2026 වසරේ මුල් මාස අට තුළ මෙරට සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 35.4 ක අතිරික්තයක් සටහන් කර තිබියදී, වෙළඳ හිඟය ඩොලර් බිලියන 7 ඉක්මවා ප්‍රසාරණය වීම, රුපියල අවප්‍රමාණ වීම සහ විරැකියාව ඉහළ යාම ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික දර්ශක වාර්තාව මඟින් අනාවරණය වේ.
මහ බැංකු වාර්තාවට අනුව, 2026 අගෝස්තු මාසයෙන් අවසන් වූ මුල් මාස අට තුළ මෙරට වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,180 (ඩොලර් බිලියන 7.18) දක්වා ලෙස පුළුල් වී තිබේ. එය 2025 වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,264 ක වෙළඳ හිඟය හා සැසඳීමේදී සියයට 68 කට ආසන්න බරපතළ ඉහළ යාමකි.
මෙරට අපනයන ආදායම සියයට 3.3 ක සුළු වර්ධනයක් පමණක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 9,377 ක් ලෙස සටහන් වෙද්දී, ආනයන වියදම සියයට 24.1 ක සීඝ්‍ර වර්ධනයක් සහිතව ඩොලර් මිලියන 16,557 දක්වා ඉහළ යාම මෙම පරතරය දැඩි වීමට ප්‍රධාන හේතුව වී ඇත.
මීට අමතරව, අපනයන මිලට වඩා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් මෙරට Terms of Trade ද සියයට 4.1 කින් පිරිහීමට ලක්ව තිබේ.
විදේශ අංශයේ පවතින මෙම දුර්වලතාව හමුවේ, 2026 ඔක්තෝබර් 02 වැනිදා වන විට වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.2 කින් අවප්‍රමාණ වී ඇත.
2026 අගෝස්තු අග වන විට මෙරට නිල දළ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,929 ක් (ඩොලර් බිලියන 6.9 ක්) ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති නමුත්, ඊට භාවිතය සීමා සහිත කොන්දේසි සහිත චීන මහජන බැංකුවේ (PBOC) විදේශ විනිමය හුවමාරු (Swap) මුදල්ද ඇතුළත් වේ. එමෙන්ම සංචාරක ඉපැයීම් ද පෙර වසරට සාපේක්ෂව සියයට 10 කින් පසුබෑමක් සටහන් කර ඇත.
රාජ්‍ය මූල්‍ය අංශය සැලකීමේදී, රජයේ ආදායම් සියයට 21.2 කින් ඉහළ යාම හේතුවෙන් 2025 මුල් මාස අට තුළ පැවති රුපියල් බිලියන 411 ක අයවැය පරතරය වෙනුවට රුපියල් බිලියන 35.4 ක සමස්ත අයවැය අතිරික්තයක් අත්කර ගැනීමට රජය සමත්ව ඇත.
එසේ වුවද, 2026 ජූනි මස අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත ණය බර රුපියල් බිලියන 31,278 ක් (ට්‍රිලියන 31.2 ක්) තරම් ඉහළ මට්ටමක පැවතීම ආර්ථිකයේ දිගුකාලීන අවදානම තවදුරටත් තීව්ර කරවන්නකි.
මීට අමතරව, මෙරට විරැකියා අනුපාතිකය 2026 දෙවන කාර්තුවේදී සියයට 4.0 දක්වා ඉහළ ගොස් ඇති අතර කෘෂිකාර්මික නිෂ්පාදනය සියයට 2.3 කින් හැකිලී තිබේ. ආහාර උද්ධමනය සියයට 8.7 ක ඉහළ අගයක පැවතීම මෙන්ම, මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක බොරතෙල් සැපයුමේ පවතින අවිනිශ්චිතතාව මෙරට ආර්ථිකයට ඉදිරියේදී තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇති බව පෙනී යයි.
Sri Lanka Faces Rising Trade Deficit and Currency Devaluation Amidst Economic Challenges
The latest economic report from the Central Bank of Sri Lanka unveils a stark reality for the nation. In the first eight months of 2026, a surplus of Rs. 35.4 billion was recorded in the national budget, yet the trade deficit ballooned to over $7 billion. This alarming trend, coupled with a depreciating rupee and escalating inflation, underscores the fragility of the country’s economic landscape.
According to the Central Bank’s findings, the trade deficit expanded to $7.18 billion during the initial eight months ending August 2026. This marks a significant increase of approximately 68% compared to the $4.26 billion deficit recorded in the same period of 2025.
Export earnings showed only a modest growth of 3.3%, totaling $9.377 billion, while import expenses surged by 24.1%, reaching $16.557 billion. This stark contrast significantly exacerbated the trade gap.
Moreover, the rising cost of imports relative to exports led to a 4.1% deterioration in the nation's Terms of Trade. As a result of these inflating pressures, by October 2, 2026, the Sri Lankan rupee had depreciated by 6.2% against the U.S. dollar.
As of the end of August 2026, the official gross foreign reserves were provisionally estimated at $6.929 billion. However, this figure includes foreign exchange swap arrangements with the People's Bank of China (PBOC), which feature limited usability. Tourist earnings also experienced a 10% downturn compared to the previous year.
On the fiscal side, a 21.2% increase in government revenue allowed the state to secure a budget surplus of Rs. 35.4 billion, reversing a deficit of Rs. 411 billion from the same timeframe in 2025.
However, the overall debt burden of the central government remained high at Rs. 31,278 billion (approximately $31.2 trillion) as of the end of June 2026, raising concerns over long-term economic sustainability.
Additionally, the unemployment rate reached 4.0% in the second quarter of 2026, while agricultural production suffered a decline of 2.3%. With food inflation lingering at a high of 8.7%, combined with ongoing geopolitical uncertainties affecting global oil supply chains, the Sri Lankan economy could face further pressures in the near future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඩෝබින්ට මේවා තේරෙන්නේ නෑනේ
ReplyDelete