ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.
ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව සිදුකළ මෙම මිල සංශෝධනයට අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 4,465 ක්ව පැවති එහි නව මිල රුපියල් 4,365 කි.
කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,750 ක් වේ. මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 1,792 ක් වශයෙනි.
එසේම, රුපියල් 835 ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 815 ක් ලෙස සටහන් වේ.
මෙම මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Litro Announces Reduction in Domestic Gas Prices
Litro Gas Lanka has implemented a significant price reduction for domestic gas cylinders, effective today, the 5th of the month. This adjustment comes in light of changes in global market prices.
The price for a 12.5 kg domestic gas cylinder has been decreased by 100 Sri Lankan Rupees, bringing the new cost down to 4,365 Rupees from the previous price of 4,465 Rupees.
Additionally, the cost of a 5 kg gas cylinder has dropped by 42 Rupees, with the updated price now set at 1,750 Rupees, a decrease from the prior rate of 1,792 Rupees.
Furthermore, the price of a 2.3 kg gas cylinder has also been reduced by 20 Rupees, resulting in a new price of 815 Rupees, down from 835 Rupees.
Litro Gas has confirmed that these new prices are now in effect as of today.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
