කොළඹ කොටස් අද විශාල පල්ලමකට..


 කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශක දෙකෙහිම කැපී පෙනෙන පහත වැටීමක් අද (08) දින ගනුදෙනු අවසානයේදී වාර්තා විය.

ඒ අනුව, සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 283.21 කින් (සියයට 1.38 කින්) පහත වැටී දිනය අවසානයේදී ඒකක 20,234.34 ක් ලෙස සටහන් විය.

එසේම, මෙරට ප්‍රමුඛතම සමාගම් නියෝජනය වන S&P SL20 දර්ශකය ද ඒකක 53.84 කින් හෙවත් සියයට 0.93 කින් පහළ ගොස් ගනුදෙනු අවසන් වන විට ඒකක 5,762.56 ක් ලෙස වාර්තා වී තිබේ.

මිල දර්ශකවල මෙම පසුබෑමක් දක්නට ලැබුණ ද, වෙළෙඳපොළ තුළ රුපියල් බිලියන 2.74 ක (රු. 2,741,068,421.85) සැලකිය යුතු දෛනික පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

අද දිනය තුළ සමස්ත ගනුදෙනු 19,147 ක් සිදුව ඇති අතර, එහිදී ගනුදෙනු වූ මුළු කොටස් පරිමාව 72,903,150 (මිලියන 72.9 ඉක්මවා) ක් ලෙස සටහන් විය.





Significant Drop Recorded in Colombo Stock Market Indices

Today, the Colombo stock market witnessed a notable decline in its key price indices at the close of trading on October 8.

The All Share Price Index (ASPI) fell by 283.21 points, or 1.38%, ending the day at 20,234.34 points compared to the previous day.

Similarly, the S&P SL20 Index, representing the leading companies in the country, saw a decrease of 53.84 points, or 0.93%, finishing at 5,762.56 points.

Despite this drop in the indices, the market recorded a significant daily turnover of Rs. 2.74 billion (Rs. 2,741,068,421.85), marking a noteworthy aspect of today’s trading activity.

Throughout the day, a total of 19,147 transactions were executed, with the aggregate volume of shares traded reaching 72,903,150, surpassing the 72.9 million mark.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 7:04 PM

    බොහෝම හොඳයි, දැන් බුද්ධිමත් අය පුළුවන් තරම් ආයෝජනය කරන්න, එතකොට මිළ වැඩි වුණාම ආපහු විකුණලා ලාභ ගන්ඩ.

    ReplyDelete
Previous Post Next Post