IMF කියන ආකාරයේ අයවැයක් හදනතුරු එකගතා නෑ..


 රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සහ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟත්වයකට නොපැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට (Staff-Level Agreement) එළැඹිය නොහැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා ඉදිරි අයවැය ලේඛනයේ මූලික රාමුව පිළිබඳව දෙපාර්ශ්වය අතර පූර්ණ එකඟතාවක් පැවතිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.

"වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාලයක් තිස්සේ සාකච්ඡා පවත්වන බව ඇත්තක්. අපත් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් අපට තිබෙනවා. මෙවර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට නොහැකි වූයේ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා තවමත් අවසන් වී නොමැති නිසයි.

රජයේ මධ්‍යකාලීන මූල්‍ය වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්වන්නේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය හරහායි. ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට යන අයවැය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ එකඟතාව ලැබෙන තුරු මෙම සාකච්ඡා අවසන් වන්නේ නැහැ.

රජය බදු සහන දෙන බවට හෝ විවිධ වෙනස්කම් කරන බවට ප්‍රකාශ කළද, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පැහැදිලිවම පවසන්නේ සියලු දේ මධ්‍යකාලීන මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූල විය යුතු බවයි. රජය ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට මූල්‍ය අරමුදල එකඟ වන්නේ නම්, හෝ ඔවුන්ගේ කොන්දේසිවලට රජය එකඟ වන්නේ නම් පමණක් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඉදිරියේදී හිමිවනු ඇති.

2020 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට මුලින්ම පෙන්වා දුන්නේ මා ඇතුළු කණ්ඩායමයි. එහෙත් මූල්‍ය අරමුදල වෙත ගිය පමණින් ඔවුන් පවසන සෑම පදයකටම නැටිය යුතු යැයි අප පවසන්නේ නැහැ. රටට ගැළපෙන අයුරින් කරුණු ඉදිරිපත් කර, තර්කානුකූලව සාකච්ඡා කර එකඟතාවලට එළැඹීමේ ශක්‍යතාවක් රජයකට තිබිය යුතුයි."





IMF Agreement Eludes Sri Lankan Government Amid Ongoing Budget Discussions

Discussions between the Sri Lankan government and the International Monetary Fund (IMF) regarding the upcoming budget and mid-term fiscal framework have not yet yielded the critical staff-level agreement necessary, as highlighted by Colombo District Parliamentarian Dr. Harsha de Silva.

In his remarks to the media, Dr. de Silva underscored the importance of reaching a comprehensive agreement on the fundamental framework of the forthcoming budget in order to ensure the success of negotiations with the IMF.

The parliamentarian elaborated on the situation, stating that negotiations with the IMF have been ongoing for some time. "We have engaged extensively with their representatives and possess a clear understanding of their operational approach. However, we have been unable to achieve a staff-level agreement due to the ongoing discussions concerning the mid-term fiscal framework," he revealed.

The government's mid-term fiscal plan is set to be issued through the forthcoming budget proposal. Discussions will continue until an agreement is reached with the IMF on the budget being presented by President and Finance Minister Anura Kumara Dissanayake.

Despite the government's assertions regarding tax relief or various adjustments, IMF representatives have made it clear that all measures must align with the mid-term fiscal policy. The staff-level agreement is contingent upon the government either gaining the IMF's approval for its budget proposals or agreeing to the conditions set forth by the fund.

Notably, it was a team that included Dr. de Silva himself that initially indicated the need to seek support from the IMF back in 2020. "However, we do not assert that every statement they make must be followed blindly. It is essential for a government to present issues in a manner that is suitable for the country and to engage in reasoned dialogue to achieve agreements," he concluded.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. IMF now trying manipulate SL

    ReplyDelete
    Replies
    1. what to manipulate

      they have a fundamental basis for approving loans from very 1st date

      Delete
  2. භූමියේ අයිතිය නොමැති බදුගෙවනා වහළුන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් තුලින් නිර්මාණය කර ගැනීම පමණක් බටහිර බළල්අතක් වන අයි ඵම් ඵෆ් සංවිධානයේ ප්‍රධාන අරමූණ බව අවධානයට,.!September 26, 2026 at 2:11 PM

    බටහිර වහල් යටත්විජිතකරනයේ ආරථිකය දඪු අඩුවට හසුකර සුළු ණයමුදලක් ලබාදී බදු ගසා, කූඨ ක්‍රමවේදයක් තුළින් දේශීය ජනයාගේ භූමියේ අයිතිය උදුරාගෙන,..

    දේශීය ජනයාගේ මුදුන් මුළ කපා දමා ක්‍රමාණුකූලව දුර්වළ කර , වසවිස ඵන්නත්ක්‍රම විෂ මත්ද්‍රව්‍ය ආදියෙන් මුල්ජනයා සමූළඝාථනයකර,..

    භූමිය ක්‍රමාණුකූළව අත්පත්කරගෙන බටහිරයන්ට පාළණය කළ හැකි පාවිච්චිකළ හැකි ස්වදේශිකයන්ගෙන් තොර වූ බළවත් බටහිරයන්ට පමණක් පාවිච්චි කළ හැකි පරාදීසියක් ක්‍රමාණුකූළව නිර්මාණය කර ගැනීම..

    සහ බටහිරයන්හට ආවතේව කිරීමට අරක්කැමියන්,..
    ආපනශාළා කම්කරැවන්, සම්බාහන මද්‍යස්ථාන,..
    ගනිකාවන්, රියදුරන්,සනීපාරකෂක කම්කරැවන්, ..

    භූමියේ අයිතිය නොමැති බදුගෙවනා වහළුන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් තුලින් නිර්මාණය කර ගැනීම පමණක් බටහිර බළල්අතක් වන අයි ඵම් ඵෆ් සංවිධානයේ ප්‍රධාන අරමූණ බව අවධානයට,.!

    ReplyDelete
  3. Naya kandath kasala kanda wage mai. Lankawe kasala kandu godawenawa wagema nayath godawenawa. Mehema giyoth wellampitiya kasala kandata unade nayakandatath wenna puluwan. Ethakal desapaluwoth api janathawath balagena innawada?

    ReplyDelete
Previous Post Next Post