මෙරට ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන ධාරිතාව රාත්‍රී උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේදී අවම මට්ටමකට ඇද වැටීම හේතුවෙන්, එම හිඩැස පියවීමට අධික පිරිවැයක් සහිත තාප විදුලි බලාගාර (Diesel/Thermal Oil) දැඩි ලෙස භාවිත කිරීමට සිදුව ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සැප්තැම්බර් 02 වන බදාදා දිනට අදාළ විදුලි උත්පාදන දත්ත සටහන්වලට අනුව, රාත්‍රී 19:00 ට (රාත්‍රී 7:00) මෙරට සමස්ත විදුලි ඉල්ලුම මෙගාවොට් 2,924.7 ක් ලෙස වාර්තා වී තිබුණි. එම අවස්ථාවේදී නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් පද්ධතියට එක් කර ඇත්තේ මෙගාවොට් 357 ක අවම ධාරිතාවකි. නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ ජනන ධාරිතාව මෙගාවොට් 900 ක් වුවද, ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
ගල් අඟුරු සැපයුමේ පවතින අවහිරතා හේතුවෙන් මෙලෙස එහි උපරිම ධාරිතාව ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. ගල් අඟුරු මගින් විදුලිය උත්පාදනය අවම වීමත් සමඟ, එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා පිරිවැය අධික ඩීසල් සහ දැවි තෙල් බලාගාර මගින් මෙගාවොට් 960.5 ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇත.
විදුලි උත්පාදන පිරිවැය සැසඳීමේදී ගල් අඟුරු හෝ ජල විදුලියට වඩා ඩීසල් මගින් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය කිහිප ගුණයකින් ඉහළ අගයක් ගනී.
මෙලෙස දිගින් දිගටම තාප විදුලිය මත යැපීමට සිදුවීම විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වයට මෙන්ම පාරිභෝගික විදුලි ගාස්තු කෙරෙහිද සෘජු බලපෑමක් එල්ල කරන කරුණකි.
Electricity Generation Faces Challenges Amid High Demand in Sri Lanka
The Norochcholai coal power plant, the primary source of electricity generation in Sri Lanka, has reported a significant drop in output due to a surge in nighttime demand. Data indicates a heavy reliance on thermal power plants, which operate at a high cost, to compensate for this shortfall.
On Wednesday, September 2, the total electricity demand peaked at 2,924.7 megawatts around 7:00 PM. At that time, the Norochcholai facility was contributing a mere 357 megawatts, despite its full generating capacity being 900 megawatts. The stark underutilization of the plant highlights the ongoing supply chain issues affecting coal procurement.
Reports suggest that difficulties in coal supply have prevented the power station from reaching its maximum generation capacity. With coal-generated electricity dwindling, the Ceylon Electricity Board turned to more expensive diesel and thermal oil plants, resulting in the generation of 960.5 megawatts to meet the heightened demand.
When comparing electricity production costs, it is clear that generating power from diesel is several times more expensive than using either coal or hydroelectric sources. This continued dependence on thermal power not only jeopardizes the financial stability of the electricity board but also has a direct impact on consumer electricity tariffs.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන්ටනේ යකෝ රට රකින විරුවා කියල චු කරන ගමන් කියන්න ඕනේ
ReplyDeleteදැන් බඩු ගණන් යනවා බලාගන්න ඕනේ
22 අනිවාර්යයෙන්ම ඕන මුන්ට අදින්න
BESS battery වලින් ගන්න plan කරල තියෙන්නේ
Deleteනිලදාරීන් සැලසුම ප්‍රමද කරනවා
හුරේ... ළඟදීම ලයිට් බිල වැඩි වෙයි නේද?, සතුටුයි සතුටුයි...:(
ReplyDeleteහුටා වැරදුනා, ලියිට් බිල අදායමක් නෙමෙයි වියදමක්නේ..අය්යෝ...
Deleteපොහොට්ටුවට සල්ලි පොම්ප කෙරුවේ නොරොච්චෝලෙන්...
ReplyDeleteදැන් නෑ දුකයි නේද