පුද්ගලික ජල විදුලි බලාගාරයක් නිසා ගම්මානයක් නාය යාමේ අවදානමක..


ඇබර්ඩීන් දිය ඇල්ලට පහළින් කැළණි ගගට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරස් කරමින් 2016 වසරේ ඉදි කර ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හැරවුම් බැම්ම (වේල්ල) හේතුවෙන් තම ගම්මානය නායයැමේ අවධානමකට ලක් වී ඇති බව ගිනිගත්හේන පොල්පිටිය දාගම්පිටිය ජනපදයේ පදිංචිකරුවන් කියා සිටියි.

වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ කොන්දේසිවලට යටත්ව 2016 වසරේ කෙසෙල්ගමුඔය හරස් කරමින් හැරවුම් බැම්මක් ඉදි කර ඊට කිලෝමීටර් 1ක් පමණ පහළින් ජල විදුලි බලාගාරයක් ඉදි කර ඇති බවයි දාගම්පිටිය ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

කෙසෙල්ගමුඔය හරහා ඉදි කර ඇති වේල්ල ආසන්නයේම තම ජනපදයට පිවිසීමට කොන්ක්‍රීට් පාලමක් ඉදි කර ඇතත්, එම පාලමේ ආරක්ෂිත අත්වැටක් නොමැති නිසා කෙසෙල්ගමුඔයේ විටින් විට ඉහළ යන ජලධාරිතාවය හේතුවෙන් පාලම හරහා ගමන් කිරිම අවධානම් බවත්, පාලමේ දෙපස ඉවුරු ඛාදනය වීම නිසා පාලම කැඩී වැටීමේ අවධානමක්ද පවතින බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

එසේ කැඩී ගිය පාලමේ ආරක්ෂිත අත්වැට පවා ප්‍රතිසංස්කරණය කර දීමට එම පෞද්ගලික සමාගම පියවර නොගැනීම හේතුවෙන් එම පාලම හරහා ගමන් කිරිමේදි දැඩි අවධානමක් පවතින බව පදිංචිකරුවන් කියා සිටියි.

දිට්වා සුලි කුණාටුවෙ දි කාසල්රි සහ විමළසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘත කිරිමේදිද කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යැම නිසා එම ජලාශ වේල්ල අසළ ඉවුරු ඛාදනය වී විශාල පරිසර හානියක් සිදු වි ඇති බවත්, පාලම අසළින් තම ගම්මානයට පිවිසීම ඉදි කිර තිබූ පිය ගැට පෙළද කැඩි ගිය බවයි දාගම්පිටිය ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව කියා සිටියේ.

පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමග එම විදුලි බලාගාරයෙන් උත්පාදනය කරන විදුලි බලය රැගෙන යෑම සදහා ඉදි කර ඇති අධි බලැති විදුලි කණුවක් කැඩී ගොස් ඇති බවත්, එම විදුලි කණුව ආධාරකයක් මගින් රැදී තිබෙන බවත්, එවැනි තත්වක් තුල එම රැහැන් පද්ධතිය හරහා විදුලි ධාරිතාව ගමන් කිරිම හේතුවෙන් තම ජනපදයේ පදිංචිකරුවන්ගේ ජීවිත අවධානමක් පවතින බවද පීඩාවට පත් ජනතාව කියා සිටියි.

තවද එම විදුලි බලාගාරය ඉදි කිරිමේදි එය ඉදි කිරිමට අවශ්‍ය භාණ්ඩ රැගෙන යෑම සදහා පෞද්ගලික ඉඩමක මාර්ගයක් භාවිතා කල බවත්, එම මාර්ගය කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන බවට එම ජල විදුලි බලාගාරය අයිතිකාර සමාගෙම් නිළධාරින් විසින් පොරොන්දු වූවත්, විදුලි බලාගාරය ඉදි කිරිම් කටයුතු අවසන් වීමෙන් පසු එම පොරොන්දුව මෙන්ම තම ජනපදයේ සමෘද්ධිලාභීන් කිහිප දෙනෙකුට රැකියා අවස්තා ලබා දෙන බවට පොරොන්දු වූවත්, එම පොරොන්දු මෙතෙක් ඉටු නොකල බවයි දාගම්පිටිය ප්‍රදේශවාසීන් කියා සිටියේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොන්දේසි අනුව හැරවුම් බැම්මට පහලින් කෙසෙල්ගමුඔයේ ගලා බැසිය යුතු ජලය සම්බන්ධයෙන් නිර්ණායක ගණනාවක් ලබා දී ඇතත්, එම නිර්ණායක උල්ලංගණය කරමින් කෙසෙල්ගමුඔයේ ගලා බසින වැඩි ජල ධාරිතාවයක් භාවිතා කරමින් එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ විදුලිය උත්පාදනය කිරිම නිසා හැරවුම් වේල්ලට පහළින් කෙසෙලගමුඔයේ‍ ජෛව විවිධත්වයටද බාධා පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් කියා සිටියේ

- රංජිත් රාජපක්ෂ  





Community Voices Concerns Over Risks from Private Hydroelectric Project in Dagampitiya

Residents of Dagampitiya have raised alarms about the threat of flooding to their village, citing the construction of a diversion dam on the Keselgamuwa Oya by a privately-owned hydroelectric facility. This infrastructure, established in 2016, has caused concerns that the community may face imminent dangers.

According to local inhabitants, a power station was built approximately one kilometer downstream from the newly constructed diversion dam, which was developed under the conditions set by the Department of Irrigation. 

A concrete bridge has been erected for community access near the dam, yet residents point out a significant safety issue: the bridge lacks safety railings making it perilous to traverse, especially as water levels in the Keselgamuwa Oya rise significantly at times. There are also fears of structural collapse due to erosion affecting both sides of the bridge.

Frustration mounts as the private company responsible for the hydroelectric plant has failed to take action to repair safety features, thus compromising residents’ safety while using the bridge.

Add to this concern, recent ecological damage has occurred near the dam due to rising water levels in Keselgamuwa Oya, worsened by the opening of sluice gates at the Ditva and Kaasala reservoirs during heavy rains. The erosion caused by water has even damaged the staircase leading into the village.

Residents reported that a high-voltage electricity transmission tower, designed to carry power generated by the plant, was damaged recently. It now requires support, posing a serious risk to community members due to compromised electrical systems in the area.

Additionally, residents note that during the construction of the hydroelectric project, materials were transported through private lands. While company officials promised to restore the pathway post-construction, the commitment has not yet materialized, leaving locals disappointed over unfulfilled job promises initiated alongside the project.

While the Department of Irrigation established the necessary criteria for water management related to the dam's construction, the project's failure to comply with these regulations has reportedly caused significant adverse effects on the biodiversity of the Keselgamuwa Oya.

- Ranjith Rajapakse



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. පරිසරය විනාස කරලා මේ ලදරන් බලාගාරය හැදුවේ කොළොඹ පහේ පදිංචි ගාමිණි ජයවර්දන කියන මහවැලියේ වැඩකරපු ඉංජිනේරුවෙක් කියාගත්තු පල් හොරෙක්....මු රජයේ සේවකයෙක් හැටියට වැඩ කරලා තරු පහේ හෝටල් තුනක් දකුණේ හදල සොයාගන්න බැරි තරම් මුදල් හම්බකරගත්ත පල් හොරෙක්....මු රජයේ සේවය කරන කොට මුගේ ළමයි තුන්දෙනාට ඉස්කෝලේ අඳින්න තිබුනේ එක කමිසයයි එක කලිසමයි...උන් අවුරුදු පහක් ඇතුලත කොර්ටි ප්‍රකොර්ටි ගණනක් හම්බකරගත්තා....ළමයි තුන් දෙනා කොළොඹ රාජකීය වියලයෙන් ඉගනගෙන ඇමෙරිකාවේ පදිංචියට ගියා....උන් තුන් දෙනා වැඩ ඇමෙරිකාවේ හොදම විශ්ව විද්‍යාලවලින් කොර්ටි ගණන් දීල උපාදි හදාරලා ඇමෙරිකාවේ හොදම බැංකු ශේෂ්ත්රයේ වැඩකරනවා....

    ReplyDelete
    Replies
    1. කොළොඹ පහේ පදිංචි මහවැලියේ වාරිමර්ගයේ වැඩකරපු ඉංජිනේරුවෙක්ගේ පඩියෙන් කොහොමද තරු පහේ හෝටල් තුනක් හැදුවේ?

      Delete
Previous Post Next Post