භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහා කළේ අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළේය.
මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා,
“ වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පණවන නිත්‍ය නියෝග මගිනුයි
මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.එම නිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ. පොදු සිරකරුවන් පිළිබඳ තමයි සෑම විටම අවධානය යොමු කර තිබෙන්නේ.
බන්ධනාගාරයට එන පිරිස් ආකාර දෙකකට ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය; එනම් අධිකරණයකින් වැරදිකරු වී දඬුවම් නොලැබූ අයයි. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. හැබැයි අධිකරණයෙන් වරදකරු වී සිරකරුවන් බවට පත් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. එහිදී බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලෙස ආකාර දෙකක් තිබෙනවා. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරාගැනීමට පුළුවන් වුවත්, බරපතල වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරයෙන් ලබා දෙන නියමිත ඇඳුම භාවිතා කළ යුතුයි.මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ එම නීතියට අනුවයි.
ඒ අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලා යොමු කළ ලිපිය අනුව ප්රශ්නය පැන නගින්නේ සිරගතව සිටින ආකාරයට වඩා, උන්වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදීයි. අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම අපි එය සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද බන්ධනාගාරය ඇතුළත විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වීමට පටන් ගන්නවා.
මේ අයව බැහැරට රැගෙන ඒමේදී පැවති ක්‍රියාපටිපාටිය තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත්, දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා ඇතැම් භික්ෂුන්වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදු වෙනවා.දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවෙයි.
බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ දැනට පවතින නීති සහ රීති පද්ධතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කර වැඩක් නැහැ.
ඊයේ දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව මම පිළිගන්නවා.හැබැයි සිදු වු ක්‍රියාදාමය මෙයයි.
නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර් ඓතිහාසික දේවල් නෙවෙයි; නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව අපේ හාමුදුරුවනේ, මම කැමති නැහැ නීති එසේ තිබියදී, මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී "නීතිය යනු පාලකයාගේ කැමැත්තය" කීවත්, මාගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ.
නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම මිස, අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි. ඒ නිසා මේ තිබෙන රෙගුලාසි සහ බන්ධනාගාර නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. මෙවැනි සංවාදයකදී තමයි මෙවැනි කරුණු මතු වන්නේ. හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්වයකදී මිස භික්ෂුන් වහන්සේ උදෙසා විශේෂ රෙගුලාසි අඩුයි.
භික්ෂුන් වහන්සේ සිරගතවනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා.එම නිසා, බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව රීති සම්පාදනය කරගත යුතුයි.එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළ විය යුතුයැයි” ජනාධිපතිවරයා පැවසීය.
මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ මහා නායක හිමිවරුන් වෙනුවෙන් මෙහි වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත කෘතඥතා පූර්වක ආශිර්වාදය පළ කළහ.
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය කොන්ගස්තැන්නේ ආනන්ද හිමිපාණන් වහන්සේ යන ත්‍රයි නිකායික මහා සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
President Proposes Committee to Revise Prison Regulations
In a significant move towards reforming the treatment of monks within the prison system, President Anura Kumara Dissanayake announced the formation of a committee aimed at revising existing laws governing their confinement and release procedures. During a special discussion held today at the Presidential Office, he emphasized the necessity of aligning outdated regulations with contemporary realities.
The committee will comprise representatives from the Attorney General's Department, the Ministry of Justice, the Ministry of Public Administration, the Ministry of Buddhist Affairs, prison officials, and the Chief Prison Commissioner. Tasked with conducting an in-depth study and proposing amendments within two weeks, the committee’s discussions will involve consultations with relevant Buddhist organizations to ensure the reforms reflect the unique circumstances affecting monks.
President Dissanayake made it clear that he is not prepared to issue directives for individuals without proper legislative backing. He underscored the importance of updating the law appropriately, rather than relying on current statutes that he noted are no longer suitable for today's context.
This gathering with senior Buddhist leaders came in light of a recent incident involving a noted monk, Galagodaaththe Gnanasara Thero, whose transfer to court while wearing alternative clothing rather than his robes caused considerable unrest and concern within the Buddhist community. The discussion also aimed at addressing societal reactions and formulating proactive measures to prevent similar occurrences in the future.
Highlighting the limitations of the current prison regulations, the President pointed out that existing laws, particularly those stemming from the Prison Ordinance established in 1877 and subsequently amended, have consistently prioritized the treatment of the general inmate population over that of monks and other religious figures. He advocated for a more balanced and inclusive approach in future regulatory frameworks.
“Our existing prison administration is governed by laws that are over a century old,” said Dissanayake. “While the amendments throughout the years have provided some flexibility, the regulations mainly focus on ordinary prisoners, frequently neglecting the unique needs of monks.”
He noted that inmates fall into two categories: remand prisoners not yet convicted and those sentenced by the courts. In the case of remand monks, discussions around their specific situations remain uncommon; however, circumstances drastically change once they are classified as convicted felons. For serious offenses, prisoners must adhere strictly to standard prison attire while those sentenced for lesser offenses are allowed to choose their attire with the warden’s consent.
Referring to the letter directed to the Chief Prison Commissioner by various Buddhist leaders, Dissanayake expressed the dilemma regarding the treatment of monks—especially during their release from prison. He stated that immediate attention should be given to regulations concerning their appearance in public and court settings.
“The process during which these individuals are escorted out draws media and public scrutiny, which is something we cannot overlook,” he urged.
Reflecting on the deep-seated emotional impact on the Buddhist community regarding monks facing incarceration, the President reaffirmed his commitment to leading an initiative that does not merely address individual cases, but rather seeks to reform the system holistically. He acknowledged the urgent need for updated regulations that purposefully account for the distinct roles and statuses of monks within society.
In attendance were several dignitaries, including the Ministers of Buddhasasana, Religious and Cultural Affairs, and Justice and National Integration, along with prominent members of the three main Buddhist sects in Sri Lanka, illustrating the collaborative effort towards this critical reform initiative.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇයි රන්ජන් රාමනායක වෙනුවෙන් නීතිය නැව්වේ?
ReplyDeleteබෝම්බ ගහපු 24න් 9 දෙනෙක්ම නිදහස් කරේ නීතිය පුලුවන් තරම් නවලා තමයි.
ReplyDeleteඅම්මට සිරි සුද්දෝ දන්නවනම් 1815
ReplyDeleteමුන්ව උපදේසක මනදලේට ගන්නවා
හාමුදුරුවන්ට අහන්න බැහැනෙ උඹ ත්‍රස්තවාදී වැඩ කරල සිවුරක් දාගෙන හිටිය නේද කියල?
ReplyDeleteභික්ෂූන් වහන්සේ 63 නමක් සිර ගතව නෑ. අතීතයේ භික්ෂූන්ව සිටි 63 නමක්, පාරාජිකාවට භාජනය වන වැරදි සිදු කිරීමෙන් අනතුරුව, එම වැරදි නෛතිකව ඔප්පු කොට, සිරගත කොට තිබෙනවා. පාරාජිකා වූ භික්ෂූව, සිවුර ඇඳගෙන හිටියත්, හෙතෙම භික්ෂුවක් වෙන්නේ නෑ. ඒ නිසා එම පූර්වයේහි භික්ෂූන් වූ, පසුව පාරාජිකා වී සිරගතව ඇති පුද්ගලයින් 63 දෙනා පිළිඹඳ තීරණය කරණ ආකාරයෙන් ත්‍රස්ථවාදයට එරෙහිව කටයුතු කල උපසපන්, පණ්ඩිත ඥාණසාර හිමියන්ට සැලකීම අපි ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
ReplyDeleteනීතිය අන්ධ වීම යනු සියලු දෙනා ඉදිරියේ නීතිය සමාණව ක්‍රියා කිරීමයි. නීතියේ අන්ධ භාවය නිරූපණය කරන්නේ තීමිස් දෙවඟනගෙන්. ඇය දෑස් බැඳගත් බුද්ධිමත් දිව්‍යාංගනාවක් මිස, දෑස් බැඳ ඇති එළදෙනක් නෙවේ.
නමුත් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේදී මෙම තීමිස් දෙවඟනගෙන ශ්‍රී ලංකාව පිළිඹඳ ප්‍රාමාණික අවබෝධයක් නැති හෙයින් දෙනෙත් බැඳගත් එළදෙනක් වී තිබෙනවා. ඒ නිසා තමයි නීතිය නිසි ප්‍රකාර සැකසීම සඳහා පාර්ලිමේන්තුව තිබෙන්නේ. පාර්ලිමේන්තුවට වග නොකියන ජනාධිපති ධූරයක් 1977 ව්‍යවස්ථාවෙන් සෑදීමේ ප්‍රායෝගික අරමුණ තමයි පාර්ලිමේන්තුව නොමනා කටයුතු කිරීමට තැත් කලහොත් එය නතර කිරීම, අධිකරණය අනීතිකව කටයුතු කලහොත් එය නතර කිරීම, නීතියේ දුර්වලතා ඇති අවස්ථා වලදී ප්‍රායෝගිකව ස්ථානුකූල විසඳුම් ලබා දීම සහ, නීතියේ කුළුණු තුනෙන් එකක් වන විධායකය විසින් සෙසු කුළුණු ද්විත්වය වන ව්‍යවස්ථාදායකය හා අධිකරණය සම්භන්ධීකරණය කිරීම.
මෙම සිදුවීමේදී විධායක ජනාධිපති ධූරය නිර්මාණය කිරීමෙන් අපේක්ෂා කල නීතියේ දුර්වලතා ඇති අවස්ථා වල ප්‍රායෝගික විසඳුම් ලබා දීම කියන කොටස නිසි ප්‍රකාරව ඉටු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත්ව තිබෙනවා. එබැවින් ඔහු ඔප්පු කොට තිබෙනවා තමන් ධූරය දැරීමට නුසුදුසු බව.
ඔය ටික අහගන්නනෙ ගියේ. තවත් ප්‍රමාද නොවී මහා සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස මහා සංඝ රත්නයෙන් ඉල්ලා සිටිමු.
ReplyDeleteහඃ හඃ හා
ReplyDeleteචෞරසේන පාස්ටර් තුමා ගැන නීතිය නැව්වේ කෝ..ම...ද....
දැල් ෂෙ ..ප...දා....
නායක ස්වාමීන් වහන්සේලා වැඩම කලේ නෑ, අනුනායක, ලේඛකාධිකාරී, හෝ නියෝජ්‍ය ලේඛකාධිකාරීන් වහන්සේලා තමයි වැඩම කලේ.
ReplyDeleteශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේ ගැන ද කිව්වේ?
ReplyDeleteAnura Kumarage eta deka kapamuda?
ReplyDeleteනෑ..හ්, කලු කොට කැත දෙමල මූනට.
ReplyDeleteසුද්දෝ දන්නවනම් 1815
ReplyDeleteමුන්ව උපදේසක මනදලේට ගන්නවා
මොකද මූ ගාවට මූට සිංහල ලේ නෙමෙයි තියෙන්නේ මූ කලවං අනිත් සේරටම මූට ඕන විදියට නීතිය නවනවා
ReplyDeleteමිනිස්සු උඩ පැනලා ඡන්දෙ දීලා රටට කරගත්ත වින්නැහියක්...පවුනේ ඉතින් මූටත් දීලා බලමු කියල ...අන්තිමට ඉතිහාසයේ කවදාක්වත් නැති ජරාම ජරා පාදඩ අවලංගුයි කාලකන්නි, මිනීමරු ජෙප්පො රැලක් බලයට පත්වුණා.....දැන් රටත් ඉවරයි අපේ ජාතියක් ඉවරයි.....
ReplyDeleteකොහෙද හිටපු කාලකන්නි කැනහිල්ලු ටිකක් බලයට පත්කරුවා මෝඩයෝ....ජාතියක් ජන්මයක් නැති ආගමක් නැති....හිවල් උ ටිකක්...දැන් ඉතින් බලාපල්ලා ජාතියක් ඉවරයි. ආගමක් ඉවරයි. රටත් ඉවරයි....
ReplyDeleteලපයා කාඩිනල් කොටි ඩයස්පෝරා උන් එක්ක එකතු වෙලා යුද්දේ නවත්තපු හමුදාවටයි ...යුද්දෙට නායකත්වය දුන්න මහින්ද ජනාදිපති තුමාටයි දඩුවම් කරන එක තමා කරන්න යන්නේ ....
ReplyDelete