සංකීර්ණ සෞඛ්ය ගැටලු සහ රෝග නිවැරදිව හඳුනාගැනීමේදී සාමාන්ය වෛද්යවරුන් අභිබවා දෙගුණයකටත් වඩා වැඩි නිරවද්යතාවක් ප්රදර්ශනය කිරීමට තම නවතම කෘත්රිම බුද්ධි (AI) පද්ධතිය සමත්ව ඇති බව Microsoft සමාගම අනාවරණය කළයි.
සුප්රකට Science සඟරාවේ පළවූ නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙන්නේ, මෙය අනාගතයේ බිහිවන වෛද්ය සුපිරි බුද්ධියක් කරා තැබූ තීරණාත්මක පියවරක් බව මයික්රොසොෆ්ට් AI අංශයේ ප්රධාන විධායක නිලධාරී මුස්තාෆා සුලෙයිමාන් ප්රකාශ කර ඇති බවයි.
‘MAI-DxO’ ලෙස නම් කර ඇති මෙම නව පද්ධතිය, වෛද්ය මණ්ඩලයක් ආකාරයෙන් එකිනෙක සම්බන්ධ වී ක්රියාත්මක වන AI ඒජන්තවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වේ. මෙම පද්ධතිය මඟින් රෝගියාගෙන් ප්රශ්න විමසීම, අවශ්ය රසායනාගාර පරීක්ෂණ නියම කිරීම සහ අවසාන රෝග විනිශ්චය පිළිබඳව එකිනෙකා අතර තර්ක කර තීරණයකට එළඹීම සිදු කරයි.
ලොව පිළිගත් ‘නිව් එංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාවේ අඩංගු සංකීර්ණ රෝගී තත්ත්වයන් උපයෝගී කරගනිමින් සිදුකළ අනුකරණ පරීක්ෂණයකදී , මෙම AI පද්ධතිය සියයට 83ක නිරවද්යතාවක් පෙන්වීමට සමත්ව ඇත. ඊට සාපේක්ෂව, වෛද්ය ලේඛන සහ පොත්පත් පරිශීලනය කරමින් තනිව රෝග විනිශ්චය කළ ප්රාථමික සත්කාරක සහ අභ්යන්තර වෛද්යවරුන්ට ළඟා කරගත හැකිව ඇත්තේ සියයට 36ක නිරවද්යතාවක් පමණි. කෙසේ වෙතත්, මෙවැනි අතිශය සංකීර්ණ රෝග සාමාන්යයෙන් පරීක්ෂා කරනු ලබන්නේ විශේෂඥ වෛද්ය කණ්ඩායම් විසින් වන අතර, ඔවුන් මෙම සංසන්දනාත්මක පරීක්ෂණයට ඇතුළත් කර නොතිබූ බවද වාර්තාවේ සඳහන් වේ.
මයික්රොසොෆ්ට් සමාගම විසින් මෙම ‘DxO’ පද්ධතිය OpenAI, Google, Anthropic, Meta සහ DeepSeek යන සමාගම්වල ප්රමුඛ පෙළේ AI මාදිලි සමඟ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී OpenAI සමාගමේ GPT-5 සහ GPT-5.5 මාදිලි සමඟින් ඉහළම ප්රතිඵල වාර්තා වී ඇති බවත්, සංකීර්ණ රෝග විනිශ්චයේදී නිරවද්යතාව ඉහළ නැංවීමට මෙන්ම ඒ සඳහා වැයවන පරිගණක පිරිවැය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමටත් මෙම සම්බන්ධීකරණ පද්ධතිය උපකාරී වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
සෞඛ්ය ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ හිඟය සහ රෝගීන්ගේ ඉල්ලුම අතර පවතින දැවැන්ත පරතරය පියවීම සඳහා මෙවැනි තාක්ෂණයන් අත්යවශ්ය වන බව මයික්රොසොෆ්ට් AI හි සෞඛ්ය අංශයේ උප සභාපති ඩොමිනික් කිං පවසා ඇත.
මෙම පද්ධතිය සැබෑ රෝහල් පරිසරය තුළ පරීක්ෂා කිරීම සඳහා මයික්රොසොෆ්ට් සමාගම මේ වන විට බොස්ටන්හි ‘බෙත් ඊශ්රායෙල් ඩෙකොනස් වෛද්ය මධ්යස්ථානය’ සමඟ හවුල්කාරිත්වයකට එළඹ තිබේ. එහි හදිසි ප්රතිකාර ඒකක වෙත පැමිණෙන රෝගීන්ට සාමාන්ය වෛද්ය ප්රතිකාර ලබා දෙන අතරතුර, රෝගියාගේ එකඟතාව මත මෙම AI පද්ධතියේ සහායද ලබාගෙන මිනිස් වෛද්යවරුන්ගේ සහ AI පද්ධතියේ නිර්දේශ සංසන්දනය කිරීමට නියමිතය. මීට අමතරව, සුප්රකට ‘මේයෝ ක්ලිනික්’ සමඟ එක්ව සෞඛ්ය ක්ෂේත්රය වෙනුවෙන්ම විශේෂිත වූ මූලික AI ආකෘතියක් පුහුණු කිරීමටද මයික්රොසොෆ්ට් පියවර ගනිමින් සිටී.
වෛද්ය විද්යාවේ සංකීර්ණ තීරණ ගැනීමේ හැකියාව අතින් මිනිස් වෛද්යවරුන් සමග කරට කර සිටීමට හෝ ඔවුන් අභිබවා යාමට තම AI පද්ධතිවලට හැකියාව ඇති බවට මීට පෙර ගූගල් සහ OpenAI සමාගම්ද ප්රකාශ කර තිබිණි. මයික්රොසොෆ්ට් මෙම නව පර්යේෂණ වාර්තාව එළිදැක්වීමත් සමඟ ගෝලීය සෞඛ්ය සේවා තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්ත තරගයක් නිර්මාණය වී ඇත.
මයික්රොසොෆ්ට් AI ප්රධානී මුස්තාෆා සුලෙයිමාන් යනු මීට පෙර ගූගල් සමාගම විසින් පවරා ගන්නා ලද සුප්රකට DeepMind සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන අතර, වෛද්ය වාර්තා අධ්යයනය කර රෝගියෙකුගේ අනාගත සෞඛ්ය තත්ත්වය පිළිබඳව කල්තියා නිවැරදි අනාවැකි පළකිරීමේ හැකියාව ඉදිරි වසර කිහිපය තුළදී සෞඛ්ය ක්ෂේත්රය තුළ යථාර්ථයක් බවට පත්වනු ඇතැයි ඔහු දැඩි විශ්වාසය පළ කරයි.
Microsoft's AI System Surpasses Traditional Physicians in Diagnostic Accuracy
In a groundbreaking revelation, Microsoft has introduced a new artificial intelligence (AI) system that reportedly demonstrates more than double the diagnostic accuracy of general practitioners in identifying complex health issues. This significant advancement was highlighted in a recent research report published in the esteemed journal Science.
Mustafa Suleyman, a leading figure in Microsoft's AI division, noted that this development is a pivotal step towards the creation of future medical superintelligence. The system, named 'MAI-DxO', operates through a network of AI agents that collaborate akin to a team of physicians. It conducts patient interviews, prescribes necessary laboratory tests, and engages in discussions to reach a conclusive diagnosis.
In a simulation study utilizing intricate disease conditions, the AI system achieved an impressive accuracy rate of 83%. In contrast, primary care physicians and internists, relying solely on medical records and literature for diagnosis, managed only a 36% accuracy rate. However, it’s important to highlight that such complex cases typically undergo evaluations by specialized medical teams, a factor not represented in this particular simulation study.
Microsoft's DxO system has been tested against top-tier AI models from OpenAI, Google, Anthropic, Meta, and DeepSeek. The results indicated that models from OpenAI, specifically GPT-5 and GPT-5.5, exhibited the highest performance, significantly enhancing diagnostic accuracy for complex conditions while also reducing associated computational costs.
Dominic King, Deputy Chair of Microsoft AI's health division, stressed the necessity of technologies like these to bridge the substantial gap between the shortage of medical professionals and the rising patient demand.
To validate this system in real hospital environments, Microsoft has formed a partnership with Beth Israel Deaconess Medical Center in Boston. During routine medical treatments for patients in the emergency unit, the AI system will be utilized—pending patient consent—to cross-reference recommendations made by human doctors with its own analyses. Additionally, Microsoft is collaborating with the renowned Mayo Clinic to develop a primary AI model tailored specifically for healthcare.
Previously, both Google and OpenAI claimed that their AI systems possess the capability either to match or exceed the diagnostic decision-making skills of human physicians. With the release of this new research report, Microsoft has sparked a significant competitive wave in the global health services technology sector.
Mustafa Suleyman, known for co-founding the prominent AI company DeepMind, previously acquired by Google, expressed strong confidence that the ability to analyze medical records and provide accurate predictions regarding a patient's future health will become a reality in the healthcare field in the coming years.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉක්මනට ඕක සාර්ථක වෙලා ලංකාවටත් එනවා නම් හොඳයි. දොස්තරලා චැනල් කරලා පැය ගණන් රස්තියාදු වෙලා විනාඩි 5ක් ලෙඩා බලලා ගිනිගණන් පූජා කරලා එන කාලය ඉක්මනට ඉවර වේවි.
ReplyDelete