දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වයි


 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාවට පටහැනි වන හෙයින්, එය නීතියක් බවට පත්වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුව තිබේ.

තවද, පනත් කෙටුම්පතේ 6(7) සහ 7 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) යන ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බැවින්, ඒවා සම්මත කර ගැනීමට ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.

එසේ නොමැති නම් අදාළ වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයන්ට අනුකූලව ඉවත් කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට පියවර ගත යුතු වේ.

මේ අතර, පනත් කෙටුම්පතේ 3, 4, 6(4), 6(5) සහ 11(1) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එමෙන්ම, 11(2) වගන්තිය කාරක සභා අවස්ථාවේදී යෝජිත සංශෝධන සහිතව සම්මත කරන්නේ නම් එය ද සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.

කථානායකවරයාගේ නියෝගය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.





Sri Lankan Supreme Court Rules on Proposed Anti-Corruption Legislation

In a significant development for Sri Lanka's legislative process, Speaker J. V. Wickremaratne announced today that the Supreme Court has determined that Section 17 of the anti-corruption bill must receive not only a two-thirds majority in Parliament but also public approval through a referendum.

This ruling comes in response to challenges posed against the bill, particularly referencing Article 121(1) of the Constitution. The Speaker disclosed the Supreme Court's findings during a session in the Parliament, highlighting its implications for the legislative journey of the anti-corruption measures.

The Supreme Court stipulated that since Section 17 relates to Article 4(a), which must be read in conjunction with Article 3 of the Constitution, it requires both a two-thirds majority as outlined in Article 83, as well as ratification from the public through a referendum for it to become law.

Additionally, Sections 6(7) and 7 of the proposed bill were identified as requiring a two-thirds special majority in Parliament due to their alignment with Articles 12(1) and 14(1)(a) of the Constitution, underscoring the stringent hurdles the legislation must clear.

Should these stipulations not be met, the relevant provisions may need to be amended or removed in accordance with the Supreme Court’s recommendations.

Conversely, the Court affirmed that Sections 3, 4, 6(4), 6(5), and 11(1) do not contravene the Constitution, allowing them to be passed by a simple majority in Parliament.

The Court further clarified that if proposed amendments to Section 11(2) are put forth in committee stages, they can also be approved by a simple majority.

In line with the Speaker's directive, the complete ruling from the Supreme Court will be documented in the official Hansard record, ensuring transparency in the legislative process.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. ඔන්න ඔය ජනමත විචාරණය පවත්වපල්ලා කෝ

    ජනතාව ඕක 22 වන සංශෝධනය ගැන ජනමත විචාරණයක් බවට පත් කර ගනීවි

    ReplyDelete
    Replies
    1. api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..

      Delete
  2. ජනමත විචාරනේ ඕන කිව්ව වගන්ති ටික හලලා ඉතුරු ටික පාර්ලිමේන්තුවේ සම්මත කර ගනියි.

    ඡන්දෙට ඕකුන් බයයි.

    දැන් ආන්ඩුවේ ජන මතය ඉවරයි. ආපහු 3%ට වැටිලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තාම පෙන්සන්ගිය මොලේ මැරිච්ච නාකි ටිකක් ඉන්නව, මාලිමාවෙන් රට හදනකන් බලාගෙන. සමහර විට %5 ක් විතර තියේවි.

      Delete
  3. 22 සීන් එකෙන් මාලිමාව බිමටම වැ‍ටුනා. මාලිමාව ගැන ජනතා විශ්වාසේ හේදිලා ගියා.

    ReplyDelete
  4. වැඩක් නැහැනේ. 22 තමයි දූශිතම ව්‍යවස්තාවට විරුද්ධම සංශෝධනේ. ඒක දැන් ඉතින් අනිවාර්යෙන් සම්මත කරගෙන ඉස්සරහට අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් සිංහලයයි, බුදු දහමයි අතුගාලාම දානවා. එච්චරයි.

    ReplyDelete
  5. නිකන් අර අධිකරනේ රෙද්ද බේර ගන්න වගේ බොරු නාට්ටියක් දාලා තියෙනව මේකට විතරක් ඒත් 22නම් අන්ත දූශිතයි. ඒකට හේතු මෙන්න
    1. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැහැ අධිකරණයක. ඒක යුක්තියේ සාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.
    2. පෙත්සම් හරියට විමර්ශනය නොකිරීම. පෙත්සම් වල වාචික විභාග උඩින් පල්ලෙන් ගසා දමා පෙත්සම් 64ක් දවස් 2න් ඉවර කිරීම.
    3. සියලු දෙනා ඉල්ලු ෆුල් බෙන්ච් (සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල වෙනුවට තමන් නායකත්වය ගත් හෙන්චයියන් සෙට් එකකින් සමන්විත දූශිත මඬුල්ලක් පත් කර ගැනීම)
    4. අධිකරන තීන්දුව දෙන්නත් කලින් මාලිමා මැතිවරන වේදිකාවල තීන්දුව ප්‍රකාශ කර තිබීම
    5. කීයටවත් ඡන්දෙකට යන්නේ නැහැ. එහෙම ගියොත් විපක්ශේ ඔක්කොම එකතුවෙලා අපිව අනිවාර්යෙන් පරද්දනවා කියලා අනුරගේ කටින් පැනීම. ඒ කියන්නේ මේ තීන්දුව දීපන් කියලා අධිකරණයට අනුර ඇතුලු මාලිමා හොර නඩය බලපෑම් කර තිබීම.

    ReplyDelete
  6. කොහොමද මේකේ තියෙන පච නිවුස් වලට රැවටිලා කොමෙන්ට්ස් කල්ලිය චුන් වෙලා තියෙන හැටි. ඇත්ත මොකක්ද කියල හොයලා පලපල්ලා.

    ReplyDelete
    Replies
    1. අම්ම කියන්නේ නැත්තම්.. ටිල්වින්ගේ කුස්සියේ උයන අර නකියගෙන් අහපන් උඹේ අප්පා කවුද කියලා .. බුරුවා

      Delete
  7. ස්සුරසේනයා නියමට දීලා .. උගේ ගේම් එක ගහගෙන.. ජෙපි පක්කුන්ගේ ගේමට බාලිදියක් දාලා ...

    ReplyDelete
Previous Post Next Post