හාල් ඇටයක්වත් රටින් ගේන්න ඔ්න්නෑ.. අපි සහලින් ස්වයංපෝෂිතයි...


 මෙරට පොදු පරිභෝජනය සඳහා විදේශයන්ගෙන් සහල් ඇටයක් හෝ ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත මට්ටමක පසුවන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

කුඩාඔය ආශ්‍රිත වාරි ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජැස්මින්, ඇලෙන සුළු සහල් (Sticky Rice) මෙන්ම බාස්මතී වැනි විශේෂිත සහල් වර්ග සුළු ප්‍රමාණවලින් තවදුරටත් මෙරටට ආනයනය කරනු ලබන්නේ මෙරට ස්ථාපිත විදේශ තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ සහ විශේෂිත පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් බවයි.

එම සහල් වර්ග දේශීය වශයෙන් නිෂ්පාදනය නොවන බැවින් එම අවශ්‍යතාවන් වෙනුවෙන් සුළු ප්‍රමාණයක් අඛණ්ඩව ගෙන්වීමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙරට ජනතාවගේ දෛනික ආහාර පරිභෝජනය වෙනුවෙන් පිටරටින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වර්තමානයේ නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, දේශීය සහල් අවශ්‍යතාව මුළුමනින්ම රට තුළින්ම සපුරා ගැනීමට හැකි පරිදි රට ස්වයංපෝෂිත වී ඇති බවත්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්‍යාපෘති සක්‍රීය වීමත් සමඟ එම නිෂ්පාදන ශක්තිය තවදුරටත් තහවුරු වී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.





Sri Lanka Achieves Self-Sufficiency in Rice Production, Says Agriculture Minister

The Agriculture, Livestock, Land and Irrigation Minister, K.D. Lal Kantha, emphasized that there is currently no need to import rice kernels for public consumption in Sri Lanka. The country has now reached a point of complete self-sufficiency in rice production.

Addressing a ceremony to transfer ownership of the Kuda Oya irrigation project to the public, the Minister made this declaration, highlighting recent advancements in local agricultural capabilities.

He further elaborated that while specific rice varieties like Jasmine, Sticky Rice, and Basmati continue to be imported, these imports are solely to meet niche demands for diplomats and specific consumer needs rather than for general consumption.

These specialized rice types are not produced domestically; hence, a limited quantity will still be imported to fulfill these specific requests.

Nonetheless, the Minister underscored that there is no current requirement to import rice for the everyday dietary needs of the people. He confirmed that local production fully satisfies the nation's rice requirements. The activation of irrigation and agricultural projects has solidified the country’s self-sufficiency in rice, further enhancing its production capacity.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ඇමෙරිකාව තුළට ඵල්ලකරනා දරැණු ඥශ්ඨිකප්‍රහාරවල ත්‍රාසජනක අද්දැකීම සඳභා සූදානම් වන්න,.!October 2, 2026 at 5:43 PM



    බටහිර නාසිවාදීන්ගේ බළය සම්පූර්ණයෙන් සුණු විසුනු කර ජය ලබනා තුරැ ඉරාන යුද්ධය කිසිඳු ලෙසකින් අවසන් කිරීමට අවසර නොමැතිබව දැඩි අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. වසුරුකන්ද බේරේ ගූ නෑ රාළලාගේ පජාත බණ්ඩාර වසුරුකන්දOctober 2, 2026 at 6:20 PM

      ඒයි, උඹ මොනවද බන් අදින්නේ? නිකම් ගංජ ඇද්දට නම් ඔය තරම් වදින් නෑ. මෙත් ද? කොහෙන්ද ගන්නෙ? කීයක් වෙනවද?

      Delete
  2. ado...ලාල්කාන්ත...ubage ata 2 රටින් ගේන්න ganna oneda?

    ReplyDelete
  3. මෙහෙම ගියොත් ලොක්කා එල්ලන් ඉන්න OO දෙකත් ඉන්දියාව හරි ඇමරිකා වට හරි සින්න වෙන වා කොන් ද කෙලින් තියන් මෙක ස්වාධීන රටක් ලෙස තීරණ ගන්න

    ReplyDelete
  4. ආරියතිලක

    1948 න් පසු රාජද්‍රෝහී කැරළි තුනක් මධ්‍යයයේ වුව ද, පැවැති ආණ්ඩුවලින් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ක්‍රියා කොට ඇති බව පැහැදිලි ය. 1971 ප්‍රථම හා 1987/88/89 දෙවන ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ත්‍රස්තවාදී කැරැළි දෙක සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අතිශයි කෲර ත්‍රස්තවාදී කැරැල්ල යන රාජද්‍රෝහී ත්‍රස්තවාදී කැරැලි තුනකින් රට විනාශය කරා ගෙන යාමට කටයුතු කළහ. එම අතිශයින් විනාශකාරී, ජවිපෙ හා එල්ටීටීඊ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තක්‍රියාකරම් මධ්‍යයයේ වුව ද, පැවැති ආණ්ඩුවලින් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ක්‍රියා කොට ඇත්තේ ය. අම්පාර ඉගිනියාගලින් ආරම්භ කොට මහවැලි සංවර්ධන ව්‍යාපාරය හරහා රටේ සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට ක්‍රියා කිරීම සැබැවින් ම හාස්කමකි.

    ඒ සඳහා කටයුතු කළ ජාතිමාමක පාලක පාලිත සියලු දෙනාට ම ජාතියේ ගෞරවය හිමි විය යුතු ය. සිහි කළ යුතු ය. පුණ්‍යානුමෝදනා කළ යුතු ය.

    ReplyDelete
    Replies
    1. සහලින් ස්වයං පෝෂිත වුණේ මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2කට පස්සේ. කලින් අවුරුද්දෙත්, ඊටත් කලින් අවුරුද්දෙත් හාල් පිට රටින් ගෙන්වන්ඩ වුණා. කලින් ආණ්ඩු වල කෙරුවාවේ රඟ තමයි ඒ.

      Delete
  5. ලාල් මේ විකාර කතා කියන්න එපා.
    උඹට විතරද හොඳ, ඇයි මම ගානක් කපා ගන්නවට විරුද්දද?

    ReplyDelete
  6. KATIN KIYANA DEYAKDA? EHEMA NATHNAM PUKENDA?

    ReplyDelete
Previous Post Next Post