සුනඛ ලියාපදිංචි පනත කියන්නේ බදු බද්ද නෙමෙයි.. ජලභීතිකාව තුරන් කරන්නයි..


 ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත, 1848 බ්‍රිතාන්‍ය යුගයේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා පැනවූ ‘බලු බද්ද’ වැනි ආදායම් උපයන බද්දක් නොවන බවත්, ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳව සමාජය තුළ අනවශ්‍ය බියක් හා වැරදි මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සකස් කරන ලද "ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව අවධාරණය කෙරිණි.

දැනට පවතින යල්පැන ගිය ජලභීතිකා ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කරමින් ගෙන එන ලද මෙම නව පනත ප්‍රධාන ක්ෂේත්‍ර හයක් ආවරණය වන පරිදි සකස් කර ඇති බව සභාවට දැනුම් දෙන ලදී.

මෙම නව නීතිමය රාමුවට අනුව වයස සති හයකට වැඩි ඕනෑම සුනඛයෙකුගේ අයිතිකරු විසින් එම සත්වයාට ජලභීතිකා මර්දන එන්නත ලබා දීම අනිවාර්ය වන අතර, අදාළ පළාත් පාලන ආයතනය වෙතින් ඊට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගත යුතුව ඇත.

මෙම පනත හරහා රජය නව බද්දක් පැනවීමට සූදානම් වන බවට සමාජයේ පැතිර යන මතය ප්‍රතික්ෂේප කරමින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ, 1848 යටත්විජිත සමයේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා බලු බද්ද ඇතුළු විවිධ බදු පැනවූයේ මහජනතාවගෙන් මුදල් එකතු කර යටත්විජිත පාලනයේ ආදායම් තරකර ගැනීමට පමණක් බවයි. 

ඊට හාත්පසින්ම වෙනස්ව, වත්මන් පනතේ එකම අරමුණ වන්නේ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, සත්ව සුභසාධනය තහවුරු කිරීම සහ ජලභීතිකාව මෙරටින් තුරන් කිරීම පමණක් බවත්, එය කිසිසේත්ම භාණ්ඩාගාරයට ආදායම් උපයන මාර්ගයක් නොවන බවත් සභාව හමුවේ පැහැදිලි කෙරිණි.

සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් මෙහිදී අනාවරණය කෙරුණේ, 1970 සහ 1980 දශකවලදී මෙරට වාර්ෂිකව ජලභීතිකාව වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ගියද, අඛණ්ඩ එන්නත්කරණය නිසා එය පසුගිය වසරේදී මරණ 14ක් දක්වා අවම කරගැනීමට හැකිවූ බවයි. කෙසේ වෙතත්, සුනඛ සපාකෑම්වලට ගොදුරු වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සහ එන්නත් ලබා දීම වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් මිලියන 655.82ක මුදලක් වැය කිරීමට සිදුවන බවද අවධාරණය කෙරිණි.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සත්ව සුභසාධන සංවිධාන, පරිසරවේදීන් මෙන්ම විවිධ පාර්ශ්ව අතර විවිධ අදහස් හා සංවාද මතුව ඇති පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සෙසු පාර්ශ්ව ඉදිරිපත් කරන සියලු යෝජනා සහ සංශෝධන ගැඹුරින් සලකා බැලීම සඳහා පනත සම්මත කරගැනීම වෙනත් දිනකට කල් තැබීමට තීරණය විය. ඒ අනුව එදින පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය පමණි.





New Legislation Aims to Eradicate Leptospirosis and Regulate Dog Registration in Sri Lanka

In a significant move to combat leptospirosis and manage dog registrations, the Sri Lankan government has introduced new legislation designed to replace outdated regulations from the British colonial era. During a recent parliamentary session, it was emphasized that this bill is not a revenue-generating tax akin to the "Dog Tax" established by Governor Torrington in 1848, countering fears and misconceptions circulated by certain factions within society.

The "Bill for the Eradication of Leptospirosis and Regulation of Dog Registrations" aims to eliminate the disease entirely and manage the dog population effectively. The introduction of this legislation is a response to the need for robust public health measures.

This new law will revoke the existing Leptospirosis Ordinance and the Dog Registration Ordinance, establishing a framework that encompasses six key areas of public health. Under the proposed law, all dog owners must ensure their pets receive the leptospirosis vaccination once they reach six weeks of age, followed by acquiring the appropriate registration certificate from local authorities.

Addressing the prevalent belief that the government is poised to introduce another tax, officials clarified that this legislation's sole purpose is to protect public health, enhance animal welfare, and eradicate leptospirosis. It is explicitly stated that this bill does not serve as a means to increase government revenue.

Historical statistics reveal that during the 1970s and 1980s, leptospirosis contributed to annual fatalities exceeding 300 in Sri Lanka. However, due to continuous vaccination efforts, this number was drastically reduced to just 14 reported deaths last year. Nevertheless, it was noted that the government incurs an annual expenditure of approximately 655.82 million Sri Lankan Rupees for the treatment and vaccination of individuals affected by dog bites.

The introduction of this bill has sparked a diverse range of opinions among animal welfare organizations, environmentalists, and other stakeholders. Given this backdrop, it was decided to postpone the bill's ratification to allow parliament members and other interested parties to consider all suggestions and amendments thoroughly. As a result, the session only consisted of a second reading debate on the proposed legislation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post