2026 වසරේ මුල් මාස අටක කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4,072.1 ක මුදලක් වැය කර ඇති බවත්, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 61.6 ක කැපී පෙනෙන ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
මහ බැංකු වාර්තාවලට අනුව, 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයන වියදම ලෙස සටහන්ව තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,520.6 කි. ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස අට තුළ ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,551.5 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, 2026 අගෝස්තු මාසයේදී පමණක් ඉන්ධන ආනයනය සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 450.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 අගෝස්තු මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 255.2 ක අගයට සාපේක්ෂව සියයට 76.5 ක දැවැන්ත වර්ධනයකි. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙවර අගෝස්තු මාසයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 195.4 කින් වැඩි වී ඇත.
මීට අමතරව, පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය වෙනුවෙන් වැය වූ මුදලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, 2025 අගෝස්තු මාසයේදී ඒ සඳහා වැයවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 202.9 ක මුදල, 2026 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 321.9 ක් දක්වා සියයට 58.7 ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන මඟින් අනාවරණය වේ.
Sri Lanka's Fuel Imports Surge in Early 2026
In a significant uptick in fuel expenditure, Sri Lanka allocated a staggering USD 4,072.1 million for fuel imports in the first eight months of 2026, marking a dramatic 61.6% increase compared to the same period last year, as reported by the Central Bank of Sri Lanka.
During the first eight months of 2025, the country’s fuel import expenses were documented at USD 2,520.6 million. This sharp rise indicates an increase of USD 1,551.5 million in fuel import costs for the same period in 2026.
The month of August 2026 alone saw fuel expenditure soar to USD 450.6 million, reflecting a remarkable 76.5% growth compared to USD 255.2 million in August 2025. This increase of USD 195.4 million compared to the previous year's August highlights the acute rise in demand for fuel imports.
Additionally, spending on refined petroleum imports has also surged significantly. Expenditures that stood at USD 202.9 million in August 2025 climbed to USD 321.9 million in August 2026, translating to a yearly growth of 58.7%, as indicated by the latest statistics from the Central Bank.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteමූදට පනින්න අමුඩෙගහගනිල්ලා...
ape bandagare Rupiyal
ReplyDeleteaththram Thiyenwane
what is the issue?
රුපියල් තිබුනට ඩොලර් නැහැ.
Deleteඅන්න ඒක තමයි Issue එක. පොඩ්ඩක් ඉගෙන ගනින්.
මෝඩ හැත්ත පුදුම සාපයක් මේ රටට.
ශ්‍රී ලංකාව කියන්නේ අවුරුද්දේ 365 දවසෙම ඉර එලිය වැටෙන රටක්.
ReplyDeleteඒ වුනාට 95%ක් අමු ගොන් නාම්බො ඉන්න රටක්. උන්ට අන් විතරයි අඩු.
ඒකයි විදුලි මාෆියාකාරයො ඡන්දෙන් 2/3 බලයක් දීලා පත් කර ගත්තෙ.
ඩීසල් වලින් යුනිට් එකක් හදන්න රුපියල් 120ක් යද්දී, සෝලාර් වලින් රුපියල් 27න් කරන්න පුලුවන්කම තිබුනා. ඒත් එතකොට මාලිමාවේ ඉන්ජිනේරු කොමිස් කාක්කන්ට කොමිස් ගහන්න වෙන්නේ නැහැ. ඉතින් සෝලාර් නැවැත්තුවා.
වාහන ආනයනයේදී අලුත් කාර් ඔක්කොම විදුලි වාහන කරලා ගෙදරින්ම චාර්ජ් කර ගන්න දුන්නා නම් ඔය බර ලංකාවට දරන්න වෙන්නේ ඇහැ. ඒත් එහෙම කරන්න මොලයක් තියෙන එකෙක් ආන්ඩුවේ හිටියේ නැහැ.
අනිත් එක ගල් අඟුරු වංචාව නිසා කෝටි 600ක විතර අති විශාල ඩීසල් ප්‍රමාණයක් වියදම් වෙලා.
අන්තිමේ හොරකම් වලක්වන්නම්, මල් පැල කියලා ආපු උන් රටම විනාශ කරලා හූරගෙනම කෑවා.
මේවගේ ප්‍රතිපල එන්න තව අවුරුදු 2ක් විතර යනවා. මේ රටේ හැම මිනිහටම, ජීවිත කාලෙම මුන්ගේ මේ වංචාව නිසා වෙන පාඩුවට වන්දි ගෙවන්න වෙනවා.
නෝර්වේ කියන්නේ තෙල් ලිං සහ ගෑස් නිධි තියෙන රටක්.
Deleteඒ වුනත් ඔය කියන විදියට නෝර්වේ රට සම්පූර්ණයෙන් විදුලි වාහන වලට මාරු වෙන්න වැඩ කරලා දැන් එහේ ලොරි බව්සර් විතරක් නෙමේ එක්ස්කැවේටර් පවා විදුලියෙන් දුවන්න හදාගෙන.
ඒ රටට මාස 3ක් සූර්යාලෝකය ලැබෙන්නේම නැහැ. හැබැයි උන් රටේ හැම ගෙදරම සෝලාර් ගැහුවා. අනාගතයක් සැලසුම් කරලා කරන්න දන්නේ නැති මනුස්සයෙක් ජනාධිපති කරගන්න තේරෙන්නේ නැති රැල්ලට *# දෙන ගොන් හැත්ත ඉන්නකන් රට හදන්න බැහැ.
ලංකාවේ බුදු හාමුදුරුවො උපන්නා කියලා රැවටිච්ච බෞද්ධයො ඉන්න රටක් මේක. අන්න එක මතක තියා ගනින්. හැබැයි උඹලා හිතනවද කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් මිනිස්සු තමන්ගේ ආගමික නායකයා ගැන මෙහෙම විකාර විශ්වාස කරයි කියලා?
අනිත් එක ඇනොනිමස් රට බේරගනින් කියලා හොර හැත්තකගෙන් #ටැග් ගහපු ගොන්නු ඉන්න රටක් මේක.
ආසියාවේ සහ යුරෝපයේ බොහෝ රටවල පබ්ලික් ට්‍රාන්ස්පෝට් රාත්‍රී හත අට වෙනකොට නවත්වනව. දහවල් කාලයේ දුවන පුද්ගලික වාහන සියයට සීයෙන් සියයට අසූවක් විතර අඩුවෙනවා. එහෙම වෙන්නේ ඒ අය දවසේ වැඩ අවසන් කර නිවසේ විවේකීව ඉන්නව. ඒ අය තමන්ගේ ගමන් සැලසුම් කර ගන්නවා.අපි දන්න තරමට සතිපතා විනෝද ගමන් යන සිරිතක් ඔවුන්ගේ නැහැ.සමහර විට මාස තුන හතරකට වරක් තමයි යන්නෙ. අපේ රටේ බොහෝ රජයේ සේවකයින් උදේ පාන්දර තුනට විතර නැගිටලා හතරට විතර බස් එකට නැගලා අට වෙනකොට වැඩට ගිහිල්ලා ආයි ගෙදර යනකොට රාත්‍රී අට නමය වෙනව.සමහර අයට පැය හතරක් පහක් නිදා ගන්න නැහැ. මේ සියලු දේවල් සැලසුම් කිරීමෙන් විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කර ගත හැකිය.
ReplyDeleteභාන්ඩ හුවමාරැ ක්‍රමයට සේවාව සැපයීමට සමාගමක් රාජ්‍ය අනුග්‍රහය යටතේ වහාම ස්ථාපිත කරනු,.!
ReplyDeleteනව්කාවළට වහාම සේවා සපයනු..!
සේවා හුවමාරැවට බොරතෙල් වහාම ලබාගනු,.!
බොරතෙල් ලබාගෙන සේවා සැපයිමට වහාම හිලව් කරනූ,.!
බොරතෙල් ලබාගෙන සේවා සැපයිමට වහාම හිලව් කරනූ,.!
පහරදීමේ නිමේශය කෙමෙන් ලඟාවන බැවින් තීරණ නොගන්නා අමනොඥ වහල් පාළකයන් දිවිබේරා ගැනීම සඳහා
මහ මූහුදට පනැනීමට අමුඩෙගහගනිල්ලා...!
භාන්ඩාගාරය වහාම පිරවීමට කටයුතු කිරීම හෝ..
ඉරාන නෟකාවලට සේවාවන් සපයා හුවමාරැවට වහාම බලශක්ත්ය බොරතෙල් ලබා ගැනීමට රාජ්‍ය සතු සමාගමක් වහාම සථාපිත කරනූ,.!