසා තණතීරු මෙලෙස කඩතොලු ස්වභාවයක් ගෙන ඇති බව පැවසේ. ශ්‍රී ලංකා පිල මුහුණදුන් පුහුණු තරග ද්විත්වයේදීද දක්නට ලැබුණේ මෙවැනිම තත්ත්වයකි.
එහිදී තණකොළ අවම වුවද, පන්දුව බලාපොරොත්තු නොවූ වේගයකින් පිත්ත වෙත පැමිණි බව කණ්ඩායම් සාමාජිකයෙකු අනාවරණය කර ඇත.
සාම්ප්‍රදායික එංගලන්ත දේශගුණය අපේක්ෂාවෙන් මෙවර සංචාරය සඳහා වැඩි වේගපන්දු යවන්නන් පිරිසක් සංචිතයට එක්කර තිබුණද, පවතින තණතීරුවල මෙම විෂම ස්වභාවය හමුවේ අවසන් කණ්ඩායමේ පන්දු යැවීමේ සංකලනය තීරණය කිරීම ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට දැඩි අභියෝගයක් වී තිබේ.
Unexpected Pitch Conditions Challenge Sri Lankan Cricket Team in England
During their ongoing tour of England, the Sri Lankan cricket team is facing significant challenges, particularly regarding the unpredictable nature of the pitches used for the matches. These pitches, which deviate from the typical green top surfaces usually expected in England, feature a minimal grass cover and a dusty texture, posing a major issue for the visiting players.
The team has reportedly experienced some uncertainty due to the pitches' behavior, a topic that has been a focal point in recent team discussions. As England's cricket season approaches its final stages, the heavy schedule has contributed to the unusual conditions being observed on the pitches.
During their preparation matches, Sri Lanka encountered similar pitch characteristics, with team members revealing that despite the low grass coverage, the ball arrived at unexpected speeds, complicating the game plan.
Although the selection included a number of fast bowlers to adapt to England's traditional climate, the erratic nature of the current pitches has posed serious challenges for the Sri Lankan management in deciding the final team composition for their bowling attack.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැන් මැච් පැරදුනාම ක්‍රිකට් සභාපතිට බනින්න එකෙක් නෑ. ලොකු වෙනසක්.
ReplyDeleteAtta kathawa ape aya talent madi , oluwa use karanne na pisso wage play karanne
ReplyDeleteeka hari, munwa ain karala podi kollo tikkak gattanam hari
ReplyDeleteWe love Sri Lankan cricket and always want to see our team succeed. However, in recent years, we have not seen enough world-class talent emerging, while many other cricketing nations have made significant improvements.
ReplyDeleteSri lankawe 10 years cricket thaham karanna one
ReplyDeleteI personally watched this match at Utilita Bowl stadium. Lot of Srilankans were present. Even English fans were cheering Srilankan cricketers whenever they field well or bat well. Unfortunately, it was imminent from the first over that Srilankans were not ready and equipped to give a good match for the fans.They must be trained physically and mentally to on hoto play against highly professional teams.
ReplyDeleteඑංගලන්තෙ පොළව ඇදයි
ReplyDeleteඒකයි මැච් පැරදුණේ