රජය විසින් ඉදිරිපත් කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' මඟින් මෙරට මාධ්ය නිදහස, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ප්රජාතන්ත්රවාදී වගවීම බරපතළ ලෙස අනතුරේ හෙළන බව පෙන්වා දෙමින්, එම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්ය ව්යාපාරය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.
නිදහස් මාධ්ය ව්යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන උදය කලුපතිරණ සහ හනා ඉබ්රාහිම් යන මහත්ම මහත්මීන් විසින් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
නීතිඥ නිමන්සා මීටියාවෙගොඩ සහ නීතිඥ යශෝධරා ඉල්ලංගසිංහ යන මහත්මීන්ගේ සහාය ඇතිව ජ්යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මඟින් පෙත්සම ගොනු කර තිබේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල යන මහත්වරුන් නම් කර ඇත.
***
මාධ්ය නිවේදනයයි,
යෝජිත ත්රස්ත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නිදහස් මාධ්ය ව්යාපාරයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
යෝජිත ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ’ ඇතැම් ප්රතිපාදන මගින් මාධ්ය නිදහස, ප්රජාතන්ත්රවාදී වගවීම සහ මූලික අයිතිවාසිකම් අඩපණ විය හැකි බවට අනතුරු අඟවමින්, නිදහස් මාධ්ය ව්යාපාරය (FMM) එකී කෙටුම්පතෙහි ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/SD/132/2026) ගොනු කර තිබේ.
නිදහස් මාධ්ය ව්යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන උදය කලුපතිරණ සහ හනා ඉබ්රාහිම් යන මහත්ම මහත්මීන් වෙනුවෙන් 2026 ඔක්තෝබර් 16 දින නීතිඥ නිමන්සා මීටියාගොඩ සහ නීතිඥ යශෝධරා ඉල්ලංගසිංහගේ සහාය ඇතිව ජ්යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල යන මහත්වරුන් නම් කර තිබේ.
පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇති ප්රධාන කරුණු අතරින් මාධ්යවේදීන් අවදානමට ලක්වීම ප්රධාන වෙි. පනතේ 3(1), 3(2) සහ 9 වැනි වගන්ති යටතේ ත්රස්තවාදය සහ ත්රස්තවාදී ප්රකාශන අපැහැදිලි ලෙස අර්ථ දක්වා තිබීම හේතුවෙන්, සාධාරණ මහජන යහපත උදෙසා කෙරෙන ගවේෂණාත්මක වාර්තාකරණයන්හි යෙදෙන මාධ්යවේදීන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ කෝටි දෙකක දඩ ඇතුළු බරපතල අපරාධ චෝදනාවලට ලක්වීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.
මූලාශ්ර රහස්යභාවය අහිමිවීම තවත් අවදානමක් ලෙස නිදහස් මාධ්ය ව්යාපාරය පෙන්වා දෙයි. 15 වැනි වගන්තිය මගින් තොරතුරු වාර්තා නොකිරීම වරදක් කර ඇති අතර, විශ්වාසදායක මාධ්ය මූලාශ්ර හෝ තොරතුරු හෙළිදරව් කරන්නන් (whistleblowers) ආරක්ෂා කිරීමට ප්රතිපාදන නොමැති බැවින් ගවේෂණාත්මක මාධ්යවේදය සම්පූර්ණයෙන්ම අඩපණ කරන තත්ත්වයක් මෙමගින් විද්යාමාන වේ.
හමුදා බලතල සහ තහනම් කලාප පිළිබඳ ගැටලුව, නිදහස් මාධ්ය ව්යාපාරය මතුකර ඇති තවත් ගැටලුවකි. 19, 20, 24 සහ 61 වැනි වගන්ති මගින් ත්රිවිධ හමුදාවට සෙවීම් සහ අත්අඩංගුවට ගැනීමේ පුළුල් බලතල පැවරීමත්, ආරක්ෂක ලේකම්වරයාට තහනම් ප්රදේශ ප්රකාශයට පත් කිරීමට ඉඩ දීමත් නිසා මහජන විරෝධතා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් වාර්තා කිරීමට මාධ්යට ඇති ඉඩකඩ ඇහිරී යන බවටද පෙත්සම්කරුවෝ තර්ක කරති.
මේ හැර නිදහස් මාධ්ය ව්යාපාර පෙන්වා පෙන්වා දෙන තවත් ගැටලුවක් වන්නේ මෙමගින් සිදුවන
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමය.
ඒ අනුව මෙම පනත මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වය, නිදහසේ අදහස් ප්රකාශ කිරීම, සහ ජනතාවගේ පරමාධිපත්යය බරපතල ලෙස උල්ලංඝනය වන බව පෙත්සම්කරුවෝ තර්ක කරති.
මෙම කරුණු පදනම් කරගනිමින් නිදහස් මාධ්ය ව්යාපාරය ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පත සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් මෙන්ම, ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ද අනිවාර්ය විය යුතු බවයි.
Legal Challenge Launched Against Proposed Anti-Terrorism Bill in Sri Lanka
The 'Anti-Terrorism Protection Bill' introduced by the government poses a significant threat to media freedom, the fundamental rights of the public, and the principles of democracy, as highlighted by the Free Media Movement (FMM). In a bold move that questions the constitutionality of the bill, FMM has filed a fundamental rights petition before the Supreme Court.
The petition was put forth on October 16 by prominent members of the FMM's executive committee, Udaya Kalupathirana and Hana Ibrahim. Senior attorney Lakshan Dias spearheaded the filing of the petition, backed by legal professionals Nimansa Meetiyawegedara and Yoshadara Illangasinghe.
Several key figures have been named as respondents in this petition, including the Attorney General, Minister of Justice and National Integration Harshana Rajakaruna, and Minister of Public Security and Parliamentary Affairs Ananda Vijeepala.
At the heart of the petition are alarming concerns regarding the safety of journalists. Provisions within articles 3(1), 3(2), and 9 of the proposed legislation vaguely define terrorism and terrorist expressions, raising fears that journalists engaged in investigative reporting for the public good may face severe criminal charges, including hefty fines and even imprisonment for life.
The FMM further underscores the risk of compromising source confidentiality. Clause 15 of the proposed bill criminalizes the non-disclosure of information, while lacking measures to protect credible media sources or whistleblowers. This scenario threatens to undermine investigative journalism entirely.
Another significant issue raised pertains to military authority and the designation of restricted zones. Provisions under articles 19, 20, 24, and 61 grant extensive powers to the armed forces for search and arrest, enabling the Secretary of Defence to declare areas as prohibited. This situation severely limits media access to report on public protests and human rights violations, according to the petitioners.
Moreover, the FMM suggests that the bill represents a grave infringement of fundamental rights. The legislation threatens to undermine the constitutional guarantees of equality, freedom of expression, and the sovereignty of the people.
Grounded in these arguments, the Free Media Movement is urging the Supreme Court to declare that if this bill is to be passed, it should require a special majority in Parliament as well as public approval through a referendum.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොඳ වැඩේ... ඔය ජෙපි මාධ්ය කාරයෝම තමයි රටට කෙල කරන පච කෙලියේ. දැන් උන්ගේම ආණ්ඩුව උන්ට කෙලවනවා.
ReplyDeleteශ්රේෂ්ඨාධිකරණයට ගියාට වැඩක් නෑ අධිකරණය මාලිමාවට යටත් කරල ඉවරයි. තමුන්ට සාධාරණයක් ඉෂ්ඨ කර ගැනීමට තමුන්ගේ බලය පාවිච්චි කිරීම විතරයි මහජනයාට ඉතුරුවෙලා තියෙන්නෙ. මුං පනත් ගේන්නෙ මුන්ට පුලුවන් තරම් කාලයක් බලයේ ඉන්න මිසක් රටේ යහපතට නෙමෙයි.
ReplyDelete