සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්වූ ‘යක්ෂ රාජ වජ්රපාණි’ නැමැති ආන්දෝලනාත්මක වස් කවියේ සැබෑ නිර්මාණකරුවා මීට පෙර ඒ සඳහා හිමිකම් පෑ හිමිනම නොවන බවත්, එහි නියම රචකයා විදේශගතව වෙසෙන මෙරට මහාචාර්යවරයෙකු බවත් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මහතා හෙළිදරව් කරයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
එම නිර්මාණය තම නිර්මාණයක් බව පවසමින් ස්වාමීන් වහන්සේ නමක් සහ සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න එය සිය ග්‍රහණයට ගෙන දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ ඒ මහතා, ඒ සඳහා වන ලිඛිත සාක්ෂි හා හඬපට තමන් සතුව පවතින බවද ප්‍රකාශ කළේය.
ජාමුනි කම්මුනි තුෂාර මහතා සඳහන් කළ අන්දමට, පසුගිය ඔක්තෝබර් මස 8 සහ 9 යන දිනවලදී විදෙස්ගත මහාචාර්යවරයා විසින් මෙම මුල් පද රචනය සහ තනුව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමකට, දේශපාලනඥයන්ට මෙන්ම සමාජ ක්රියාකාරිකයන්ටද විද්‍යුත් මාර්ගයෙන් යොමුකර තිබේ. තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත එම පදමාලාව ලැබී තිබූ බවත්, ඒ පිළිබඳ සියලු Screenshots සහ ඩිජිටල් සාක්ෂි තහවුරු කළ හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම අදාළ නිර්මාණයේ මුල් රචකයා බව කියන විදෙස්ගත මහාචාර්යවරයාගේ හඬපටයක්ද එහිදී ප්‍රචාරය කෙරුණු අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ:
“මේ ගීතය ලියන්න ප්රස්තුත වෙන්නේ කිසිදු පාර්ශ්වයක් හෝ පටු දේශපාලනයක් නෙමෙයි. රට වෙනුවෙන් කළ සාධාරණ මැදිහත්වීමක් ලෙසයි මෙය නිර්මාණය කළේ. මෙහි අරමුණ පොදු මාතෘකාවක් විය යුතු නිසයි මා නිහඬව සිටියේ. නමුත් ඇතැම් පාර්ශ්ව මෙය දේශපාලනීකරණය කරමින් තමන්ගේ වාසියට හරවා ගැනීමට දැරූ උත්සාහය ඉතා වැරදියි.”
මෙම නිර්මාණය අතට ගෙන දේශපාලන වාසි තකා භාවිත කිරීමත් සමඟ, ජනතාව අතර ස්වභාවිකව පැතිර යමින් තිබූ එහි සමාජ බලපෑම හා ජනප්‍රියත්වය හීන වී ගිය බවටද ජාමුනි කම්මුනි තුෂාර මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
රට පාලනය කරන බලධාරීන් හා දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් සාම්ප්‍රදායික වස් කවි ආරක් මුසු කොට නිර්මාණය කෙරුණු ‘යක්ෂ රාජ වජිරපාණී මහ දෙවිඳේ අසපන්...’ යන ගීතය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. අනතුරුව භික්ෂූන් වහන්සේ නමක් මාධ්‍ය හමුවට පැමිණ තමන් මෙම නිර්මාණය සිදුකළ බවට ප්‍රකාශ කළ අතර, එහි දෘශ්‍ය රූප රචනයක් සිදුකර ප්‍රචාරය කිරීමත් සමඟ මෙහි හිමිකාරිත්වය සහ දේශපාලන පසුබිම පිළිබඳව සමාජය තුළ වාදවිවාද නිර්මාණය විය.
Controversy Erupts Over Authenticity of 'Yaksha Raja Vajirapani' Poem
The identity of the true creator behind the provocative poem titled 'Yaksha Raja Vajirapani' has sparked intense debate on social media. Jamuni Kamunithushara, Chairman of the Citizens' Power Organization against Corruption and Waste, revealed that the actual author is a Sri Lankan expatriate professor, rather than the individual previously claiming ownership of the work.
This revelation came during a discussion with journalist Chamuditha Samarawikrama on his YouTube channel. Kamunithushara emphasized that the supposed creator, known as Swamin Vahanse and music producer Iraj Weerarathne, attempted to politicize the poem by misrepresenting it as his own, a claim supported by written evidence and audio recordings in his possession.
According to Kamunithushara, on October 8 and 9, the expatriate professor shared the original verses with various prominent monks, politicians, and social activists in Sri Lanka via electronic means. He noted that the text reached multiple parties, including senior monks such as Anandasiri from Thiththagalla, with all supporting screenshots and digital evidence available for verification.
During the discussion, an audio clip of the professor was also shared, in which he clarified, “This song was not written to serve any party or petty political agendas. It was created as a just intervention for the country. My intention was for it to reflect a common theme, and remaining silent while some factions twist it for their gain is fundamentally wrong.”
Kamunithushara further criticized the misuse of this work for political gain, suggesting that the natural social impact and popularity it garnered among the public have been undermined as a result of such politicization.
The song, targeting political figures and leaders, was crafted under the guise of traditional poetic forms and recently gained significant traction on social media. After the controversy erupted, a monk publicly claimed responsibility for the creation, leading to a wave of debates and discussions about the ownership and political implications of the poem.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒ ගෞරවණීය ස්වාමීණ්වහන්සේ කිව්වෙම ඒ නිර්මාණය සාමුහික වැඩක් කියලයි. ඒ වගේම තමයි සම්බුද්ධ සාසණයට
ReplyDeleteඑරෙහිවන්නන්ට විරුද්ධව වස්කවි නිර්මාණය කරන එක සම්බුද්ධ ශාසණයේ පැවැත්ම සඳහාම කරපු දෙයක් මිස මොහු
කියන විදිහට දේශපාලන වැඩක් නෙමෙයි.
මාලිමාවට කඩේයන මේ ගොබිලටයි, කුලියට කහින චමුදිතටයි වැඩිය අපට මේ උතුම් ස්වාමීණ්වහන්සේගේ ප්‍රකාශය විශ්වාසයි.
කතාව ඇත්ත. ඒ විතරක් නෙමේ පිටරට ඉන්න ඒ මහාචාර්යවරයාට ප්‍රසිද්ධියේම කියන්ඩ තිබුනනෙ උන්නැහෙයි මේක ලිව්වෙ කියල,
Deleteමෙව්වගෙ එක එක ගස්බල්ලො ලව්ව කියවන්නෙ නැතුව.
මේත් ඉතින් එක්තරා ගෑණුසාර කෙනෙක් තමා. පන්සලට හුචක්කුව කැන්දලා ගාය ඇරගන්නෙ. ඒ ඇත්තිව වඩම්මව ගන්න බැරි උනාම අවධාන ගණිකාවක් වගේ ජාතිවාදය අවුස්සන එක තමා ජොබ් එක. මේ ගෙරියා පන්සලේ නටන නාඩගම අපි දන්නේ නෑ කියලා හිතේ
ReplyDeleteලියපු කෙනා කවුරු වුනත් වැඩේ හරියට කෙරෙනවනෙ. ඒ ඇති
ReplyDelete