කොළඹ කොටස් පල්ලමට.. අද පිරිවැටුම බිලියනයක්වත් නෑ..


 කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවේදී ප්‍රධාන මිල දර්ශකයන්හි පහළ යෑමක් සටහන් කරමින් සමස්ත වෙළෙඳපොළ පසුබෑමකට ලක්ව තිබේ.

දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 68.26කින් හෙවත් සියයට 0.33කින් පහත වැටී ඒකක 20,812.64ක් ලෙස සටහන් විය.

එමෙන්ම ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද ඒකක 18.15කින් (සියයට 0.31කින්) පහළ ගොස් දිනය නිමාවන විට ඒකක 5,883.50ක් දක්වා අඩු වී තිබිණි.

දිනය පුරා කොටස් වෙළෙඳපොළ තුළ රුපියල් මිලියන 873.37ක (රු. 873,379,328.35) සමස්ත පිරිවැටුමක් වාර්තා වූ අතර, එහිදී ගනුදෙනු 10,403ක් මඟින් හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 29,937,516කි. වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව ආරම්භයේ සිටම දර්ශකයන්ගේ අඛණ්ඩ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ.





Colombo Stock Market Experiences Decline Amidst Lower Price Indices

The Colombo stock market ended the day on a weaker note, marking a decline in key price indices. The All Share Price Index (ASPI) fell by 68.26 points, or 0.33%, closing at 20,812.64.

Similarly, the S&P Sri Lanka 20 Index, which represents leading companies, also experienced a downturn, decreasing by 18.15 points (0.31%) to finish the day at 5,883.50.

Throughout the trading session, total turnover amounted to Rs. 873.37 million (approximately Rs. 873,379,328.35). A total of 10,403 transactions took place, with 29,937,516 shares exchanged. The market showed a persistent downward trend in indices since the trading period commenced.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්October 2, 2026 at 6:33 PM

    පල්ලමට වැටෙන එක හොඳයි ආයෝජකයන්ට. මොලේ තියෙන මිනිස්සු කොටස් වෙළඳපලේ වැඩියෙන් ආයෝජනය කරනවා කොටස් මිළ හොඳටම වැටුණම, ඊට පස්සේ විකුණනවා මිළ වැඩි වුණාම, වැඩිපුර විකුණන කොට ආයෙ මිළ අඩු වෙනවා, එතකොට විකුණන එක නතර කරණවා, ආපහු මිළ වැඩි වෙනවා, ඔය විදියට තමයි කොටස් වෙළඳපළ කටයුතු සිද්ධ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිOctober 2, 2026 at 6:43 PM

      ඔරුව පෙරලුනහම තම්බියත් කිව්වලු ඔරුවෙ පෙරලුන පැත්ත හොඳයි කියල.

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්October 2, 2026 at 7:13 PM

      තම්බින්ගේ කථා අහලා වැඩක් නෑ, අහලා බලපන්කෝ වොරන් බුෆෙට් ගේ ස්පීච් එකක්, මම කියපු දේ නෙවේද කියලා තියෙන්නේ බලන්ඩ. උඹටත් තුට්ටු දෙකක් හොයා ගන්ඩ ඕන්නම්, කියපු විදියට කරපන්. කොටස් මිළ අඩු වුණාම ආයෝජනය කරපන්, වැඩි වුණාම විකුණපන්, ප්‍රාග්ධන ලාභයට අවංකව රජයට ටැක්ස් ගෙවලා ඉතුරු ටිකෙන් ජොලි කරපන්. ඔන්න ඔහොමයි කෙරෙන්ඩ ඕනෑ. (ඊට අමතරව තමන්ගේ කියලා නමක් හොයා ගනින්, අනුන්ගේ නම් කොපි කරන් නැතුව.)

      Delete
  2. රට හයිටියක් වෙන්න තව ටික දවසයි. ලංකාවෙ ඉන්න එවුන්ගෙන් අහන්නෙ. හිතට එකගව කියන්න දරුවොන්ට හිතේ හැටියට කන්න දෙන්න පුලුවන්ද? ගෝටබය❤මැතිතුමා ගෙ කාලෙ කොරෝනා තිබිලත් කේක් බනිස් ගෙවල් වල හද හද කෑවා. ස්ටාලින් කාක්ක මහින්ද කාක්ක එක්ක ජාත්‍යන්තර කුමන්ත්‍රන කරලා ගුරුවරු පාර පුරා ඇවිද්දුවා. ලංකාවෙ ගුරුවරු හෙන ගොන් කියලා ජාත්‍යන්තර යටත් ගියා. කාදිනල් තමයි මහ මොලකරු.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Real)October 2, 2026 at 7:14 PM

      කේක් බනිස් හද හද කෑවා ලු ගෝඨාභයගේ කාලේ. මයෙ අම්මේ....හ් උඹලා දෙන ආතල්. හයිටිය බයේ හිටියේ බොල ඒකාලේ ලංකාව වගේ වෙයි කියලා.

      Delete
Previous Post Next Post