කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශක ද්විත්වයම පහත වැටීමක් සටහන් කරමින් අද (13) දින ගනුදෙනු නිමාවට පත් විය.
දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 182.58 කින්, එනම් සියයට 0.90 කින් පහත වැටී ඒකක 20,077.48 ක් ලෙස වාර්තා විය.
එමෙන්ම වඩාත් ක්‍රියාකාරී සමාගම් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඒකක 52.93 කින් (සියයට 0.92 කින්) පහළ බසිමින් ඒකක 5,730.10 ක් දක්වා පහත වැටුණි.
අද දින ගනුදෙනු කාලසීමාව පුරා රුපියල් 1,148,747,243.30 ක (රුපියල් බිලියන 1.14 කට අධික) දෛනික පිරිවැටුමක් වාර්තා වූ අතර, හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 78,947,153 කි. දිනය තුළ සිදුවූ මුළු ගනුදෙනු වාර සංඛ්‍යාව 18,441 ක් ලෙස සටහන් විය.
ගනුදෙනු ආරම්භයේ සිටම දර්ශකයන්හි ක්‍රමික පහත වැටීමක් දක්නට ලැබුණු අතර, දිනය අවසන් වන තුරුම එම පසුබෑම අඛණ්ඩව පැවතිණි.
Colombo Stock Market Sees Significant Decline Today
The Colombo stock market recorded a notable drop today (October 13), with both main indices closing lower amid a flurry of trading activities.
By the end of the trading day, the All Share Price Index (ASPI) had declined by 182.58 points, or 0.90%, finishing at 20,077.48 points.
Similarly, the S&P Sri Lanka 20 Index, which represents the most actively traded companies, fell by 52.93 points, equivalent to a 0.92% decrease, closing at 5,730.10 points.
During the trading hours, the total turnover was reported at Rs. 1,148,747,243.30, surpassing Rs. 1.14 billion. The total volume of shares traded reached 78,947,153, with 18,441 transactions recorded throughout the day.
From the onset of trading, a steady downtrend in the indices was observed, and this decline continued unabated until the market closed.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
