දුම්රිය වර්ජනයක් අරඹයි..


 දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහා එම ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, දුම්රිය වෘත්තීය සමිති 26ක එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන පැය 48ක සංකේත වැඩවර්ජනය අද (16) මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ කෙරේ.

ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමකට එළැඹීමට බලධාරීන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු මෙන්ම දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ නිර්මාණය වී ඇති බරපතළ පරිපාලන සහ මෙහෙයුම් කඩාවැටීම්වලට වගකිවයුතු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සිය ප්‍රධාන අරමුණ බව පෙන්වා දෙන ඒ මහතා, තමන් ඉලක්ක කරගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍රය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අත්හිටුවීමට පියවර ගත්තද එය වර්ජනය අත්හැරීමට හේතුවක් නොවන බව අවධාරණය කළේය.

මෙම සටන සමස්ත දුම්රිය සේවයේ සහ රටේ හෙට දවස වෙනුවෙන් සිදුකරන්නක් බවද හෙතෙම සඳහන් කළේය.

එබැවින් අදාළ ලිපිය අත්හිටුවීමේ තීරණය මත වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට කිසිදු සූදානමක් නොමැති බවත්, මූලික ඉල්ලීම ඉටුවන තෙක් සැලසුම් කළ පරිදි වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරති.

මේ අතර, ආරම්භයේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක නොවූ දුම්රිය රියදුරු සහායකයන්, ෂන්ටින් රියදුරන් සහ අංගන සේවකයන් ඇතුළු තවත් පාර්ශ්ව රැසක්ද මේ වන විට වර්ජනයට පූර්ණ සහයෝගය පළ කරමින් ඊට එක්ව සිටින බව කසුන් චාමර ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Railway Unions Launch 48-Hour Strike Over Demands

A coalition of 26 railway unions has initiated a 48-hour strike beginning at midnight on October 16. This action is driven by several demands, including the immediate removal of the Director General of Railways.

The strike is set to continue uninterrupted until midnight on October 18. Kasun Chamara Jayasekara, the convener of the United Railway Professional Unions Federation and the General Secretary of the Railway Station Masters' Association, pointed out that authorities have yet to provide an opportunity for discussions or resolutions regarding their grievances.

Jayasekara emphasized that the primary goal of the action is to hold the Director General accountable for significant administrative and operational disruptions within the railway department. He noted that, despite the Secretary of the Ministry of Transport taking steps to suspend the allegations he had filed, this would not serve as a reason to call off the strike.

This movement is described as critical not just for the railway services but also for the country’s future. He reiterated that there are no plans to suspend the strike, declaring that it will proceed as scheduled until their primary demand is met.

In an interesting development, other groups including railway assistants, shunting drivers, and various support staff, who did not initially participate in the strike, have now expressed full solidarity and joined the action alongside the unions, as confirmed by Jayasekara.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. නිමල් පෙරේරාSeptember 16, 2026 at 8:46 PM

    පහුගිය ආණ්ඩු කාලේ මේ වර්ජන කරන්නේ සිකුරාදා උදේ ඉඳලා සඳුදා ඉවර වෙනකම්. දැන් නම් සතියේ මැද. එය තමයි අපි පැතූ වෙනස. දුන්න ඡන්දය ගැන ආඩම්බරයි.

    ReplyDelete
  2. එයාලා රටට බෝ කරපු වසංගත එයාලම බුක්ති විඳියවා.
    අනිත් සේවකයොත් මොකුත් නොකරොත් වේල් 3 කන එකත් රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වෙනවා.

    ReplyDelete
  3. දන් ඉන්න විපක්ශෙ කරන පලවෙනි වර්ජනය. බලමු කලින් පාලකයො වගෙ කොච්චි 10ක් දුවල , වර්ජනය අසර්තකයි වගෙ ගොන් ටොක්ස් දේවිද, නැත්නම් යම් වෙනසක් කරාවිද කියල.. මාසයක් වහල හරි හදනවා කිව්වා. ඊලගට හමුදාව පුහුණු කරල තියාගන්නවා කිවා. දැන් බලමු කට කයිවාරුව විතරද කියල.
    ආණ්ඩුවට කියන්නෙ, දැන් ඉස්සර වගෙ කියවිල්ල නැතිව කරල පෙන්වන්න
    වර්ජකයන්ට කියන්නෙ සැලෙන්න එපා වර්ජනය දිගටම කරන්න...

    ReplyDelete
Previous Post Next Post