‘කාවන්තිස්ස’ට වස දීලාදැයි සැකයක්.. ශරීර කොටස් රස පරීක්ෂකට..


 වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ මරණයට කිසියම් විෂ වර්ගයක් ශරීරගත වීම බලපෑවේද යන්න තහවුරු කරගැනීම සඳහා උගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම හස්තියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රන්ජන් මාරසිංහ මහතා තහවුරු කළේය.

පසුගිය ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා දින හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, ඉන් අනතුරුව සිරුරු කොටස් මුළුමනින්ම ගිනිබත් නොකර, වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ඇතුළු ආයතන කිහිපයක් වෙත යොමු කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මරණ පරීක්ෂණයෙන් අනතුරුව හස්තිරාජයාගේ අගනා දළ යුගලය සහිත හිස් කොටස ඉතා සුරක්ෂිත ස්ථානයක වළදැමීමට කටයුතු කළ බවයි. 

අනාගතයේදී එම හිස්කබල සහ දළ යුගලය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව සංරක්ෂණය කර, මෙරට වන අලි උරුමය විදහා දැක්වෙන කෞතුකාගාර ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.





Investigation Launched into Death of 'Kawanthissa' the Elephant

The Department of Wildlife Conservation has announced that it has taken steps to send body parts of the deceased elephant, known as 'Kawanthissa,' to a government forensic expert to determine if any type of poison contributed to its tragic passing.

As part of the ongoing inquiry, the Department has initiated a special internal investigation into the circumstances surrounding the elephant's unfortunate death, confirmed Director General Chandana Ranjan Marasinghe.

An autopsy was conducted on October 17, revealing that the remains would be preserved rather than cremated, allowing for further scientific examinations. Officials have decided to forward the elephant's body parts to the government forensic laboratory, as well as to several institutions, including the Veterinary Faculty of the University of Peradeniya.

The Director General further noted that following the autopsy, efforts were made to securely preserve the skull and valuable tusks of the elephant.

Plans are in place for the scientific conservation of these remains, with the Department of Wildlife aiming to showcase a museum exhibition highlighting the country’s elephant heritage in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post