ඤානසාර හිමි වෙනුවෙන් අද මහ මළුවේ ලොකු වැඩක්...


සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ආරම්භ කෙරෙන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව, උන්වහන්සේගේ නිදහස අපේක්ෂාවෙන් දළදා මාලිගාව ඉදිරිපිටදී විශේෂ අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටිති.

මේ අතර, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව ප්‍රකාරව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වූ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර කොළඹ මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිවිල් ඇඳුමින් ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් කරයි.

බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය බන්ධනාගාර රෙගුලාසිවලට මෙන්ම බෞද්ධ විනය නීතිවලට ද මුළුමනින්ම පටහැනි බව පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.





Protests Erupt for Release of Ven. Galagodaatte Gnanasara Thera in Kandy

A movement advocating for the release of the incarcerated Ven. Galagodaatte Gnanasara Thera is set to launch today (October 10) at the historic Sri Dalada Maligawa in Kandy. Ven. Ulapanne Sumangala Thera announced that the inaugural step of this campaign will be marked by a significant ritual ceremony in front of the temple.

He further emphasized that this event aims to bring attention to the hope for Gnanasara Thera's freedom and to mobilize support for the cause.

Meanwhile, an appeal has been filed with the Court of Appeal, demanding the release of Gnanasara Thera from what the petitioners describe as unlawful confinement by prison authorities.

This motion, submitted by Ven. Thiniyawala Palitha Thera, identifies several respondents including the Commissioner General of Prisons, Justice Minister Harshana Rajakaruna, the Secretary of the Ministry, and Professor Hiniduma Sunil Senewi, the Minister of Buddhasasana and Religious Affairs.

The petitioners assert that according to Article 9 of the Constitution, it is the government's responsibility to protect and promote Buddhism. They highlighted concerns that the actions taken against Gnanasara Thera violate judicial respect, accusing authorities of planning to present him in civil attire before the Colombo High Court and District Court.

The petition points out that these measures not only contravene prison regulations but also undermine Buddhist disciplinary laws.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. .මේක බෞද්ද රටක් මුස්ලිම් කතෝලික බෝන් අගේන් විජාතික ආගම් එන්න ඉස්සෙල්ලා ඉදන්ම..ඕනෑම රටකට අනන්යතාවයක් තිබෙනවා.....ඈමරිකාවේ ක්‍රිස්තියානි ...සෞඩි වල ඉස්ලාම්.....අපේ උන්ට තමා මේ ඔක්කොම.....මොකද ලන්කාවේ සින්හල බෞද්දයෝ ලෝක චන්ඩි නොවීම.....මුකුත් ඕන නෑ සෞදි වල අරාබි උන් එහෙ වඩකරන අපේ ලමයිනට සලකන හෑටිම ඈති .....

    ReplyDelete
  2. බුද්ධ පුත්‍රයන් මැදුරට වැඩමවලයි රැවට්ටුවේ.සහෝදරයිනි ඔබ කොතනක කොහොමද නවතින්නේ කියලා අපිවත් නොදනිමි.

    ReplyDelete
Previous Post Next Post