සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත රහස්‍යතාව සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන්ව හිතාමතාම නොමඟ යවා මුළා කර ඇති බවට ‘මෙටා’ සමාගම වරදකරු බව අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත ජූරි සභාවක් තීන්දු කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙය මෙටා සමාගම මේ වසර තුළ ලැබූ තවත් දැවැන්ත නීතිමය පරාජයකි.
සති දෙකක නඩු විභාගයකින් අනතුරුව ලබා දුන් මෙම තීන්දුවට අනුව, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සමස්ත ජනගහනය වන ලක්ෂ 20 කට (මිලියන 2) අධික පිරිසකට බලපාන පරිදි මෙටා සමාගම සිදු කර ඇති නීති උල්ලංඝනය කිරීම් සංඛ්‍යාව කෝටි 4.3 කට (මිලියන 43) අධිකය. ඒ වෙනුවෙන් එක් උල්ලංඝනයක් සඳහා උපරිමය ඩොලර් 5,000 බැගින් වන පරිදි දඩ නියම කරන ලෙස ප්‍රාන්ත බලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර, න්‍යායාත්මකව එම සමස්ත දඩ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 219 ක් තරම් දැවැන්ත අගයක් දක්වා ඉහළ යා හැකි බවත්, විනිසුරුවරයා විසින් ඉදිරියේදී නියම කිරීමට නියමිත දඬුවම මත අවසන් මුදල තීරණය වනු ඇති බවත් එම පුවත් වාර්තාවේ දැක්වේ.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2018 වසරේදී අනාවරණය වූ බ්‍රිතාන්‍යයේ ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ (Cambridge Analytica) දත්ත වංචාවයි. තෙවන පාර්ශ්වීය යෙදුමක් ඔස්සේ ෆේස්බුක් පරිශීලකයන් මිලියන 87 කගේ පෞද්ගලික තොරතුරු ඔවුන්ගේ අවසරයකින් තොරව ලබාගෙන, 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඡන්දදායකයන් ඉලක්ක කිරීමට එම දත්ත යොදාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් නිව් මෙක්සිකෝ ප්‍රාන්තය විසින් 2021 වසරේදී මෙටා සමාගමට එරෙහිව නඩු පවරනු ලැබීය.
නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් මෙක්සිකෝ නීතිපති රාවුල් ටොරෙස් ප්‍රකාශ කළේ, මෙටා සමාගම නීති රීති නොසලකා හරිමින් කටයුතු කළ ආකාරය මෙම නඩු විභාගයෙන් පැහැදිලිව අනාවරණය වූ බවත්, මහා තාක්ෂණික දැවැන්තයන් වගවීමට බැඳීමට ගත් උත්සාහයේ ඓතිහාසික ජයග්‍රහණයක් මෙය වන බවත්ය. කෙසේ වෙතත්, අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති මෙටා සමාගම, තමන් දත්ත හැසිරවීමේදී සහ අසත්‍ය තොරතුරු පාලනයේදී විනිවිදභාවයෙන් ක්‍රියා කළ බව පවසමින් මෙම තීන්දුවට එරෙහිව දිගටම අධිකරණය හමුවේ කරුණු දක්වන බව සඳහන් කර තිබේ.
මෙටා සමාගම නිව් මෙක්සිකෝව තුළ මෙවැනි පරාජයක් ලැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය මාර්තු මාසයේදී ද ළමා ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 375 ක දඩයක් සහ තවත් ඩොලර් මිලියන 567 ක වන්දි මුදලක් ගෙවීමට එම අධිකරණයෙන්ම නියෝග කර තිබිණි. එසේම ළමුන් ඇබ්බැහි වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රාන්ත රැසක් ගොනු කළ නඩුවකට ඩොලර් බිලියන 17 ක සමථයකට එළඹීමට පසුගිය මාසයේදී මෙටා එකඟ වුවද, නිව් මෙක්සිකෝ ප්‍රාන්තය ඊට එකඟ නොවී නඩුව විභාගයට ගැනීමට තීරණය කර තිබිණි.
මෙටා සමාගමට අමතරව ටික්ටොක්, ගූගල්, ඇපල් සහ නෙට්ෆ්ලික්ස් වැනි දැවැන්ත සමාගම් රැසක් ද පරිශීලක දත්ත අනිසි භාවිතය සහ පෞද්ගලිකත්ව ගැටලු සම්බන්ධයෙන් ලොව පුරා දැඩි නීතිමය පරීක්ෂණ සහ නඩුවලට මුහුණ දී සිටින බව වැඩිදුරටත් වාර්තා කරයි.
Meta Faces Massive Legal Setback in New Mexico Over Data Privacy Violations
A jury in New Mexico has found Meta Platforms Inc. liable for misleading users about the confidentiality of their personal data and related policies, marking another significant legal defeat for the company this year. Reports indicate that this ruling comes after a two-week trial and has substantial repercussions for the lives of over 2 million residents in the state.
The jury determined that Meta committed more than 4.3 billion violations of the law, with implications that could see fines up to $5,000 for each violation. Consequently, the total penalties could potentially soar to a staggering $219 billion, as future rulings by the presiding judge will finalize the exact amount of the sanctions.
This lawsuit stems from the infamous Cambridge Analytica data scandal, which was revealed in 2018. During the incident, personal information from around 87 million Facebook users was obtained without their consent through a third-party application, which was exploited to target voters for Donald Trump's campaign during the 2016 U.S. presidential election. In response to the breach, New Mexico filed suit against Meta in 2021.
Commenting on the verdict, New Mexico Attorney General Raúl Torrez emphasized that the jury's decision clearly illustrates Meta’s disregard for legal standards, representing a historic win in the ongoing efforts to hold tech giants accountable. Nevertheless, Meta has rejected the allegations, asserting that it acted transparently in data handling and misinformation control, and plans to contest the ruling in court.
This is not the first time Meta has faced such setbacks in New Mexico; earlier this March, the company was ordered to pay a $375 million fine for violations related to child safety laws, in addition to a $567 million compensation payment. Furthermore, despite agreeing to a $17 billion settlement in a lawsuit related to its platforms' development aimed at potentially endangering children, New Mexico opted out of this agreement and pursued its case in court.
In addition to Meta, numerous other tech giants like TikTok, Google, Apple, and Netflix are reportedly experiencing intense legal scrutiny and lawsuits around the world concerning improper use of user data and privacy issues.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
