ඥාණසාර හිමිට සමාව දුන්නේ මහනාහිමිවරුන්ගේ ඉල්ලීමටයි.. එහෙම සිවුර ගලවා හිරේ දාන්න බෑ..


 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති ඒ මහතා, විනය පිටකයට අනුව භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ බලය ඇත්තේ අදාළ නිකායට පමණක් බව අවධාරණය කරයි.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කිසිවිටෙකත් ඥානසාර හිමියන් සිරගත කිරීමට හෝ සිවුරු ඉවත් කිරීමට අපේක්ෂා නොකළ බවත්, උන්වහන්සේට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

අධිකරණ තීන්දුව ප්‍රකාරව ඥානසාර හිමියන්ව බන්ධනාගාරගත කළ අවස්ථාවේදී, උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට පෙර අධිකරණ අමාත්‍යාංශය විසින් මහානායක හිමිවරුන්ගේ අදහස් විමසීමට කටයුතු කළ යුතුව තිබූ බවත්, තීරණයක් ගත යුතුව තිබුණේ ඉන් අනතුරුව බවත් වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම නඩුව ගොනු වූයේ යහපාලන ආණ්ඩු සමයේ බව සිහිපත් කළ හෙතෙම, එම අවස්ථාවේදී ද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත එවකට ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට සමාව ලබාදුන් බවත්, මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත මීට පෙර නිදහස ලැබූ හිමිනමකට අද වෙනස් අයුරකින් සැලකීම කෙසේ සිදුවූවක් දැයි ප්‍රශ්න කරන බවත් කියා සිටියේය.

මෙය සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස පමණක් සලකා ක්‍රියා කළ නොහැකි බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා, රටේ මහානායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක් බැවින් ආණ්ඩුවට මෙම ගැටලුව පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර හෝ වෙනත් යෝග්‍ය ක්‍රමවේදයකින් විසඳීමට අවස්ථාව තිබූ බව ද අවධාරණය කරයි.

මේ අතර, මෙම සිදුවීමට අදාළ නීතිමය පසුබිම ඇතුළත් සවිස්තරාත්මක ප්‍රකාශයක්, අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු සිදුකිරීමට නියමිත බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.






UNP Chairman Condemns Removal of Monastic Attire as Grave Challenge to Buddhism

The removal of the sacred robe of Venerable Galagodaaththe Gnanasara Thera has sparked significant controversy, with United National Party (UNP) Chairman Vajira Abeywardena labeling the act as a serious challenge to both Buddhism and religious freedom. He emphasized that this action severely undermines the 9th and 10th clauses of the Constitution.

In a statement detailing the party's position, Abeywardena reaffirmed the authority to remove a monk's robe rests solely with the respective religious order. He argued that major spiritual leaders, such as the Maha Sangha, have never sought the imprisonment or robe removal of Ghansara Thera, highlighting that a letter was sent to the President requesting clemency on behalf of the monk.

Discussing the judicial process, Abeywardena pointed out that before the court’s decision to imprison Gnanasara Thera, it was imperative for the Ministry of Justice to consult with the Maha Sangha regarding the robe’s removal. He stressed that decisions should have been made only after soliciting their views.

Reminding the public that the case was filed during a previous governance, he noted that the then-President had granted a pardon to the monk at the Maha Sangha's request. This raised questions on how the current approach to the monk differs in treatment from the past.

Abeywardena asserted that the issue transcends standard legal procedures, emphasizing that since it involves a prominent request from the Maha Sangha, the government should have engaged with Parliament or pursued other appropriate avenues to address the situation.

In light of recent developments, the UNP has indicated that a detailed legal statement concerning this incident will be prepared following the arrival of Executive President Ranil Wickremesinghe, aiming to clarify the legal backdrop surrounding the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. හුසේන්ගේ කොටලු කොට පිස්සු බල්ලට නොහොත් තඹුත්තේගම පාදඩයාට මේවා තේරෙන්නේ නෑ බොලව්.. තිරිසනා හපා හපා වටේ දුවනවා

    ReplyDelete
    Replies
    1. 2018 gandassaraya athule hitiyeth kaha redda nathuwa thamai,

      anika gandassar balla short dagena arakku gahala accident karaddi uba ranige polla kate thiyanda hitiye

      Delete
  2. මෙතන බරපතළ ප්‍රශ්නය ආන්ඩුව විතරක් නොවේ. ආන්ඩුවේ ඕනෑ එපා කම් වලට වහලුන් ලෙස අධිකරණ තීන්දු දෙන හොර විනිසුරු වරුන් මේවාට වග කියන්න ඕනෑ. වංචනික විනිසුරු වරුන් කොතරම් වැරදි තීරණ දීලා ඇතිදැයි මිනිසුන් දැන් සැක කරනවා.

    ReplyDelete
  3. Thalatha athukoralage parana vidio tika hoyala balanna. eya ewaye kiwuwua gnanasara hamuduruwanta jumper eka andawanawa kiyala. dan enawa babala wenna. minissu marila ipadune ne. boru kara hatththa.

    ReplyDelete
  4. බංගලිදේශයේ මෙවැනි නොසන්ඩාල වැඩක් කරා නම් සියලු කලු කෝට් කාක්කන් මේ වනවිටත් සබ්බුව කාලා ඉවරයි. ඔවුන්ගේ ආගම් වලට අත තියන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ

    ReplyDelete
  5. Pala .siweren pannala hari Haman Maja nayaka hitiyanam

    ReplyDelete
  6. ඥාණසාර හාමුදුරුවන්ට සමාව දුන්නේ එජාපෙන් නෙමේ. මෛත්‍රීපාල වෙනම.
    උඹලා තමයි යහපාලනෙන් බලු විදියට නඩු අහලා රණවිරුවො හිරේ දාන්න හැදුවේ.
    ඥාණසාර හාමුදුරුවො ඒකට විරුද්ධ වුනේ. එදා හෝමගම අධිකරණේ නඩු ඇහුවේ රංග දිසානායක. එයා තමයි දැන් අල්ලස් කොමිසමේ ලොක්කා. එයා තමයි නඩුවක් දැම්මේ ඥාණසාර හාමුදුරුවොන්ට විරුද්ධව. ඥාණසාර හාමුදුරුවො හිරේ දාන තීන්දුව දුන්නේ ප්‍රීති පද්මන් සුරසේන. එයා තමයි අද අගවිනිසුරු. කොහොමද ඔයාලගෙයි මාලිමාවෙයි සම්බන්ධකම්. දැන් එනවා බබා පාට් දාන්න. අනේ නිකන් පලෑන් ඩෝ යන්න.

    ReplyDelete
  7. කාපිරි ලපයා කාදිනල්ගේ කීමට හාමුදුරුව හිරේ දැම්මා. මුන් බුද්ධාගමට අත තියලා හදන්නේ තිබ්බ 3% නැති කරගන්නයි. මේ ආණ්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඒ කාලේ ඉදලම කරපු වැරදි හොයන්න කොමිෂමක් පත් කරලා, පවතින ආණ්ඩුවට එරෙහිව කැරලි ගැහීම, මිනිමැරීම, රාජ්‍යය දේපොළ ගිනි තැබීම වගේ වැරදි වලට වරද කරුවන් කරලා ඔක්කොම ටිකව එල්ලා මරන්න ඕනේ ආයි කොමියුනිස්ට් ආණ්ඩුවක් ලංකාවේ කවදාවත් බිහි නොවෙන්න. මෙතෙක් හිටපු හැම දේශපාළකයාගේම වැරදි මේවා. මුන් ජෙප්පෝ තියාගෙන උන්ව හුරතල් කර කර උන් ලවා තමන්ගේ වැඩ කරගත්තා. එකෙක් හිතුවේ නෑ බෝල්ෂෙවික් ජෙප්පෝ තමන්ගේ පිටට පිහියෙන් අනියි කියලා.

    ReplyDelete
  8. මුන්ට බුද්ධාගම අජීර්ණ වෙලා.

    ReplyDelete
Previous Post Next Post