පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා, තමන් එම ප්‍රහාරයේ කිසිදු සැකකරුවකු නොවන බවත්, මිය යන තුරුම තම ඡන්දය හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත් පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවත්, ප්‍රහාරයෙන් විපතට පත් සමස්ත ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ තමන් සහ එම පක්ෂයේ ක්‍රියාකාරීන් අතර පැවති සබඳතාව පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, ජවිපෙ සාමාජිකයන් කිසිදු මුදලක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී පරාර්ථකාමීව කටයුතු කළ පිරිසක් බව පැවසීය.
ඔවුන්ට ආහාර හෝ මුදල් ලබාදීමට උත්සාහ කළද බොහෝ අවස්ථාවලදී ඒවා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළ ඊබ්‍රාහිම් මහතා, පක්ෂයට තමන්ගෙන් මුදල් ආධාර අවශ්‍ය නොවන බවත්, ඉදිරියේදීත් තමන් වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය ප්‍රකාශ නොකරන බවත් අවධාරණය කළේය.
තමන් ව්‍යාපාරිකයකු ලෙස පසුගිය කාලය පුරා කිතුනු ප්‍රජාව සමඟ සුහදව කටයුතු කළ බවත්, බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව චෛත්‍ය, බණ මඩු ඉදිකිරීමට මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමටද කටයුතු කළ බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
මේ අතර, පාසල් වියේ පසුවූ තම බාල පුත්‍රයාද මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර හෝ රඳවා තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි තමන් නොදන්නා බව පැවසූ මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා, ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සහ මානසික පීඩාවෙන් පසුවන බවද වැඩිදුරටත් කියා සිටියේය.
අදාල සාකච්චාව මෙතනින්...
Father of Easter Sunday Bombers Denies Any Involvement in Attacks
Mohammad Ibrahim, father of the two suicide bombers responsible for the Easter Sunday attacks, has categorically stated that he is not associated with any suspects connected to the incident. He further emphasized that his allegiance lies exclusively with the Janatha Vimukthi Peramuna (JVP) party until his death.
In a candid interview with an online channel, Ibrahim expressed his deep sorrow over the attacks and extended his apologies to the affected community.
Addressing the relationship he had with members of the JVP, Ibrahim described them as individuals who worked selflessly without expecting any financial benefits or favors. He pointed out that on numerous occasions, attempts to provide them with food or money were declined.
He underscored that the party does not require financial assistance from him and affirmed that he will not cast his vote for any other political party in the future.
As a businessman, Ibrahim highlighted his long-standing amicable relations with the local community and disclosed his contributions toward building Buddhist shrines, providing scholarships for monastic education, and supporting religious endeavors.
In a poignant moment, he revealed his concerns about the detention of his younger son, expressing disappointment over the lack of clarity regarding the reasons for his son's continued confinement in a remand prison. He described the situation as a source of immense worry and mental anguish.
For further details, the full discussion can be accessed here.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

😬😬😬
ReplyDeleteඅබුද්දස්ස කාලේ ලබුත් තිත්ත රාලේ.සූරයා ගෙනාවම නිදහස් වෙනවා තමන්ගේ උන් පුදුමද?
DeleteUba baba. Rate winasa karanne plan gahanewa uba danne na
ReplyDeleteඔය ටික වලං ශානියටයි ගොන්ජටයි කියපන්, නානා.
ReplyDeleteඒ වෙලාවේ අල්ලන් යද්දී තව පුපුරණව කිව්වේ මොකද දන්නේ නැහැ... නාන බබා.... ලාල් බබා ...
ReplyDeleteමුස්ලිම් අනතවාදීන් ටික අතුලට
ReplyDeleteඊ ළගට සිංහල අන්තවාදීන් ලෑස්තියි
සිංහල අන්තවාදී😂😂😂 මේ ආන්ඩුව පෙරලුනාම තමයි කොරන්න වෙන්නෙ උන් දැන් ආන්ඩුවෙනෙ😂😂😂 සිංහල නායකයෝ ටිකනම් ඉක්මනට දායි… උබලටත් නින්ද යයි… දොන් ජුවන්ගෙ දාතු තාම තියෙනව….
Deleteබොම්බ හදන්න අරමුදල් දීපු එකා නිදොස් කොට නිදහස්. කෙනෙක් නොදැනුවත්ව හොර බඩුවක් සල්ලි දීලා ගත්තක් හිරෙ යන රටෙ මාලිමාවට අරමුදල් සපයපු මූ නිදහස්.
ReplyDeleteමුස්ලිම් අන්තවාදී කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කල ආකරයට සිංහල අන්තවාදී කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි
ReplyDeleteමූ මේ සිංහල අන්තවාදීන් කියන්නෙ පෙරටු ගාමීන්ට.
Deleteසිංහල අන්තවාදී😂😂😂 මේ ආන්ඩුව පෙරලුනාම තමයි කොරන්න වෙන්නෙ උන් දැන් ආන්ඩුවෙනෙ😂😂😂 සිංහල නායකයෝ ටිකනම් ඉක්මනට දායි… උබලටත් නින්ද යයි… දොන් ජුවන්ගෙ දාතු තාම තියෙනව…
Deleteපුත්තු බෝම්බ පුපුරවනවා අප්පාදන්නෙ නෑ.කාලකන්නි අනුර රට තම්බියාට දීල යන්නෙ.
ReplyDeleteලාල් කියන එක ලපයගේ ගු හෝදන්න
ReplyDeleteඅපරාදෙ සප්පා මම මැරුනේ…. මෙහෙම ආන්ඩුවක් මෙහෙම ජනාදිපති කෙනෙක් අපේම කට්ටියක් බලයට එයි කියල හිතුනෙ නෑ අප්ප. එහෙම උනානම් සූරසේනට කියල නිදහස් වෙලා. ආන්ඩුවෙන් වන්දියකුත් අරන්, කඩාගත්ත නැති 7 වෙනුවට 14ක්ම අරන් ලාල් අයියගෙ චැනල් එකෙන් බනකුත් කියා ගෙන ඉන්න තිබ්බා…….
ReplyDeleteමීට සහරාන් සහ කන්‍යාවෝ🙏
ශානි කියන පර වේසිගෙ පුතාගේ ගේම් එකට මේ රටම අහු උනා .. ඕකගේ සහ රවි මේකට වග කියන්න ඕන ... පර බල්ලෝ දෙන්නා කදොනල් කිඉයන පරයා අල්ලාගෙන මේ රට කෑවා .. අනුරයා බලේ ගන්න මුන්ව අල්ල ගත්තා ... නොදකින් කාලකන්නි බල්ලෝ සෙට් එක .
ReplyDeleteආරියතිලක
ReplyDeleteයාපනයේ එල්ටීටීඊයේ හිටපු දේශපාලන ප්‍රධානියෙකු වන තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගවීමෙන් බැහැර විය හැකි ද?
LTTE දෙමළ කොටි සංවිධානයේ නායකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් වෙනුවෙන්, යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ ඔහුගේ 39 වන අනුස්මරණයට සමගාමීව සැප්තැම්බර් 15 වන දා අලුතින් නිර්මාණය කරන ලද ලෝකඩ පිළිරුවක් විවෘත කර කෙරෙණි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූ තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් බව කිව යුතු ය.
මෙම තිලීපන්ගේ පිළිරුව විවෘත කිරීමෙන් පසුව ආණ්ඩුව එම පිළිරුව ඉවත් කිරීමට තවමත් ක්‍රියා කොට නැත. මෙහි වගකීම සෘජුව ම ජනාධිපතිවරයා වෙත පැවැරෙන්නේ ය. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ ආරක්ෂාව පැවැරෙන්නේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන, ජනාධිපතිවරයාට බැවිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනුව්‍යවස්ථාව මෙසේ පනවා ඇත්තේ ය.
“(ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
ජනාධිපතිවරයාට ඇත්තේ තම පුද්ගලික බලයක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් කොටසක් වන විධායකයේ බලය ය. එය ජනතාවගේ විධායක බලය ය. එය ද “රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය” ලෙස ව්‍යවස්ථාපිත ය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණයෙන් ම ජනාධිපතිවරයා ජනතාවට වගකීමට බැදී යන්නේ ය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 30(1) ව්‍යවස්ථාව පරිදි රාජ්‍යයේ ද විධායකයේ ද ආණ්ඩුවේ ද සංන්ද්ධ සේවාවන්හි ප්‍රධානයා වන්නේ ය.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා ද වන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.
ජනාධිපතිවරයාට පැවැරී ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවියෝජනීය සම්බන්ධයක් හා වගකීමකි. මේ වගවීමෙන් ජනාධිපතිවරයාට කිසි ලෙසකින් බැහැර නො විය හැකකේ ය.
තහනම් ලැයිස්තුගත ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) , යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දීම, එසේ විවෘත කිරීමෙන් පසු එම පිළිරුව ඉවත් කිරීමට කටයුතු නො කිරීම හා එයට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක නො කිරීම, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව කිව යුතු ය. ජනාධිපතිවරයා ජනාධිපති ධූරය භාර ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන ව්‍යවස්ථාවෙන් කියවෙන, දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්‍රතිඥාව ප්‍රකාර දිවුරුම ද මෙයින් උල්ලංඝනය වනවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා වලින් කියවෙන, ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීමේ වරදට යටත් වන, දෙමළ ඊලාම් කොටි සංවිධානයේ (එල්ටීටීඊ) යාපනය දේශපාලන ප්රධානියකුව සිටි තිලීපන්ගේ පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දී, ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාට පැවැරී ඇති වගකීම ඉටු නො කිරීමෙන් ව්‍යවස්ථාවමය වරදක් කිරීමට භාජනය වන බව කිව යුතු ය. ජතාවගේ පරමාධිපත්‍යයේ බලය මත රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, විධායකයේ බලය ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙතින් ආණ්ඩුක්‍රම ව්ය්වවස්ථාව උල්ලංඝනය විමක් සිදු වන බව ද කිව යුතු ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
මෙම වගකීම අන් කිසිවෙකු පිට දමා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයාට කිසිසේත් ම හැකියාවක් නොමැති බව ද පැහැදිලි ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා;
ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම, තහනම් කිරීම
“157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.
2026 සැප්තැම්බර් 21 දින, BBC Sinhala news වෙබ් පිටුවෙහි
රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් පිළිබඳව දක්වා ඇත්තේ මෙසේ ය.
“තිලීපන් යනු කවුද?
යාපනයේ උරුම්පිරායිහි උපත ලද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්, උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ ය.
එහෙත් වෛද්‍යවරයෙකු වීම පසෙක ලා ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස සම්බන්ධ විය.
අනතුරුව කොටි සංවිධානයේ වගකීම් දරමින් පෙරට පැමිණි තිලීපන් එම සංවිධානයේ ප්රචාරක අංශයේ මෙන් ම දේශපාලන අංශයේ වගකිම් දරමින් කටයුතු කර තිබේ.
ඉන්දියාවෙන් කළ ඉල්ලීම් සහ උපවාසය
ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය හමුදා යාපන අර්ධද්වීපයේ බලය තහවුරු ගන්නා සමයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් ය.
එම සමයේදී ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සන්දේශයක් තිලීපන් විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත යොමු කරන ලදී:
සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.
පුනරුත්ථාපන සේවා මුවාවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය අත්හිටුවීම.
දෙමළ ජනයා වෙසෙන උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්වීම.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.
දෙමළ ප්‍රදේශවල පාසල් තුළ කඳවුරු බැඳ සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බලඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබා ගැනීම.
ඉන්දීය ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය ඉල්ලීම් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බවට සපථ කරමින් 1987 සැප්තැම්බර් 15 පෙරවරු 9.30ට නල්ලූර් කන්දසාමි කෝවිල අසල තිලීපන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ය.”
තව ද, එම ලිපියෙහි,
“එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සැප්. 16 වන දා උපවාසය පැවති ස්ථානයට පැමිණ තිලීපන් හමුවී ඇති අතර සැප්. 17 වන දා නිරාහාරව දුර්වල වෙමින් සිටි තිලීපන් උපවාස භූමියේ රැස්ව සිටි ජනයා අමතා කතා කර තිබේ.”
“දින 10කට අධික කාලයක් මාරාන්තික උපවාසයක නිරත වූ තිලීපන් සැප්. 26 වන දා උදෑසන මිය ගියේ ය.”
(උපුටා ගැනීම, BBC Sinhala වෙබ් පිටුවෙනි.)