ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ක්‍රියාත්මක කරන ලද කාර්යභාග ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය යළි සමාලෝචනය කිරීමටත්, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් එම සංගමය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරන්නේ, එළැඹෙන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමදක්වා මෙම අත්හිටුවීම බලපැවැත්වෙන බවයි. කෙසේ වෙතත්, මෙම තාවකාලික ක්‍රියාමාර්ගය හේතුවෙන් සංගමය සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නීතිමය ස්ථාවරත්වයට කිසිදු හානියක් සිදු නොවන බවද අවධාරණය කර ඇත.
පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වූ දැඩි විරෝධතා, ප්‍රතිචාර සහ කරුණු දැක්වීම් ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ACPOSL සංගමය පවසයි.
එමෙන්ම, මෑතකදී ඇති වූ තත්ත්වයන් හේතුවෙන් මහජනතාවට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව සිය කනගාටුව පළ කරන බවත්, මාධ්‍ය හමුවලදී සිදු වූ ඇතැම් ප්‍රකාශ මඟින් කිසියම් හෝ පාර්ශ්වයකට අගතියක් හෝ සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්ද කනස්සල්ල පළ කරන බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සංගීත නිර්මාණකරුවන්ට සහ ප්‍රකාශකයන්ට සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් තිරසර ගෙවීම් පද්ධතියක් ගොඩනැගීම මෙන්ම සමස්ත විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයට සහාය වීම තම අරමුණ බව පෙන්වා දෙන සංගමය, යෝජිත බලපත්‍ර රාමුව හා ගාස්තු සංශෝධනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.
එම සාකච්ඡාවලින් අනතුරුව සකස් කෙරෙන සංශෝධිත රාමුව නොවැම්බර් මස පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජික අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත්, අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ කිරීමෙන් පසු එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බවත් ACPOSL සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
ACPOSL Suspends Licensing Procedures Amid Industry Protests
The Association of Sri Lankan Music Creators and Disseminators (ACPOSL) has decided to temporarily suspend its operational fee collection system and licensing procedures following intense protests and reactions from various stakeholders in the entertainment sector. This decision comes as part of a comprehensive review of its processes.
In an official statement, the Board of Directors of ACPOSL announced that this suspension will remain in effect until the conclusion of their annual general meeting scheduled for November. The association has emphasized that these temporary measures will not adversely affect its rights, ethical practices, or legal standing.
The action is a direct response to significant criticisms levied at the organization in recent weeks. ACPOSL noted that a careful consideration of the diverse viewpoints presented by various quarters of the entertainment industry prompted this decision.
Expressing regret for any inconvenience caused to the public due to recent circumstances, the association also acknowledged concerns raised in media interactions, indicating a commitment to addressing any unintended perceptions or impacts.
ACPOSL aims to establish a fair and transparent payment system for music creators and distributors while supporting the ongoing growth of the entertainment sector. It plans to initiate formal discussions with all industry stakeholders regarding proposed amendments to the licensing framework and fee structures.
Following these discussions, the revised framework will be presented for member approval at the upcoming general meeting in November. The association further intends to ensure that all necessary legal procedures are completed before publishing the revised framework in the government gazette.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


දැන් මොන තීන්දුව ගත්තත් ජනතාව උඹලව ප්‍රතික්ෂේප කරල ඉවරයි.දැන් ඉස්සරහට කිසිම සංගීත සංදර්ශනයක ඔය ඉන්න දෙසිය හතළිස් පස්දෙනාගේ සම්බන්ධයක් තියෙන සිංදු ඇහෙන එකක් නෑ.
ReplyDelete