ඉතිහාසයේ විශාලම වංචාව ගල් අගුරු වංචාවයි.. බිලියන 18යි..


 ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, එමගින් රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ කාරක සභාවට අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් සිදුව ඇති අලාභය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

"බාල ගල්අඟුරු ගෙන ඒම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මුලදී එය පිළිගත්තේ නැහැ. නමුත් දැන් අමාත්‍යාංශ වාර්තාවෙන්ම ඒ බව තහවුරු කර තිබෙනවා. ගුණාත්මක බවින් අඩු ගල්අඟුරු විශාල ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවීම නිසා පමණක් රුපියල් බිලියන 7ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. එමෙන්ම අළු ඉවත් කිරීමේ ගැටලු නිසා රුපියල් මිලියන 80ක පමණ පාඩුවක් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 13ක් වැයවී තිබෙනවා.

බලශක්ති උත්පාදනය අඩාල වීම හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට වෙනත් බාහිර ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා වැය වූ මුදල රුපියල් බිලියන 8,572ක්. ඒ අනුව එම පාඩුව පමණක් රුපියල් බිලියන 15.7ක් වෙනවා. මීට අමතරව ගල්අඟුරු නැව් පැමිණීම ප්‍රමාද වීම නිසා තවත් රුපියල් බිලියන 2.284ක පාඩුවක් වාර්තා වී තිබෙනවා."

ඒ අනුව, මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 17,965ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, මෙය ලංකා ඉතිහාසයේ ලියැවෙන බරපතළම හා අතිශය නින්දිත වංචාව ලෙස ඉතිහාසයට එක්වන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Massive Financial Scam Linked to Coal Imports Unveiled by Opposition Leader

In a startling revelation, Patali Champika Ranawaka, the leader of the United National Front, has described a significant financial fraud stemming from the importation of low-quality coal, which he claims has cost Sri Lanka nearly 18 billion rupees. This accusation marks one of the gravest and most extensive financial scandals in the nation's history.

During a recent media briefing, Ranawaka pointed out that the details emerged from an official report presented to the Parliamentary Committee on Energy by relevant officials on October 7.

He elaborated on the financial losses attributed to the low-grade coal imports. The leader emphasized that the government, under President Anura Kumara Dissanayake’s administration, initially rejected the idea of accepting this low-quality coal. However, recent data from the Ministry has validated his claims, highlighting a substantial loss of approximately 7 billion rupees due solely to the combustion of low-quality coal.

Additionally, complications related to ash removal have incurred around 80 million rupees in losses, while maintenance activities account for another 13 million rupees spent. The fallout from compromised energy production has led to a reliance on external sources for electricity, incurring an additional cost of 8.572 billion rupees. This brings the total estimated loss from this entire debacle to roughly 15.7 billion rupees alone.

Furthermore, delays in coal shipment arrivals have added an extra burden, resulting in a financial impact of 2.284 billion rupees. Hence, the cumulative financial loss attributable to this entire scenario is projected to be around 17.965 billion rupees, placing it firmly in the range of 18 billion rupees.

Ranawaka underscored the severity of the situation, asserting that this scandal will be etched in Sri Lanka's history as one of the most abhorrent and consequential financial frauds the country has ever faced.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. හා හා.. හරි ලොක්කා හරි.... ඊට වඩා වටිනව අර හයිවේ එකේ දි හප්පලා මරපු කොල්ලගෙයි සදාකාලික අබ්බගාත කරපු කොල්ලගෙයි ජීවිත දෙක. අර විදුලි බල ඇමති කාලෙ වියදම් වාර්ථාකරණය ඊළඟ වසර තෙක් කල් දාලා, ආදායම් සියල්ල විතරක් වාර්ථා කරලා, ලාභ මවලා පෙන්නලා, ඊලඟ වසරේ ගෙවන්ඩ තියෙන මුදල් මදි වෙලා බැංකු ණය අරගෙන, ඒකට පොලී ගෙවලා කරපු වින්නැහිය මතක නැති කරන්ඩ එපා, ඒකත් අරකට එකතු කලාම ඔහේ කරලා තියෙන පාඩු ඊට හුඟාක් විශාලයි.

    ReplyDelete
Previous Post Next Post